⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 17🩸

53 14 24
                                    

සිද්ධ වුණ දේවල් එක්ක තවත් එතන ඉන්න කිසිම කැමැත්තක් නැති ජින් පාටි එක දමලා ගහලා ආවේ සේහී නවතින්න කියලා කියද්දී. ජින් හිටියේ හුඟක් තරහින්. ඒ ඇයි කියලා ඇත්තටම එයාවත් දන්නේ නෑ. මේ තරම් ජින්ට තරහ යනවා සේහී තියා අඩුම මිසිස් කිම්, මිස්ටර් කිම් පවා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ජින්ව නවත්තගන්න ගත්ත හැම උත්සාහයක්ම අසාර්ථක වෙද්දි හැමෝටම වුණේ ජින් හෝල් එකෙන් පිටවෙලා යන දිහා බලන් ඉන්න විතරයි.
හැමදාම වගේ මේ වුණ දේවල් කියන්න ජින්ට ඉන්න එකම කෙනා නම්ජුන්.. දැනුවත්ව හෝ නොදැනුවත්ව ජින් නැවතුනේ අන්තිමට නම්ජුන්ගේ ගෙදර. ඒ වෙනකොට වෙලාව පාන්දර එකත් පහු වෙලා තිබුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
"දැන්වත් කියපන්.... මොකක්ද ප්‍රශ්නෙ?"

"....................."

"මං දන්නවා උඹ තරහින් කියලා. ඒත් මේ මහ පාන්දර මාව හොයාගෙන ආවා කියන්නෙ මොකක් හරි අවුලක් තියෙනවා"

"......................"

"ආයිෂ්.... හරි උඹ කතා කරන්න හිත හදාගන්නකම් මං දෙයක් කියන්නද?"

මෙච්චර වෙලා බිම බලන් හිටපු ජින් නම්ජුන්ගෙ ඒ වචන වලට ඔළුව උස්සලා බැලුවේ "හා කියන්න" වගේ බැල්මක් දාලා.

"හොඳයි.... මේකයි... සූමින් ඉන්නවා ඒකත් මේ සෝල් වලම😌"

නම්ජුන් ජයග්‍රාහී හිනාවක් දාලා කිව්වේ ජින්ගේ පුදුම වුණා මූණ බලන්න හිතාගෙන වුණත් ජින්ගේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් වුණා.

"හහ්..... සූමින් ඉන්නවා ඒකත් මේ සෝල් වලම 😅😅😅"

"වේහ්හ්හ්.... මොකද දැන් හිනා වෙන්නේ🤨 ඒක ඇත්ත මට යුන්ගි තමයි කිව්වේ... තව විස්තර හොයලා කියන්නම් කියලත් කිව්වා"

"ඕන නෑ මම හොයාගන්නම්😏"

" ඒත්....-"

"උඹ දන්නවද අද ටේහ්‍යුන්ග් පාටි එකට ආව ගෙස්ට් කවුද කියලා?!"

එකපාරටම කොහෙටවත් අදාල නැති ප්‍රශ්නයක් අහපු ජින් දිහා නම්ජුන් බලන් හිටියේ කුතුහලයෙන්.

"ගෙස්ට්?! අනී.... මම දන්නේ කොහොමද... මට එන්න බැරි වුණානේ🤔"

"හහ් ඕනම වෙලාවට උඹ නෑ🙂😤"

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now