01. පටක

311 40 22
                                    

මම නම් ඒ කාලේ පට්ටම කටපාඩමක් දැම්මෙ මේකට...
අපිච්ඡද පටක ගැන ඇයි ඉගෙන ගන්නෙ....

මෙන්න උදාහරණයක්
අපි එක එක ගෙඩි, කපලා ඉවත් කරනවනේ ශල්‍යකර්ම මගින්... ඒ ඉවත්කරන ඒවා කුණු බාල්දියට දානවා කියලා තමා මාත් මුලින් හිතුවේ... නෑ එහෙම නෑ ඒ කෑලි ඔක්කොම ෆෝමලීන් වල දාලා යවනවා ලැබ් එකට...

ඔන්න ඉතින් ඒකට ගියාම ඒකේ කට්ටිය, මැනලා කපලා පාට කරලා වේලලා කදාවක් මතට නංවලා බලනවා මොනාද පේන්නේ කියලා...

අන්න ඒ වෙලාවට තමා මේ අපිච්ඡද ගැන ටක්කෙටම ඕනෙ වෙන්නෙ. අදලා තැන තිබිය යුතු විදිය නැතුව අපිච්ඡදය වෙනස් වෙලා නම් ප්‍රශ්න ගොඩයි... මොකද ඒක පිළිකාවක් වෙන්න පුලුවන්.

ඉතින් ඔය සියලු අවයවන් වසා සිටින පෙරෝනා ටික පොඩි හරි වෙනස්කමකට භාජනය වෙලා නම් වහා ක්‍රියාත්මක වෙන්න ඕනෙ.

හිතන්නකෝ අපි කැමරාවක් දාලා පෙනහළු වලින් පටක කෑල්ලක් ගත්තා කියලා.

හා දැන් මට කියන්න මොකද්ද අපි බලාපොරොත්තු වෙන අපිච්ඡදය කියලා
.
.
.
.
.
.
.
.
.
.
.
.

Simple squamous epithelium
සරල ශල්කමය අපිච්ඡදය
ඒත් ඒක නැතුව වෙන විදියක අපිච්ඡදයක් තිබුණොත්...

සරල ශල්කමය කියන්නේ ඉතා තුනී සෛල තියෙන පටකයක් නේ... කොහොමද සෛල ටික රවුම් වෙලා, න්‍යෂ්ටිකාව අතුරුදන් වෙලා, ක්‍රොමැටීන් විසිරිලා නම්... ප්‍රශ්නයක් ....

අන්න ඒකයි එක එක අපිච්ඡදය තියෙන තැන සහ කරන කාර්‍ය වෙන වෙනම අපි දැන ගන්න ඕනෙ....

A/n මම මේ මගේ භාශාවෙන් ලියන්නේ... හැබැයි උත්තර ලියද්දි ඉතින් ඔයාලට තියෙන වචන දාලා ලියන්න.

කොහොමත් ප්‍රශ්න වලට අහන්නේ පිහිටීම, ව්‍යුහය හා කෘත්‍ය නේ....

Retro BioWhere stories live. Discover now