⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 14🩸

53 14 11
                                    

@KT company

"අන්න්‍යොන්ග් සර්... මම මිස්ට කිම් ගේ සෙකට්‍රි.. අපේ සර් දැන් එයි.. සර්, මිස් එතකම් ටිකක් ඉදගෙන ඉන්න"

දාගත්ත වෙලාවට විනාඩි 10ක් කලින් KT එකට ගිය සූමින් මිස්ට හන් ලවා තමන් ආව කාරණය රෙසිප්ෂනිස්ට කිව්වා. ඉන් ටික වෙලාවකට පස්සෙ තවත් ගෑණු ළමයෙක් ඇවිත් සූමින්ව වගේම මිස්ට හන්වත් එක්ක ගියා. ඒ කිම්ගේ සෙකට්‍රි කියලා සූමින් අනුමාන කරපු දේ තවත් තහවුරු වුණේ ඒ කෙල්ලම ඒක කියපු නිසා.

"සර්... සර්ලට බොන්න මොනවාහරි ගේන්න ද?"

"අහ්ම්... එපා ඒත් මම සර්-"

මිස්ට හන් කියන්න ගියපු දේ නවත්තගත්තෙ සූමින් ඒක කියන්න එපා කියලා ඔළුව දෙපැත්තට වැණුව නිසා. මොකද ආව වෙලාවේ ඉදලම ඒ ගෑණු ළමයා සූමින් ගැන හිතන් හිටියේ මිස්ට හන් ගේ සෙකට්‍රි විදිහට. ඒත් සූමින් දැක්කා මිස්ට හන් ඒ ගැන අපහසුතාවයෙන් ඉන්නේ කියලා. ඒත් මේ වගේ කෙල්ලෙක්ට ඕවා පැහැදිලි කරලා දෙන්න ඕන නෑ කියලා හිතුව නිසා තමයි සූමින් මිස්ට හන් කියන්න ගියපු දේ නැවැත්තුවේ.

"ඒ කෙල්ල මිස්ට හන් ට කැමති වගේ"

"මැඩම්!?😳"

"දේ... දැක්කෙ නැද්ද ළඟටම වෙලා කැරකි කැරකි හිටිය හැටි"

කට කොනේ හිනාවකුත් රඳවගෙන සූමින් එහෙම කිව්වේ මිස්ට හන් ව තවත් අපහසුතාවයට පත් කරලා.

"හිතන්න එපා... මම විහිළුවක් කරේ. SM එකේ ඕ'නර් කිව්වම ලන් වෙන්න දෙපාරක් නොහිතන ජාතියේ කෙල්ලෙක් ඒ. ඒ කෙල්ල හිතන් ඉන්නේ මිස්ට හන් තමයි CEO කියලා."

ඇඟටම හිර වුණ අඟල් දෙකේ සායත් ඇඳගෙන නලව නලව ඈතින් යන කෙල්ලව ඇස් වලින් පෙන්නන ගමන් සූමින් කිව්වා. මිස්ට හන් වුණත් තේරුම් ගත්තා ඒ කෙල්ල ගැන මැඩම්ට තියෙන්නේ ඒ තරම් හොඳ ආකල්පයක් නෙවෙයි කියලා. මිස්ට හන් ඒකට එකඟ වෙන්න වගේ ඔළුව වැනුවේ ආව වෙලාවේ ඉදලා ඒක තේරුණ නිසයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"එක්ස්ක්‍යුස්මී.... මම එන්න පරක්කු වුණේ නෑනේ😌"

ඔළුවට දාගෙන හිටිය හෙල්මට් ඒක ගලවලා වම් අතට ගන්න ගමන් දාඩියට පෙගිලා නළලට වැටිලා තිබුණ කොන්ඩේ දකුණු අතින් උඩට හදන ගමන් ටේහ්‍යුන්ග් කිව්වේ තාමත් ඇවිත් ඉන්න අය දිහා කෙලින් නොබලා.
කළු පාට ස්පෝට්ස් කිට් එකක් ඇදගෙන තමන් ඉස්සරහ හිටගෙන ඉන්න මේ හැන්ඩ්සම් කොල්ලා දිහා සූමින් වගේම මිස්ට හන් පවා බලන් හිටියේ පුදුම වෙලා. දෙන්නගේම මූණු දැක්ක ටේහ්‍යුන්ග්ට හිනා යන්න ආවත් ඒක නවත්තගෙන ආයෙත් කතා කරන්න ගත්තේ මිස්ට හන් ළඟට ඇවිදගෙන එන ගමන්.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now