⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 4🩸

52 14 15
                                    

After few hours @SM group Japan head office

"එක්ස්ක්‍යුස්මී.... මට මිස් සූමින් ගේ රූම් එක කොහෙද කියනවද?"

"අපොයින්මන්ට් එකක් තියෙනවා ද සර්?"

රෙසිප්ෂන් එකේ හිටිය ගෑණු ළමයා මීට කලින් දැකලා නැති අමුත්තා දිහා සැකෙන් බලන ගමන් ඇහුවා.

"ආහ්....අපොයින්මන්ට් එකක් නම් නෑ"

"සොරි සර් එහෙනම් යන්න දෙන්න විදියක් නෑ"

"ඒත්-..."

"සර් ප්ලීස් එක පාරක් කිව්වනෙ.. මැඩම්ව හම්බෙන්න ඕන නම් අපොයින්මන්ට් එකක් දාලා එන්න."

"ඔහ් මෙයාගෙ සැර😉 හරි මැඩම් හම්බෙන්න විදිහක් නෑනේ. ඒ නිසා අපි දෙන්නා ටිකක් කතා කරමු😌"

"වට් නොන්සන්ස්🤨 සර් ප්ලීස්...... වැදගත් කෙනෙක් කියලා හිතුව නිසයි හොඳින් කතා කලේ. දැන් මෙතනින් නොගියොත් මට සිද්ධ වෙනවා සික්‍යුරිටි ට කියලා සර්ව එලියට දාන්න"

"ඕකේ ඕකේ😌 මම යන්නම්. බට් ඔයාට ජොබ් එක නැති වෙයි කියුටි මම ගියොත්"

"වට්???😳 ඒ....ඒ කිව්වේ?"

"මට මෙහෙ කෙනෙක්ම තමයි කෝල් කරලා කිව්වේ එන්න කියලා😌'

"ක....කවුද???😕"

"මම හිතන්නේ ඒ මට කතා කලේ ඔයාම තමයි😆"

(මේ මනුස්සයා පිස්සෙක් ද🤨 මම කවද්ද මෙහෙම කෙනෙක් ට.....ඔහ්😲 ටිකක් ඉන්න ටිකක් ඉන්න.... මිස්ට හන් දීලා ගිය නම්බර් එක.... ඒ කියන්නේ මේ එයාද😐)

"ඒයි.... කොහෙද අතරමං වුණේ???"

"අහ්ම් මේ.... සර් ටිකක් ඔතනින් වාඩි වෙලා ඉන්නවද...?"

"ඇයි දැන් මට යන්න කිව්වෙ..."

"(පුදුම වදකාරයෙක් නේ😒) නෑ සර් ටිකක් ඉන්නකෝ..😊"

"ඕකේ.... ඔයා කියනවා නම් 😚"

එහෙම කියලා කෙල්ල කෝල් එකක් ගත්තේ මිස්ට හන් ට. කෝල් එකෙන් විනාඩි ගාණකට පස්සේ මිස්ට හන් ආවේ අමුත්තා එක්කන් යන්න.

"මිස්ට ජන්ග්.... ඔයා පරක්කුයි...."

"යාහ්හ්හ් ආජුස්සී..... මට ඔය මිස්ට ජන්ග් කෑල්ල කියන්න එපා කියලා හැමදාම කියනවා නේද? අනික මෙන්න මෙයා තමයි මාව පරක්කු කෙරෙව්වේ..."

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Donde viven las historias. Descúbrelo ahora