02. ශ්වසන පද්ධතිය

193 20 7
                                    

මේ හැම පද්ධතියෙම විභාගයට අනුව අපිට ඕනෙ වෙන්නෙ ව්‍යුහය හා කෘත්‍ය නේ....

නහයෙන් පටන් ගත්තම ගර්ත දක්වා. Syllabus එකට අනුව ඔයාලට ඔක්කොම කරුණු ලැබිලනේ ඇත්තේ. දැන් text books තියෙනවා කියලා අහන්න ලැබුණා. එහෙනම් වඩාත් පහසුයි.

නහයේ ඉඳලා ගර්ත වලට යද්දි ඇහැට පේන දේවල් ඒ කියන්නේ nasal septum එක, වටේ තියෙන sinuses (කෝඨරක) වගේ දේවල්, ඊට පස්සේ pharynx (ග්‍රසනිකාව) එක, ඒක බටයක් වුණාට නහයට වගේම කටටත් විවෘත බටයක්, ඊට පස්සේ ඔන්න වෙනස් වෙනවා සම්පූර්ණ බටයකට. දැන් ඕකෙ තියෙන කාටිලේජ, බට බෙදෙන විදිය, ගර්තවල ඇහැට පේන දේ වෙනකල් . සරලව ඕක තමා සැකිල්ල.

ඊට පස්සේ ඇහැට නොපෙනෙන, අන්වීක්ෂයට පේන දේවල්... ඒ කියන්නේ පටක...

ලොකු කොළයක මුළු පද්ධතියම ඇඳලා ඒ ඒ කොටස් ගැන key words ටික ලියලා ශෝට් නෝට් එක හදාගන්න.

දැන් බලමු ඇයි මේ ව්‍යුහය ඉගෙන ගන්නෙ කියලා.
හිතන්නකෝ බබෙක් රටකජු ඇටයක් ශ්වසන පද්ධතියට යවාගෙන් ආව කියලා. එතකොට ඒකේ තැන හරියටම කියන්න x ray ගන්නවනේ... ඔන්න දැන් රටකජු ඇටය තියෙන තැන "දකුණු පැත්තෙ" කියලා විතරක් බෑ. ඒක එළියට ගන්න නම් හරියටම තැන දැනගෙන වැඩේට අතගහන්න ඕනෙ.

විශබීජ ආසාදන එන්න පුලුවන් නාසය ආශ්‍රිත , ඒක සාමාන්‍යය හෙම්බිරිස්සාවක් එහෙමත් නැත්තම් common cold.

කෝඨරක ආසාදනය වුණොත්, අපි කියනවා කෝඨරක ප්‍රදාහය කියලා. අම්මෝ ඒ එන හිසරදය... දන්නෝ දනිති... ඇයි ඉතින් අස්ථි වලින් වට වෙලා, නිපදවෙන ශ්‍රාවයන් එළියට එන්නෙත් අඩුවෙන්, බෙහෙත් බිව්වත් ඒවට හොඳ රුධිර සැපයුමක් නැති නිසා බොන බෙහෙත් වලින් කෝඨරක දක්වා යන්නේ බෙහෙත් ටිකයි. එතකොට රිදෙන තැන අනුව කොයි කෝඨරක ද ආසාදිත කියලා කියන්න නම් ඒවායේ පිහිටීම දැනගෙන ඉන්න ඕනෙ.

කැස්ස....
එක එක හේතුවලට එන්න පුලුවන් , ශ්වසන පද්ධතියට අදාලව ග්‍රසනිකාව ආසාදනය වුනොත් pharyngitis, ස්වරාලය ආසාදනය වුණොත් laryngitis , trachea එක නම් trachitis, bronchi ආසාදනය වුණොත් bronchitis. ඔයවගේ... එතකොට කැස්ස එන විදිය, අනුව පොඩි අදහසක් ගන්න පුලුවන් . ඒත් මේ ව්‍යුහ ගැන හොඳට දැනගෙන ඉන්න ඕනෙ.

Pneumonia එහෙමත් නැත්තම් පෙනහළුවල ආසාදනය, ඒක අපි බෙදනවා broncho pneumonia සහ lobar pneumonia කියලා.

දැන් ඔයාලට තේරෙනවා ඇති "broncho" වචන වැටුණ ගමන් තේරෙනවා ඒක බට දිගේ ඇවිත් බට වලින් වායුව පරිවහනය කරන මාර්ගය ඔස්සේ විසිරිලා කියලා.

"Lobar" කියන්නේ පෙනහළුවල කණ්ඩිකා (මේකද හරි සිංහල වචනය කියලා මට හොයාගන්න බැරි වුණා) ආශ්‍රිත ආසාදනයක්. ඒක ඒ අදාල කණ්ඩිකාව තුළ විතරයි.

සරලව ඔන්න ඔය විදියට තමයි අපිට ව්‍යුහය අවශ්‍ය වෙන්නේ.

කෘත්‍ය
දැන් ශ්වසන පද්ධතියෙන් අපිට ඇති වැඩේ මොකද්ද???
වායු හුවමාරුව, සරලව කිව්වොත් ඔක්සිජන් අපිට දීලා CO2 අරන් යනවා.
දැන් ඕක අපි හිත හිතා කරන්න ගියොත් වැඩේ කෙරෙයිද? අපි හොඳ සිහිය තියෙන ජීවී කොට්ඨාසයක් නිසා ඒක අනිච්ඡානුගව තමයි යාමනය වෙන්නේ. ඒත් අපිට ඕනෙ වෙලාවට පොඩි බලපෑමක් කරන්න පුලුවන් , සිංදු කියද්දි වගේ.

ඔය ශ්වසන යාන්ත්‍රණය ඇණහිටින අවස්තා තියෙනවා නේ... අපි කියන්නේ මැෂින් එකෙන් හුස්ම ගන්නවා කියලා... අන්න ඒකෙදි අපි කරන්නේ බටයක් දානවා trachea එකට (ශ්වාසනාලයට). එතකොට ව්‍යුහය මතක නම්, trachea එකේ විවරය සහ ගලනාලයේ ආරම්භය තියෙන්නේ එකළඟ.... එතකොට වැරදි නාලෙට බටේ දැම්මොත් මැෂිමෙන් දෙන හුළං යන්නේ බඩට... ඉතුරු ටික ඉතින් හිතාගන්න පුලුවන් නේ.

දැන් අපි බටේ දැම්මා, ඊළඟට තව ප්‍රශ්නයක් , අනිච්ඡානුගව හුස්ම ඉහල පහල යන කෙනෙක් නම්, මැෂිමෙන් දෙන වායු ප්‍රවාහයට විරුද්ධව රෝගියා හුස්ම ගත්තොත් ප්‍රශ්නයක් , අන්න ඒ නිසා අපි intercostal muscles , අන්තර් පර්ශුක පේශි (සිංහල වචනය වැරදි නම් කියන්න) සහ මහා ප්‍රාචීරය ක්‍රියා කරන එක නවත්තන්න ඕනෙ. ඒකට අපි ඒ මාංශපේශි ලිහිල් කරන්න muscle relaxants කියන කාණ්ඩයට අදාල බෙහෙත් දෙනවා.

දැන් ඔය බෙහෙත් දීලා අකර්මණ්‍ය කරන්නේ ventilation වලට අදාලව පාඩම් කරන පේශි.

ඊට පස්සේ තව ප්‍රශ්නයක් , දැන් මේ මැෂිමෙන් දෙන හුස්ම ඇතිද... හුස්ම දෙන වේගය, හුස්ම එක්ක යන ඔක්සිජන් ප්‍රමාණය වෙනස් කරන්න ඕනෙද වගේ දේවල් අපි බලන්නේ කොහොමද...

ඒ ටික ඊළඟ කොටසට....

A/n ඔයාලට ලොකු වැඩිද මන්දා මේවා. මේක පාඩම් කරන්න උත්තේජයක් සපයන්න ලියන්නේ.

මේ පාර විභාගේ ලියනවා නම් උත්සහ කරලා බලන්න ලොකුවට පද්ධතිය ඇඳලා, ඒක වටේට key words ටික දාගන්න. එතකොට විභාගෙට කලින් දවසෙ පැය දෙක තුනකින් පද්ධති ඔක්කොම revise කරගන්න පුලුවන් .



Retro BioWhere stories live. Discover now