💕 Last Part 2

361 51 19
                                    

"සර් එන්න සර්..."

"ඕකේ"

ටේගේ අවසරෙත් එක්ක සිකියුරිටි ජිමින්ව මැන්ශන් එකට එක්කගෙන ගියා.

-----------------------------------------

සිකියුරිටි ජිමින්ව මැන්ශන් එක ඇතුලෙන් එක්කන් ගියේ මැන්ශන් එක පිටිපස්සේ ගාර්ඩ්න් එකේ ටේ හිටපු තැනට.

"එන්න ජිමින්ශි...ඉද ගන්න"

එහෙම කියලා ජිමින්ව පිලිගත්ත ටේ ජිමින්ට ඉද ගන්න කියලා ඉස්සරහා පොඩි බෙන්ච් එක පෙන්නුවා.

ජිමින්ට ටේව දැක්ක ගමන් ගිහින් එයාව හග් කරන්න ඕන වුනා. මගේ කොටි පැටියා කියලා එයාට කතා කරන්න ඕන වුනා.. ඒත්...

ජිමින් නිහඩ වුනා. මොකද ජිමින් දන්නේ නැහැ, ටේගෙන් මොන වගේ ප්‍රතිචාරයක් එයාට ලැබෙයිද කියලා..කොටින්ම එයාට එයාගේ තාර පැටියව වත් මතකද කියලා ජිමින් දන්නේ නැහැ... ජිමින් ඒ හැගීම මොහොතකට නවත්ත ගත්තා...

"ඉතින් ජිමින්ශී මෙහෙටම ආවේ.... ගොඩක් වැදගත් දෙයක්ද?..."

"ඔව් ටේ ටේ..අහ් නැහ්...තෙහ්‍යුන්ග්ශී...මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."

"කියන්න මං අහන් ඉන්නේ.."

"මේ..ඇත්තටම..ඒක බිස්නස් ගැන දෙයක් නෙමෙයි...පෞද්ගලික දෙයක් ගැන දෙයක්..."

"ඔහ් ඒ මොකක්ද...ඔයාගේ පෞද්ගලික දෙයක් නම් ඉතින් මට වැඩක් නැහැ නෙහ්...ඒ දේට මාත් සම්බන්දයිද?"

"ඔයත් ඒකට සම්බන්ද නිසයි මං මෙහෙටම ආවේ ඔයාට ඒදේ ගැන කියන්න.අහන් ඉන්න දැන්...මැදින් මැදින් මුකුත් අහන්න බැහැ.. මං කියන්න කිව්වොත් විතරක් කතා කරන්න පුලුවන්..."

ටේ ගේ කට වැහුනා. ඇසුත් ලොකු කරන් ටේ බලන් ඉන්නේ ජිමින් දිහා.

මේ මිනිහා මගේම ගෙදරට ඇවිල්ලා මටම නීතී දානවානේ..
හ්ම් අහන් ඉමුකෝ මොනාද කියන්නේ කියලා.. මටත් මං ගැන දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා නෙහ්

"ටේ ටේ ඔයාට පරණ දේවල් මුකුත්ම මතක නැද්ද? ඔයා සෝල් එන්න කලින් කොහේද හිටියේ කියන එක මතක නැද්ද?.."

ටේ කල්පනා කලා එයා ඉස්සර කොහිද ඉන්න ඇත්තේ කියලා..ඒත් එයාට මතක් වුනේ නැහැ...

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now