8 කොටස

3.3K 412 20
                                    

කාමරයෙන් පිටත්වෙන්න මොහොතකට කලින් යීබෝ ශාන්ගේ කම්බුල දෙපැත්තෙන් අත තියලා අල්ලගෙන ශාන්ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන මෙහෙම කිව්වා...

"ශාන්..... මම දන්නවා ඔයාට දැන් ගොඩක් ප්‍රශ්න තියනවා කියලා මා එක්ක කතා කරන්න..... පහල කට්ටිය අපි කොහෙද කියලා බලනවා ඇති.... තව පැයක් ඉවසන් ඉන්න පොඩ්ඩක් පැත්තකට වෙලා වාඩි වෙලා.... ඔයාට අමාරුයි කියලා දන්නවා.... මන් ඔයාව ගෙදරට ඩ්‍රොප් කරන් යන්නම්.... ඒ යද්දි අපි කතා කරමු.... හොදද මැනික..." යීබෝ එහෙම ඇහුවේ හරිම නිවුනු ස්වරයකින්. මොකදා යීබෝ හොදටම තේරුම් අරන් තිබුනේ මේ වෙලාවෙ ශාන් ඉන්න මානසික මට්ටම.

යීබෝ කියලා ඉවර වුනාම ශානුත් යීබෝගේ ඇස් දෙක දිහා බලාගෙනම හිස ඉහල පහල වැනුවේ  යීබෝ කියපු දේ තේරුම් ගත්තා කියලා අගවන්න...

"හරි.... එහෙනම් බබී මම දැන් පහලට යනවා.... ඔයා තව විනඩි 10කින් 15කින් වගේ කාටවත් පේන්නැති වෙන්න පහලට එන්න... "කියලා ශාන්ගේ නලලට කිස් එකක් දුන්න යීබෝ පාර්ටි එක තියන හෝල් එකට පිටත් වුනා....

උත්සව ශාලාව

යීබෝ හෝල් එකට ඇතුල් වෙනකොට හෝල් එක බොහෝ පිරිසකින් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනේ... ඒ වෙද්දි යැන්සි පිටත් වෙලා ගිහින් තිබුන එක නම් යීබෝට ලොකූ සහනයක් වුනත් යිබෝගේ පපා තාමත් ඇවිත් ඉන්න අයත් එක්ක කතා කර කර හිටියා.

"අහ්....මනමාලයා කොහේ ඉදන්ද එන්නේ....." එක පාරටම ඇහුන දෙයින් ගැස්සුනු යීබෝ බැලුවේ ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ කවුද කියලා

"කුආන්..... බය කරන්න එපා ඕයි..."

"බය වෙන්න තරම් දෙයක් කිව්වද මම..... මොකෝ..... ඇත්තටම මනමාල ගමනක්ද ගියේ" කුආන් ඇහුවේ සිනාසෙමින්

"විකාරද... මම මේ පොඩි වැඩකට එලියට ගියේ යාලුවෙක්ගෙ වැඩකට...."

මේ වෙලාවෙදි ශානුත් හෝල් එකට ඇතුල් වෙනවා කුආන්ගේ ඇස ගැටුනා... ශාන් ඇවිදින්නේ අමාරුවෙන් කියලා හොදටම බැලුවොත් ඕන කෙනෙක්ට හොයා ගන්න පුලුවන්.... ශාන් එන අතර මග අයත් එක්ක හින වෙවී ගිහින් පුටුවකින් වාඩි වුනේ කාටවත් එයාගෙ වෙනස පේන්නැති වෙන්න... ශාන් ඇවිත් වාඩි වෙනකන් යීබෝගේ ඇස් හොරෙන් සැරින් සැරේ ශාන් දිහා බලනවා කුආන්ට නම් හංගන්න බැරි වුනා....

Hot Blue Love (Yizhan)Where stories live. Discover now