13 කොටස

3.1K 358 18
                                    

නමුත් එක පාරටම ශාන් ගැස්සුනේ එතන ඉදපු කෙනෙක් දැකලා...

ඒ කෙනාත් ශාන්ව දැකපු ගමන් ඉදන් ඉදපු පුටුවෙනුත් නැගිට්ටුනා..... ශාන් අහක බලා ගන්නවත් එක්කම පියවි ලෝකෙට ආපු ඔහු යීබෝව පිලිගන්න ඉදිරියට ආවා

"Hello.. mr. Wang yibo.... හමුවීම සතුටක්... මම KS company එකේ CEO කිම් සොන්ග්...." ඔහු යීබෝට ඔහුව හදුන්වා දුන්නා...

"Hello mr. Kim... හදුනා ගන්න ලැබීම සතුටක්... මේ මගේ සෙකට්‍රි mr.zhan...."හැන්ඩ් ශේක් කරපු  යීබෝ ශාන්වා හදුන්වලා දුන්නා...

"Hi zhan... ගොඩ කාලෙකට පස්සෙ නේද..." ශාන් වෙතට අත දිගු කරන ගමන් කිම් ඇහුවා

"Hi Kim.... ඔව් ගොඩ කාලෙකින් තමයි...." ව්‍යාජ හිනාවක් මවා ගත් ශාන් කිව්වේ කිම්ට හැන්ඩ්ශේක් කරන්න දීපු අත ඉක්මනටම ආපහු ඇදලා ගන්න ගමන්

"හොව්... හොව්.. ඔයාල දෙන්නා මීට කලින් අදුරනවද..." යීබෝ ඇහිවේ කුතුහලෙන්...

කිම් කතා කරන්න කට ඇරියත් ඊට කලින් ශාන් උත්තර දුන්නා... "ඔව් සර්... mr. Kim මගේ classmate කෙනෙක්.."

ශාන් දීපු පිලිතුරෙන් කිම්ගේ මුවගට සිනහවක් ආවා... " ඔව් mr.yibo අපි classmatesලා..ම්ම්... ok එහෙනම් අපි එහෙනම් මීට්න් එක පටන් ගමු නේද...."

පැය කීපයක් පැවති සාකච්චා සාර්තකව අවසන් වුනේ සමාගම් දෙක අතර ගිවිසුමකට අත්සන් කලාට පසුවයි... ඒ වගේ කොරියා වල විශාලම කම්පැනි එකක් ගිවිසුමට කැමති වුන එක ගැන යීබෝ ගොඩක් සතුටු වුනා...

අවසානයේ සමුදෙන්න කිම් යීබෝ එක්ක හැන්ඩ්ශේක් කලා..."එහෙනම් mr.yibo... මීට්න් එකට ආවට ගොඩක් ස්තූති... mr.yiboට ප්‍රශ්නයක් නැත්නම් මන් ශාන් එක්ක විනාඩියක් දෙකක් තනියම කතා කරන්නද.. කොලේජ් එකෙන් පස්සෙ මේ හම්බ වුනාමයි..."

"ආහ්... ඒක පොඩි දෙයක්නෙ mr.කිම්... ශාන් ඔයා කතා කරලා පහලට එන්න..." යීබෝ සම්පූර්ණයෙන්ම හිටියේ ප්‍රොජෙක්ට් එකේ සිහියෙන් නිසා එයාට ශාන්ගේ අද වෙනස එච්චර දැනුනේ නැහැ... නමුත් ශාන් වෙනදට වඩා අද ගොඩක් අපහසුවෙන් හිටියේ..

..................................................

කිම් එක්ක තනිවුන ශාන් බිම බලාගෙනම හිටියා

Hot Blue Love (Yizhan)Onde histórias criam vida. Descubra agora