💕09

290 46 16
                                    

"අපෝ මට මතකයි අදල්.. එයාගේ නම නම් අපිට කියලා තියෙන විදිහට mr. Kim.. ඒ වගේම එයා ඔහේ සෝල් වල ලොකූ කම්පැනි එකක අයිතිකාරයෙක්...."

-------------------------------------

🐥"අහ් හරි ඔම්මා...කුමාවෝ"

"අදල් මොකෝ එක පාරටම mr. Kim ගැන ඇහුවේ. ටේ ටේ ගැන මොනාහරි ආරංචි වුනාද?"

🐥"තාම නැහැ ඔම්මා. ඒ ගැන සැක හිතෙන විදිහේ දේවල් ටිකක් වුනා. ඒ නිසා තමයි මං ඔම්මාගෙන් ටේ ගේ අප්පාගේ නම ඇහුවේ. මං කොහොම හරි ටේ ටේව හොයාගෙන ඔම්මාට කියන්නම්කෝ...එහෙනම් මං තියනවා ඔම්මා..අන්න්‍යොං....පරිස්සමින් ඉන්න.."

"හරි අදල් ඔයත් පරිස්සමින් ඉන්න...අන්න්‍යොං.."

Author pov...

ඔම්මත් එක්ක කතා කරපු ජිමින් ටේ ටේගෙ අප්පා ගැන විස්තරයක් දැන ගත්තා..ඒ ටේ ටේගේ අප්පාගේ නම mr. Kim බවත්, එයා සෝල් වල ලොකු කම්පැනි එකක ඕනර් කෙනෙක් කියලත්....

ජිමින් ඒ ගැන හිත හිතම නින්දට ගියේ හෙට දවසේ කොහොම හරි mr. Kim ගැන තහවුරු කරගන්න ඕන කියන අධිෂ්ඨානත් එක්ක.

Next day....

උදේම ඇහැරුනු ජිමින් වොශ් දාගෙන එයාගේ ඔෆිස් කිට් එකට (කලු කෝට් එකයි, කෝට් එකට යටින් සුදු ශර්ට් එකයි, කලු දිග ට්‍රවුසර් එකයි, කලු සපත්තු දෙකයි) මාරු වෙලා මින්හෝත් එක්ක උදේම පිටත් වුනා. ජිමින් මෙහෙම වේලාස්සනම යන්න පිටත් වුනේ එදා අර දැකපු පෝස්ටර් එක ගැන බලන්න.

සෝල් නගරේ තැනක පෝස්ටර් අලවන්නම වෙන් කරලා තිබ්බ බෝඩ් එකක් ලග ජිමින් ඩ්‍රයිවර්ට කියලා වාහනේ නැවැත්තුවා. පස්සේ වාහනෙන් බැස්ස ජිමින් ඒ බෝඩ් එක ලගට ගිහින් අර පෝස්ටර් එක තියෙනවද කියලා හොයලා බැලුවා. බෝඩ් එකේ පැත්තක ඒ පෝස්ටර් දැකපු ජිමින් ඒක ලගට ගියා. ජිමින් ඒක දිහා ගොඩක් වෙලා බලන් හිටියා. ජිමින් එහෙම බලන් ඉන්නවා දැකපු හරාබොජි කෙනෙක් ජිමින් ලගට ආවා.

"අදල් ඇයි ඔහොම කිම් මහත්තයාගේ මරණ දැන්වීම දිහාම බලන් ඉන්නේ"

🐥"හරාබොජි Mr.Kim ගැන මොනාහරි දන්නවද"

"අදල්ට කියන්න මං ඉස්සර කිම් මහත්තයා ගාව වැඩ කරපු පරණම සේවකයෙක් "

🐥"හරාබොජි එතකොට මීට අවුරුදු 22කට විතර කලින් mr.kim ගැන තොරතුරුත් දන්නවද"

"ඔව්. අදල් කවුද?"

🐥" හරාබොජි මං බුසාන් වල pjm industry එකේ වර්තමාන අයිතිකාරයා. මං මේ kim holders කම්පැනි එකත් එක්ක එකට කරන කන්ට්‍රැක්ට් එකේ වැඩ වලට මෙහෙ ආවේ. මං පොඩි කාලේ මගේ හොඳම යාලුවා මගෙන් වෙන් වෙනවා, එයාගේ අප්පා සෝල්වල කම්පැනි එහෙක අයිතිකාරයෙක්. මගේ ඒ යාලුවා පොඩි කාලෙදිම එයාගේ අප්පාත් එක්ක සෝල් එනවා. ඉතින් දැන් මං මෙහෙ ආවාම මට මේ පෝස්ටර් එකේ ඉන්න කෙනාගේ නම හුරුයි වගේ දැනෙනවා. මගේ ඔම්මාගෙන් මං ඇහුවා මගේ යාලුවාගේ අප්පාගේ නම මොකක්ද කියලා. ඔම්මා කිව්වේ එයාගේ නමත් mr.kim කියලා. ඉතින් මට මගේ සැකේ හරියටම පැහැදිලිව දැන ගන්න ඕනි වුනා. හරාබොජිට පුලුවන්ද මට උදවු කරන්න.."

"අදල්ගේ ‍යාලුවා පොඩි කාලෙම වෙන් වුන එක නම් මටත් දුකයි. අදල්ට මගෙන් මොනාද දැන ගන්න ඕන."

🐥"හරාබොජි මට මේ mr.kim ගේ අතීතේ ගැන පොඩ්ඩ්ක කියනවාද? එයා මෙහෙද හිටියේ ඉස්සර ඉදන්ම...එයාගෙ ලමයි ගැන... ඒ වගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද?.."

"අදල් කොහෙද වැඩ කරන්න ආවා කිව්වේ...."

🐥"kim holders එකේ හරාබොජි"

...


...

...

...

...............................................................

අදට මෙච්චරයි....

තව කොටස් දෙකක් වගේ තියෙයි....

මගේ හිතේ තව ප්ලොට් එකක් තියෙනවා.. ඒක මං බාගයක් විතර ටයිප් කරලා පබ්ලිශ් කරන්න ගන්නම්..

විමින් ස්ටෝරි අඩු නිසාත්, මං ඩයි හාර්ඩ් විමින් නැවේ නිසාත්, අනිත් ශිප් මට එච්චර සෙට් වෙන්නේ නැති නිසාත් මං විමින් ස්ටෝරි තමයි දෙන්නේ....😊😊😊
(විමින් නැව තමයි මට ගොඩාක් ෆීල් වෙන්නේ)

මං හොඳයි නෙහ්.....

ඉතින් මං දෙවෙනියට දෙන්නෙත් විමින් එකක්.....ඒක ගැන ඉස්සරහට විස්තර කියන්නම්.....මගේ මෝචීස්.....

...................................................................
ඔයාලාගේ අදහස් කොටන් යන්න.. අනිවාරෙන්.. ටයිපින් මිස්ටේක් තිබ්බොත් සොරි හොදේ...

කතාවත් එක්ක ඉන්න, වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් තැන්ක්‍ යූ.......මෝචීස්......

කතාව ලස්සනයි නම් ශෙයාර් කරලා සපෝර්ට් කරන්න මොචීස්....

❤️❤️❤️

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Dove le storie prendono vita. Scoprilo ora