12 කොටස

2.9K 379 32
                                    

පහුවෙනිදා උදේම මුලින්ම අවදි වුනේ යීබෝ. වට තුනකම අවසානයේ හෙම්බත් වෙලා නිදාගෙන ඉන්න ශාන්ගේ මූන දිහා බලලා යීබෝ කිස් එකක් දුන්නේ ශාන්ව අවදි කරන්න හිතාගෙන. නලලට දැනුන තෙතමනයත් එක්ක ශාන් ඇස් දෙක ඇරියා... ඒ එක්කම යීබෝ ශාන්ගේ දෙතොල් ඉතාමත් මෘදුව සිපගත්තා.

"යීබෝ.... අපිට ඊයේ යැන්සි ආපු වෙලේ දොර අරින්න තිබ්බේ... එයා මොනවා හිතුවද දන්නේ නැහැනේ...." ශාන් කිව්වේ යීබෝගේ දෙතොලින් මිදෙන ගමනුයි

"ඒ වෙලාවේ දොර ඇරියනම් යැන්සිට නූල් බදින්නයි වෙන්නේ..." යීබෝ කිව්වේ හිනා වෙන ගමන්

"විහිලු නෙවෙයි අනේ.... ඔයාට ප්‍රශ්නයක් වෙයි..."

"Baby... ඔයා බය නොවී ඉන්නකෝ.... ඔය යැන්සි ගෑනිට කුරුල්ලෙක්ගේ තරම්වත් මොලයක් නැහැ... අපි මොකක් හරි කිව්වම ඒකි පිලිගනී...ඉන්නකො බබී බය නොවී... අනික ඒකි මොනා හිතුවත් මොකද"

"එහෙම බැහැනේ යීබෝ.... ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් වුනොත්..."

"ශාන් ඔයා ඕව ගැන හිතන්න ඕනි නැහැ... ඔයා මගේ ගාව ඉන්න මන් කියන විදිහට... ඔයා දන්නවනේ මම කම්පැනි එකේ ඕනර්ශිප් එක ගන්නකන් විතරයි ඔය කට්ටිය නටන්නේ... ඒක ලගදිම වෙයි.... ඔයා දන්නවනේ ඒක මගේ එකම හීනේ.... එතකන් මම ඔයාව හරියටම අයිති කරගන්නකන් මා එක්ක මෙහෙම ඉන්න මගේ යටට වෙලා ඔන්න ඔහොම මගේ නම කිය කියා කෑ ගහ ගහ මෙන්න මෙහෙම කකුල් දෙකත් ඈත් කරන්...." යීබෝ කිව්වේ ශාන්ගේ ඇග උඩට ඇවිත් තාමත් නිරුවතින් ඉන්න ශාන්ගේ කකුල් ඈත් කරන ගමන්

"යීබෝ...... අහකට යනවා.... එනවා මෙතන උදේ පාන්දරම.... තමුන්ට ඇති වෙන්නැද්ද..... pervert...." යීබෝවත් තල්ලු කරලා ඇදෙන් පැන්න ශාන් කෙලින්ම දිව්වේ බාත් රූම් එකට...

"ඇති වෙන්නැහැ තමයි.... තමුසේ කවදාවත් ඉවර වෙන්නැති රසම රස ice cream එකක් වගේ ඉද්දී එපා වෙන්නේ කාටද...." කියන ගමන් යීබෝත් ශාන් පිටිපස්සෙන් දිව්වේ බාත්‍ රූම් එකට
.......................................

දවසම ගෙවිලා ගියේ මීටින්ස් වලින්... කොරියාවේ විවිද සමාගම් සමග යීබෝ සහ ශාන් හමුවවල් පැවැත්තුව නිසා දහවල නම් ගොඩක් කාර්‍ය බහුල වුනා... යැන්සිට දවසෙම කරන්න වුනේ හොටෙල් රූම් එකට වෙලා ඉන්න එක විතරයි... මේ නිසා යැන්සි රුහාන්ට කතා කරලා යීබෝ එයාට කරපු දේවල් ගැන මැසිවිලි නැගුවා... මේ නිසා රුහාන් යීබෝට කතා කරලා ආපහු කැම්පැනි එක ගැන කියලා යැන්සිව රෑ කෑමකට එක්ක යන්න කැමති කරව ගත්තා... ඉතින් යීබෝ පොරොන්දු වුන විදිහටම ඩිනර් එකට යැන්සි මීට් වෙන්න ආවා.... හැබැයි තනියම නෙවෙයි  එයාගේ ශාන්වත් අරගෙන

Hot Blue Love (Yizhan)Where stories live. Discover now