⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 20🩸

64 11 6
                                    

A/N pov

සූමින් කියන්නේ SM group එකේ ඕ'නර් කියන එක දැන් රහසක් නෙවෙයි නිසා එයාට හොස්පිට්ල්ස් වලට වුණත් හොරෙන් යන්න ඕන වුණේ නෑ. ඉස්සර සූමින්ව නොදැන එයා එක්ක කතා කරපු අය පවා දැන් නම් සූමින් දිහා කෙලින් බලන්නෙවත් නෑ. ඒ වගේම තමයි මේකෙන් වුණ තව නරක දෙයක් තිබ්බ. ඒ තමයි සූමින්ට නිදහසේ කොහෙවත් යන්න බැරි වුණ එක. මොකද කිව්වොත් සූමින් යන්නෙ කොහෙද මීඩියා වල අය හැමතැනම. ඒක නම් සූමින්ට සෑහෙන වදයක් වෙලා තිබ්බේ. ඒ වගේම තමයි ලොකු ලොකු බිස්නස්මන්ලා සූමින්ට හරියට ඉරිසියා කරා. මොකද ඒ තරම් පොඩි වයසින්, අනික ගෑණු ළමයෙක් ගොඩක් සාර්ථක වුණාම කොහොමත් ඉරිසියා කරන්න අයනෙ වැඩි. කොහොම වුණත් තමන් ගත්ත තීරණය ගැන සූමින් පසුතැවිලි වුණේ නැහැ. එයා එන හැම දේකටම ගොඩක් හොඳින් මුහුණ දුන්නා.
හැබැයි සොක්ජින් ළඟ එයා තාමත් අසරණ වෙනවා. ඒ ඇයි කියන්න සූමින්වත් දන්නෙ නෑ. හැබැයි ඒක සොක්ජින් හම්බුණ හැම වෙලාවකම නොපෙන්නා ඉන්න තරම් සූමින් දක්ෂ වුණා. ඒත් සූමින්ගෙ හිත විතරමයි දන්නෙ සූමින් විදවන විදිහ ගැන. ඉතිං තවත් දවසක සූමින්ට සොක්ජින්ව හම්බෙන්නේ ජුවලරි ෂොප් එකකදි හරිම අහම්බෙන්. මොකද සූමින් පුළුවන් හැම වෙලාවෙම සොක්ජින්ව මඟ අරින නිසා ඒ දෙන්නා හම්බෙනවා හරිම අඩුයි. හැබැයි සොක්ජින්ගෙ පැත්තෙන් නම් මේක ගොඩක් වෙනස්. එයාට ඕන වුණේ සූමින් එක්ක නිදහසේ කතා කරලා කරපු වැරදි වලට සමාව ගන්න.

A/N pov end

@Jewellery shop

"ජින්.... ඇයි අපි මෙහාට ආවේ??🙄"

ජින්ගෙ අතේ එල්ලිලා හතර වටේටම ඇස් කරනක ගමන් සේහී ඇහුවා.

"එන්නකො බබා.... මම අද ඔයාව සර්ප්‍රයිස් කරන්න යන්නෙ.."

"අනේ කියන්නකෝ ජිනී...."

"තව ටික වෙලාවක් ඉන්න සේහී-ආහ්"

"ම්ම්ම්ම් ඕ.කේ☺️👌"

සේහීගේ කෝලම් දිහා හිනා වෙලා බලාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියපු ජින්ගේ හිනාව නැතිවෙලා ගියේ ඉස්සරහට හම්බුණ කෙනාව දැකලා.

"සූ....සූමින්...?!"

ඒ හඬට සූමින් ඔළුව උස්සලා බැලුවේ මෙච්චර වෙලා ෆෝන් එකට දිහාට යොමු වෙලා තිබ්බ ඇස් දෙක එක එල්ලේම ජින්ගේ ඇස් වල පැටලෙද්දි. ජින්ව දැක්කම සූමින් කලබල වුණේ නෑ කිව්වොත් වැරදි. ඒත් එයා ඒ බව නොපෙන්නා කතා කලා.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now