05 . සංසරණ පද්ධතිය

56 14 36
                                    

මේකට අදාල ඉතින් පොම්පය සහ බට සෙට් එක.

පොම්පය හැදිලා තියෙන්නෙ මොනවායින්ද?
ඔන්න පටක වැදගත් වෙන තැන
හෘත් පේශි වලින් නේ පොම්පය හැදිලා තියෙන්නෙ. ඔය පේශිවල හොඳට නම් කරපු රූපයක් ඔලුවේ තියෙන්න ඕනෙ..
ඒක අනෙක් ඒවායින් වෙන් වෙන්නෙ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනෙ.

දැන් අපි කියන හාට් ඇටෑක් එකකදි මොකද වෙන්නෙ? ඒකෙදි වෙන්නෙ මේ පොම්පෙ බිත්තිවලට ලේ සැපයුම අඩාල වෙනවා. ඒ කියන්නෙ ඔක්සිජන් නැතුව යනවා. ඔක්සිජන් නැතුව ගියාම සෛල මියයන්න පටන් ගන්නවා.

එතකොට පපුව රිදෙන ලෙඩෙක් ආවම අපි ලේ වලින් සහ පපුවෙ පටි එහෙමත් නැත්තම් ecg පටිවලින් තමා ලෙඩේ තීරණය කරන්නෙ.

ඔය ගන්න ecg පටි දිහා බලලා හාට් එකේ මෙන්න මේ කොටස් තමා විනාසවෙන්න පටන් අරන් තියෙන්නෙ කියලා අපිට කියන්න පුලුවන්.

අන්න ඒකට තමා පොම්පයේ කුටීර හතර සහ දොරවල් / කපාට වැදගත් වෙන්නෙ.
මේක නම් ඇඳලම මතක තියාගන්න ඕනෙ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ කියන හෘදයවස්තුව ❤ මේ හැඩය නම් නොවෙන බව....

ඉතින් මම ඒකෙ කොටස් කියන්න යන්නෙ නෑ. ඒවා දන්නවනේ ඔයාලා. දැන් මේ ecg පටියේ ඉහල පහල යෑම් සිද්ධ වෙලා තියෙන තැන අනුව අපට හිතාගන්න පුලුවන්.
උදාහරණයක් විදියට වම් කෝෂිකාවට අදාල කොටස් මිය යන්න පටන් අරන්ද කියන එක, කපාට ආශ්‍රිතව, කෝෂිකා අතර තියෙන බිත්ති වල ප්‍රශ්න වගේ.

වම් කෝෂිකාව ආශ්‍රිත හාට් ඇටෑක් එකක් නම් ප්‍රශ්න වැඩියි. ඒ ඇයි...
වම් කෝෂිකාව තමා මුළු ශරීරෙටම ලේ බෙදන්නෙ. ඒ නිසානෙ ඒකේ බිත්තිය ඝනකම්. ඉතින් මේ ඝනකම් බිත්තිය මැරුනොත් මොකද වෙන්නෙ, පොම්පය විදියට ලොකුම කාර්‍යයක් කරන කොටස ඇණහිටිනවා. ඒ කියන්නෙ heart failure එකක් සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේ එකක් වුණාම ඉතින් දිගු කාලීන ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. අන්න ඒකයි ඔය කොටස්වල වැදගත්කම වෙන වෙනම දැනගන්න ඕනෙ.

එතකොට ඔය හාට් පොම්පෙට තියෙනවා ලේ සපයන බට පද්ධතියක් වගේම කරන්ට් එක සපයන වයර් පද්ධතියක්. 

සරලව එහෙම හිතමු. ඔය බට පද්ධතිය තමයි coronary circulation එක. ඒකට සිංහලෙන් කියන නම මං හිතන්නෙ හෘදයේ රුධිර සංසරණ පද්ධතිය වෙන්න ඕනෙ.
ඔන්න ඔය බට දිගේ කොලෙස්ටෙරෝල් තැන්පත් වුණාම ඒවා හරහා ලේ ගමන අඩුවෙනවා. ඒ වගේම ඒ තැන්පතු ඇතුලට එක පාරට රුධිර වහනය වෙන්නත් පුලුවන් , ඒ වගේම ඒවා නිසා ලේ කැටි ඇති වෙන්නත් පුලුවන් . ඔන්න ඔය කරුණු තමා හාට් එකට ලේ සැපයුම අඩු කරන්නෙ.එතකොට තමා අර කලින් කිව්ව හාට් ඇටෑක් එන්නෙ.

Retro BioWhere stories live. Discover now