⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 12🩸

44 12 1
                                    

"මැඩම්...?? ඇයි මේ පැත්තට යන්නේ? අපි අද ඔෆිස් යන්නේ නැද්ද?"

ගමන් ගන්නා වාහනය සුපුරුදු මාවතෙන් වෙනතකට හැරවෙද්දී මිස්ට හන් ඇහුවේ කුතුහලය පිරුණ බැල්මක් මුහුණේ රදවාගෙන.

"ම්ම්ම් නැහ්😏 අද මට හොස්පිට්ල් එකට යන්න හිතුනා"

"හොස්පිට්ල්?! ඒත් හදිස්සියේම ඇයි මැඩම්?"

"හදිස්සියක් නෑ.... නිකම්"

"ඒත් මැඩම් මට කිව්වේ නෑනේ"

"කමක් නෑ මම ඩ්‍රයිවර්ට කිව්වානේ.. ඒ ඇති😏"

එහෙම කියලා සූමින් සීට් ඔළුව බර කරගත්තෙ ඇස් දෙකත් පියාගන්න ගමන්මයි.
.
.
.
.
.
.
.
.

"මැඩම් අපි ආවා"

"ආහ්... අපි යමු..."

"දේ...."

එහෙම කියනවත් එක්කම මිස්ට හන් සූමින්ට ඉස්සර වෙන්න ඇරලා පසුපසින් ගියේ මුළු රෝහල් කාර්ය මණ්ඩලේම බලාගෙන ඉදිද්දී.
හැබැයි ඒ අයට පුංචි හිනාවක් හරි ලැබුණේ මිස්ට හන්ගෙන් විතරයි. සූමින් නම් කාවවත් ගාණකට ගත්තේ නෑ.

♪••••And I'll be gone, gone tonight
The ground beneath my feet is open wide
The way that I been holding on too tight
With nothing in between

The story of my life
I take her home••••♪♪

"ටිකක් ඉන්න"

සූමින් හිටියේ දිග කොරිඩෝව දිගේ ඩිරෙක්ටර්ගේ ඔෆිස් එක පැත්තට යන ගමන්. ඒත් එකපාරටම එයා නතර වුණේ මොකක් හරි දේකට හොඳින් කන් දෙන ගමන්.
ඔව් ඒ ඇහුනේ සිංදුවක්. නිකම්ම නෙවෙයි කවුරුහරි ගිටාර් එකක් ප්ලේ කරන ගමන් මේ සිංදුව කියනවා. සූමින් ඒ දිහාට තවත් හොඳින් කන් දුන්නෙ එයාට ඇත්තටම ඒක ඇහුනද කියලා බලාගන්න.

"ඇයි මැඩම් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ඒ ඇහෙන සද්දෙ?🧐"

"ම්... මොකක් ද මැඩම්?"

මිස්ට හන් කියන දේට ඇහුන්කම් නොදී සූමින් හැරුණේ වෛද්‍යවරුන්ගේ විවේකාගාර තියෙන පැත්තට. වහල තිබුණ දොරවල් එකින් එක පහු කරගෙන ගිහින් සූමින් ඒක දොරක් ළඟ නතර වුණා.

"මේ රූම් එක කාගෙද මිස්ට හන්??!"

"මැඩම් ඕක අලුත් ට්‍රේනීස්ලාට තමයි දීලා තියෙන්නේ"

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now