1 කොටස

5.6K 544 48
                                    

Wang මන්දිරය

මහල් දෙකක අති විශාල wang මන්දිරයේ සේවක සේවිකාවන් යුහුසුළුව වැඩ කරන අතර එහි එක් කාමරයක දෙදෙනකු උස් හඩින් කතා කරන හඩ ඇසෙන්න ගත්තා.

"පපා enough.... ඔයාට බැහැ හැමවෙලේම මගේ ජීවිතේ ගැන තීරන ගන්න. මට පොඩි කාලේ ඉදන් ඔයා හැම දේටම බල කලා. ඒත් ඒ පොඩි කාලේ.... හිතන්න එපා ඒ wang yibo තාමත් ඉන්නේ කියලා.... මාව පාලනේ කරන්න එන්න එපා... කීයටවත් ඒ කෙල්ලව මම මැරි කරන්නැහැමයි"

"Yibo... මාත් එක්ක කට ගහන් එන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට මේ කම්පැනි එක ඕනිනම් ඔයාට මන් කියන විදිහට කරන්නම වෙනවා... ඔයා කැමති වුනත් නැතත්... yanziයි ඔයායි නෙක්ස්ට් මන්ත් එන්ගේජ් වෙන්න ඕනි... that's final.."

"හරි පපා...... අපි බලාගමු එහෙනම්. මන් ඔය කෙල්ලගේ ජීවිතේ අපායක් කරලයි නවතින්නේ. ඔයාට ඔයාගේ නන්ගිගේ දුව ගැන ගොඩක් දුක් වෙන්න වෙයි එහෙම වුනොත්...."

පපාට ඇගිල්ලත් දික් කරමින් කතා කරපු yibo කකුලත් පොලවේ ගහගෙන තරහෙන් කමරයෙන් පිට වෙලා කෙලින්ම ගියේ එයගේ මමා ගාවට. රෝද පුටුවේ ඔලුවත් පැත්තකට වැටිලා බලගත්ත අත බලන් ඉන්න මමා ගාව yibo දන ගහගෙන මමාගේ උකුලෙන් ඔලුව තියගෙන සිහි කල්පනාවක් නැති මමා එක්ක එයාගේ දුක කියන්න ගත්තා.

"මමා ඇයි ඔයා ඩැඩී මැරුනට පස්සෙ අර මිනිහව බැන්දේ... ඇයි මමා එහෙම කලේ... ඒ මිනිහා තමයි ඔයාට මේ දේ කලේ මමා... ඔයාට මතකද අපි තුන් දෙනා සතුටෙන් ඉදපු කාලේ ඩැඩා එක්ක... මම ඔයාට පොරොන්දු වෙනවා ඒ මිනිහා කරපු හැම දේම එලි කරනවා කියලා.... ඒ මිනිහා කම්පැනි එක ගැන කිය කියා මාව පාලනේ කරන්නයි හදන්නේ... මමා ඔයා බය වෙන්න එපා මේ yibo දැන් ගොඩක් ලොකුයි... ඔව් දැන් ඔයාගේ මේ පොඩි කොල්ලට අවුරුදු 24ක්.. මම අද ඉදන් අපේ w industries වල CEO වෙනවා මමා.... මුලු කම්පැනි එකම මගේ අතට ගන්නවා මමා ඒ දවස වැඩි ඈතක නෙවෙයි ..."
එහෙම කියලා yibo මමාගේ නලලට හාදුවකුත් තියලා කමරයෙන් පිටත් වුනා....

මේ හැමදේටම නිහඩවම සවන් දීපු kuan කමරයෙන් පිටතට එන yibo ව අතින් අල්ලන් නතර කර ගත්තා. "Yibo... දුක් වෙන්න එපා.. මේ ප්‍රශ්න වලින් උබට ගොඩ එන්න මන් උදවු කරනවා... කවදාවත් තනිවෙලා කියල හිතන්න එපා.. මගේ පපා උනත් එයාගේ අතින් ඔයාට කිසිම අසාදාරනයක් වෙන්න මම ඉඩ තියන්නැහැ.."

Hot Blue Love (Yizhan)Where stories live. Discover now