💕08

275 47 6
                                    

"Mr. Kim නම් ගොඩාක් හොඳයි. එයා කම්පැනි එක හැන්ඩ්ල් කරපු විදිහ, කන්ට්‍රැක්ට්ස් ගැන අකුරටම බලපු විදිහ... ඒ විදිහට නම් වෙන කවුරුත් කරන්නේ නැහැ.. Mr. Tae නම් දැන් හොඳට කරනවා..හැබැයි ඉතින් කිම් සර්ගේ තරමට නැති වෙයි කියලයි මට නම් හිතෙන්නේ......."

"හ්ම්ම්....ඒක නම් ඇත්ත කිම් සර් නම් හරිම හොඳයි. එයාගේ වැඩත් නීට්. ඇයි කවුද රස්සාවක් නැතුව ක්ලබ් එකක වැඩ කර කර හිටපු පොඩි කෙල්ලෙක්ටත් කිම් සර් මෙහෙ රස්සාවක් දුන්නාලු නේද?....."

"අහ් ඔව්. ඒ අර යූනා නේහ්......"

කොරිඩෝව දිගේ ඇවිදන් ගිය ජිමින්ට කැන්ටින් එක පැත්තෙන් ඇහුනේ ඔය වගේ සංවාදයක්. ඒක ඇහුන වෙලේ ජිමින්ට මතක් වුනේ ටේ ටේගේ අප්පාටත් ඉස්සර ඔම්මා කිව්වේ mr. Kim කියලා නේද? කියන එක...

🐥mind

" එතකොට දැන් මේ කට්ටිය කතා කරන්නෙත් ඒ mr. Kim ගැනද නැත්නම් වෙන කෙනෙක් ගැනද?... මෙයාලගේ කිම් සර් මං හොයන කෙනා නම් ඒ මේ කිම් හෝල්ඩර්ස් එකේ හිටඋ ceoද?... එතකොට දැන් ceo කියන්නේ.....කිම් ටේහ්‍යුන්ග්....එයා mr. Kim ගේ පුතා වෙන්න ඕනි...ඔම්මාගෙන් අහන්න ඕනි ටේ ටේගෙ අප්පාගේ නම, කම්පැනි එකේ නම, පෙනුම ගැන විස්තර ටිකක්..."

Author pov,

ටේ ටේගේ අප්පාගේ විස්තර ටිකක් අම්මගෙන් අහලා දැනගන්න ඕන කියලා හිත හිත ජිමින් සන්වූ එක්ක ටේගේ කැබින් එකටම ආවා. ටේ හිටියේ ඒ වෙලාවේ එයාගේ ceo පුටුවේ ඉදගෙන මේසෙට බර වෙලා ෆයිල් එකක් බලන ගමන්. සන්වූ දොරට තට්ටු කලේ ඇතුලට එන්න ටේගෙන් අවසර ලැබෙනකන්....

(කවුරු ආවත් තමන්ගේ ලොක්කට සේවය කරන්න, ගරු කරන්න එපැයි.)

ටේගේ අවසරෙත් එක්කම ඇතුලට ආපු සන්වූ ජිමින්ට ඇතුලට එන්න ඉඩ දුන්නා...ඒත් එක්කම ඇතුලට ආපු ජිමින්ව ටේ ඇතුලට පිලිගෙන ඉදගන්න කිව්වා...ජිමින්ගේ හිතේ දැන් තියෙන්නෙ මේ ඉන්නේ එයාගේ යාලුවා ටේ ටේද කියලා...ටේ ගේ පෙනුම හැසිරීම දිහා එයා අවදානේ දුන්නා...මින්හෝ ලග ඉන්න නිසා හොඳයි... නැත්නම් ඉතින් කන්ට්‍රැක්ට් එක කරන්න වෙන්නෙ නැහැ...ඔහොම ඉන්නකොට ජිමින්ට මතක් වුනේ අර පැන්සල...එයා බැලුවා ඒක ඒ පෙන්සිල් හෝල්ඩර් එකේ තියෙනවද කියලා... ඒත් ඒක එතන නැහැ, මොකද ටේ ඒක පරිස්සමෙන් ලාච්චුවේ දාල අරන් තිබ්බා...

Few moments later..

කන්ට්‍රැක්ට් එකේ වැඩ ඔක්කොම කතා කරගෙන තමන්ගේ අපාර්ට්මන්ට් එකට ආපු ජිමින් සැහැල්ලු ඇදුමකට මාරුවෙලා සෝෆා එකේ ඉද ගත්තේ ෆිල්ම් එකක් බලන්න..

ෆිල්ම එක බලලා ඉවර වෙලා ජිමින් දවල් කෑමත් ඔර්ඩර් කරලා ගෙන්නගෙන කාලා ඔම්මට කෝල් කරන්න ලෑස්ති වුනා.

🐥 "යොබුසයෝ ඔම්මා..."

"යොබුසයෝ..ඔහ් අදල්ට මාව මතක් වෙලා වගේ..."

🐥 "අයිගෝ ඔම්මා තමන්ගේ ඔම්මාව අමතක වෙන්නේ නැහැනෙහ් අදල් කෙනෙක්ට.."

"ඒකනෙහ් ඉතින් අදල් කොහොමද? කෑව
හ? සෝල් හොඳයිද?.. කන්ට්‍රැක්ට් එකේ වැඩේ කොහොමද?"

🐥 "දේ ඔම්මා මං හොදින් ඉන්නවා. මං කෑවා ඔම්මා.. ඔම්මා කෑවද? සෝල් නම් මාරම ලස්සනයි ඔම්මා..කන්ට්‍රැක්ට් එකත් හොඳටම කරගෙන යනවා. මේ කම්පැනි එකේ චෙයාර්මන් අපිට ගොඩාක් උදවු කරනවා. එයා හරිම ඇක්ටිව්. ඔක්කොම හොයලා බලලා කරනවා.."

" මං කෑවා.. එහෙනම් හොඳයි. ඒ වගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් හම්බුන එක..."

🐥 " ඒක නෙමෙයි ඔම්මා මං මේ කෝල් කලේ ඔම්මාගෙන් දෙයක් අහන්න.."

" කියන්න මොකක්ද අදල්.."

🐥 " මේකයි ඔම්මා. ඔම්මාට මතක්ද ඉස්සර මං එක්කම හිටපු අර අපේ එහා ගෙදර පදිංචි වෙලා හිටියේ ටේ ටේ..."

" ආහ් ඔව් මතකයි.. වේ."

🐥 " ඔම්මා එයාගේ අප්පා ගැන විස්තරයක් මුකුත් දන්නවද? නම, එයාගේ කම්පැනි එකේ නම වගේ ටිකක්"

" අපෝ මට මතකයි අදල්.. එයාගේ නම නම් අපිට කියලා තියෙන විදිහට mr. Kim.. ඒ වගේම එයා ඔහේ සෝල් වල ලොකූ කම්පැනි එකක අයිතිකාරයෙක්...."

--------------------------------------

ඇතිනේ මෝචිස්...

පොඩි චැප්ටර් තමයි ඉතින්.....

ඔයාලගේ අදහස් කියන් යන්න....

මං කවර් එක වෙනස් කරනවා...

මං කවර් එක වෙනස් කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොදයි නෙහ්...

කතාවත් එක්ක ඉන්න, වෝට් කරන හැමෝටම තැන්කූ....

❤️❤️😘😘













𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now