⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 5🩸

55 11 14
                                    

"මැඩම් මට කතා කලාද??"

"ඔව් එන්න මිස්ට හන්.. මෙන්න අපේ සිලෙක්ෂන් ලිස්ට් එක. මෙයාලට මේල් යවන්න."

"ඕකේ මැඩම්..."

"දැන් මිස්ට හන් යන්න. මැන්ඩිට ටිකක් එන්න කියන්න මගේ කැබින් එකට"

මිස්ට හන් ඔළුවත් නමලා එතනින් ගියාට පස්සේ සූමින් කලේ තවත් චෙක් කරන්න තිබ්බ ෆයිල්ස් වගයක් අතට ගත්ත එක.

"එ...එක්ස්..ක්‍යුස්මී මැඩම්....!?"

"ක'මින්..."

"මැ....මැඩම් මට කතා කලාද?"

"ඔව් මැන්ඩි.... මෙන්න මේ ලෙටර් එක...-"

ලෙටර් කියන වචනන් පස්සේ සූමින් කියපු කිසිම දෙයක් මැන්ඩිට ඇහුනේ නැත්තේ එයා එයාගෙම සිතුවිලි වල අතරමං වෙලා හිටිය නිසා.

(ලෙටර්!??! ෂුවර් මේ කියන්නේ මගේ අස්වීම ගැන.... අනේ දෙයියනේ ඒ කියන්නේ මට ඇත්තටම හැල්මොනි ළඟට යන්න වෙනවද? මගේ ඒන්ජල් කොහෙද ඔයා.... මේ වෙලාවේ මට උදව් කරන්න...😩 මහ නරකයි අප්පාහ් හැමෝම.... මට උදව් කරන්න කාරුත් නෑ....... )

"මැන්ඩි🤨🤨!!!??"

"ආහ්.... ද්...දේ මැඩම්"

"මොන ලෝකෙද හිටියේ 🤨🤨 සිහියෙන් ඉන්නවා"

"ආහ්හ්හ්හ් මියන්හේ මැඩම්😭😭 මම ආයෙ සිහියෙන් වැඩ කරන්නම්.... මාව අස් කරන්න එපා.... චෙබාල්....."

බිම දණ ගහගෙන අත් දෙකත් එකතු කරගෙන අඬ අඬ එහෙම කියන මැන්ඩිව දැක්කම සූමින්ට එකපාර හිනාවකුත් ගියා. ඉක්මනට හිනාව හංගගෙන සූමින් ආයෙත් කතා කරන්න ගත්තෙ මැන්ඩි කියන කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙනකොට.

"අස් කරන්න!?? 🧐 කවුද කාවද?"

" ඇත්තටම...මම දැනන් හිටියේ නෑ මැඩම් 😥😥 ඒ... මැඩම්ගේ මල්ලි කියලා"

"මොනවා ගැනද මැන්ඩි ඔයා කියන්නේ. ඔය විකාරේ නවත්තලා මෙන්න මේ ලෙටර් එකේ තියෙන නම්බර් එකට කෝල් කරලා මට ෆ්‍රී දවසක් බලලා අපොයින්මන්ට් එකක් දෙනවා😒😒"

"කෝල්??🙄 අස්වීම නෙවෙයි ද??"

"ආයෙත් විකාර කියවනවා🤨 යනවා දැන් කිව්ව වැඩේ කරනවා..."

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now