⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 8🩸

39 12 7
                                    

"එක්ස්ක්‍යුස්මී මිස්ට චෝයි... මේ අයි ක'මින්?"

හෝසොක් උදෙන්ම ගියේ SM එකට. එයා සාමාන්‍යයෙන් සතියට දෙපාරක් විතර කම්පැනි එකට ඇවිත් බලලා යන්න පුරුදු වෙලා හිටියේ සූමින්ගේ කීමට. ඒත් වෙනදා වගේ මිස්ට චෝයි ගේ සුපුරුදු පිලිගැනීම නොලැබුණ නිසා හෝසොක් ආයෙමත් කතා කලා.

"මිස්ට චෝයි... ඔයා ඇතුලේ ඉන්නවද?"

තාමත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා හෝසොක් කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා. ඒ යනකොට එයා දැක්කෙ කැබින් ඒක ඇතුලේ තිබුණ පුටුවේ කවුරුහරි ඉදගෙන ඉන්නවා. හැබැයි ඒ කවුද කියලා හෝසොක් දැක්කෙ නැත්තෙ පුටුවේ හිටිය කෙනා හොසෝක්ට පිටුපාලා හිටිය නිසා.

"කවුද ඔයා? කෝ මිස්ට චෝයි?"

"මම එයාව නිවාඩුවකට යැව්වා.."

පුටුවේ ඉදගෙනම කැරකිලා හෝසොක් පැත්තට හැරිලා හිනා වෙලා බලන ගමන් සූමින් කිව්වා.

"නූ....නූනා😳 ඔ....ඔයා කවද්ද??!'

"😅😅 හායි මයි ඩියර් කසින්.... හව් ආර් යූ?"

"නූනා.... කවද්ද ආවේ...අඩුම මට කියලාවත් එන්න තිබ්බා ඔයාට 🤨"

"ඉතිං දැන් මම ඇවිත් ඉවරයි නේ😁 මම ඔයාලව සර්ප්‍රයිස් කරන්න ආවේ... කොහෙද ඔයා ඊට කලින් මෙහෙට ආවනේ."

"හරි දැන් කවද්ද ආවේ?"

"ඊයේ හොබී.."

"ඒ කියන්නේ නිවුස් එක ඇත්ත 🧐"

"නිවුස්??🙄"

"හ්ම් ඔයා එනකොට මීඩියා කාරයෝ පිරිලා හිටියේ නැද්ද?"

"ආහ් ඒක මම ෂේප් කරා. මේ ඒක නෙවෙයි අද හවස මම ඔම්මා බලන්න යනවා. මාත් එකක් යමුද?"

"ඇයි මම?"

"ඔම්මා මට හොඳ......ටම බනින්න ඉන්නේ. ඔයා එක්ක ගියාම ඒකෙන් බාගයක්වත් අඩු වෙයි"

"අරස්සෝ යමු... මට කෝල් එකක් දෙන්නකෝ... දැන් එහෙනම් මම යන්නම්. ක්ලිනික් එකට යන්න ඕනේ."

"හරි... හවසට හම්බෙමු"

හෝසොක් හිටියේ සූමින් කොරියා ආව එකට ගොඩක් සතුටින්. හැබැයි එයාගේ හිතේ පොඩි බයකුත් තිබුණා ආයෙත් සූමින් අසනීප වෙයි කියලා. ඒත් හෝසොක් හිතා ගත්තා ආයේ එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා. මේවා හිත හිත යද්දි හෝසොක් එකපාර කාගේ හරි ඇඟේ හැප්පුනේ ආව කෙනත් අඩි දෙකක් විතර පස්සට විසි වෙද්දි.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now