2 කොටස

3.6K 466 27
                                    

එදා දවසේ ඔෆිස් එකේ වැඩ ඉවර කරපු yibo කෙලින්ම ගියේ එයාගේ bike racing practices වලට.. ඔව්.... yibo කියන්නෙ දක්ශ දාවකයෙක්. එයාගේ ඇමරිකා ගමනට කලින් චීනේ ඉදපු අඩුම වයසකින් සක්සස් වුන ෆේමස් කෙනෙක්... ආපහු yiboට බයික් රේසින්ග් ෆීල්ඩ් එකේ තැනක් හදා ගන්න නම් තව සතියකින් තියන චැම්පියන්ශිප් තරගාවලිය ජය ගන්නම වෙනවා... පැය දෙකක පමන අසීරු පුහුනුවීම් වලට පස්සේ yibo එයාගෙ අපාට්මන්ට් එකට ආවේ wang මන්දිරයට යන්නේ නැතුවයි. කොච්චර සැප සම්පත් තිබුනත් ඒ මන්දිරයේ කිසිම සතුටක් තිබ්බේ නැහැ.. ඊට වඩා තනිකමෙන් නිදහසේ ගෙවන මේ ජීවිතය yiboට පොඩි සැනසීමක් හරි හිතට ගෙනාවා...

වොශ් එකක් දාගෙන ඕඩර් කරපු කෑම එකත් කාලා ඇදට ආපු yibo හිමින් එයාගේ ඇස් දෙක පියා ගත්තා.. ඇස් පියාගත්ත yibo ට මැවිලා පෙනුනේ එයා එනකන් ලස්සනට හිනා වෙවී ඔෆිස් එකේ දොර ගාව බලන් ඉදපු zhanව.

මට මොකටද එයාව මතක් වෙන්නෙ.. ම්... ඔව් එයා මාරම කියුට් ඇන්ඩ් සෙක්සි.. එයාගෙ රෝස පාට තොල් දෙකනම් මාර රස ඇති... i want to taste it... what ... wait... මොන මගුලක්ද මම මේ හිතන්නේ.. oh my god... එයා කොල්ලෙක්.. what the f*ck...... i'm f*cking straight guy... yibo දැන්ම ඔය මගුල හිතින් අයින් කරගන්න.. ඔව්..... මම zhanගෙන් ඈත් වෙලා ඉන්න ඕනි පුලුවන් තරම්.. නැත්නම් මට මාවම කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා... yibo එයාටම හිතින් හිතා ගත්තා.

Xiao zhan's home

"Zhan කොහොමද ඔයාගේ පලවෙනි දවස බොස් එක්ක" yanli ඇහුවේ කෑම මේසයෙන් වාඩි වෙන ගමනුයි.

"බොසෙක් නෙවෙයි ඒකා යකෙක්. මූනෙ ලේ පොදක් නැහැ... ඒ මදිවට ආපු ගමන් මාව සැක කරන්න ගත්තා mr.ruhanට කේලම් කියන කෙනෙක් කියල හිතලා... මමත් ගනන් ගන්න ගියේ නැහැ.. ඔහොම අය එක්ක ඉන්න ඕනි ඒ විදිහට..."

"A,zhan ඔහොම මුරන්ඩු වෙන්න එපා.. බොස්ලා එහෙම තමයි ඉතින්... ඔයා එයගේ සේවකයෙක් විතරයි... ඒ නිසා ඔයා එතන බොස් වෙන්න යන්න එපා.. ටික දවසක් යද්දි ඕවා හරි යයි" yanli කිව්වේ zhan මීට කලිනුත් එයාගෙ ලොකු කම නිසා job දෙකක්ම නැති කරගත්ත එක මතක් කරන ගමන්

"මේ ඒක නෙවෙයි ඕයි බොස්ගේ පෙනුම එහෙම කොහොමද... තාම පොඩි කොල්ලෙක් කිව්වා නේද.... "

Hot Blue Love (Yizhan)Tempat cerita menjadi hidup. Temukan sekarang