10 සිරෝසිස්

51 11 3
                                    

ඊයේ ලැබුණ ඉල්ලීමකට අනුව සිරෝසිස් ගැන වැඩියෙන් ලියන්න ඕනෙ කියලා හිතුනා... මොකද මේක එදිනෙදා ජීවිතේට වැදගත් නිසා...

සිරෝසිස් වලදි වෙන්නෙ මොකද්ද....

01) අක්මාවෙ සෛල වලට මොකක් හරි injury එකක් කාලයක් තිස්සේ වෙලා, එහෙමත් නැත්තම් දිගින් දිගටම තුවාල වීමක් වෙලා ඒවා ආපදාවට ලක් වෙනවා.

02) එතකොට මේ තුවාල හොඳ කරගන්න mechanism (ක්‍රමවේදයක්) ඇඟෙන් පටන් ගන්නවා. මේකෙ අවසාන ප්‍රතිඵලය තමා හොඳට තිබ්බ සෛල වෙනුවට තන්තු පටකය තැන්පත් වෙන එක.

03) සාමාන්‍යයෙන් ඇඟේ ඕනෙම තුවාලයක් හොඳ වෙද්දි ඔය තන්තු තැන්පත් වීම වෙනවා. ඒත් සිරෝසිස් තත්ත්වයක් වර්ධනය වෙද්දි මේ තන්තු වැඩියෙන් තැන්පත් වෙනවා.

04) මෙහෙම අක්මා සෛල වෙනුවට තන්තු තැන්පත් වෙන වේගය විවිධ හේතු මත තීරණය වෙනවා.

05) අපි සිරෝසිස් කියන්නෙ තන්තු තැන්පත් වීම උපරීමයටම වෙලා අක්මාවේ රුධිර සංසරණයත් අඩාල වෙන අවස්තාවට. ඉංගිරිසියෙන් කියනවා නම් liver fibrosis තමා මුලින් වෙන්නෙ. මේක දිගින් දිගටම වෙලා තමා liver cirrhosis මට්ටමට එන්නෙ.

කොහොමද මේ ලෙඩේ පටන් ගන්නෙ...
1) මත්පැන්
2) හෙපටයිටිස් C ආසාදනය
මෙන්න මේ දෙක තම බටහිර රටවල දැනට හොයාගෙන තියෙන ප්‍රධානම හේතු දෙක.

ආසියාවේ සහ අප්‍රිකාවේ නම් හෙපටයිටිස් B තමා දෙවනි තැන ඉන්නේ.

හරි දැන් කතා කරමු NASH ගැන...
මොකාද මේ නෑෂ්??

Non Alcoholic Steato Hepatosis

මේක අපේ පරම්පරාවේ ලෙඩක්. ඒ කියන්නෙ 1980 ගණන් වලට කලින් මෙහෙම එකක් පොතපතක ලියවෙන්න තරම් වාර්තා වෙලා නැහැ. තියෙන්න ඇති, ඒත් unrecognized.

1980 ගණන් වලින් පස්සෙ කෑම ඉතා සුලබ වුණා, ජීවන රටාව ඉතාම උදාසීන වුණා. කනවා කනවා ඒත් වැය වෙන්නෙ නෑ.

එහෙම කෙනෙක්ට මේක හැදෙන්න ඉඩ වැඩියි. මේකට හෝමෝන, පෝෂණය, ජාන කියන ඒවත් බලපානවා.

මේ නෑෂ් කට්ටිය ගෙ ඇඟ ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වනවා අඩුයි. ඒ වගේම බහුතරයක් අධි බර අය. අධි බර අය ඉන්සියුලින් වලට ප්‍රතිරෝධයක් පෙන්නනවා.

එතකොට මේද පටක වලින් මේද අම්ල නිකුත් වෙනවා රුධිරය ට. අක්මාවේ ග්ලයිකෝජන් තැන්පත් වීම අඩු වෙනවා. අක්මාවෙන් මේදය නිපදවීම (මම හරි සිංහල වචනෙ දන්නෙ නැතෝ...
Lipogenesis කියලා කියන්නෙ ඉංගිරිසියෙන් )

අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද... අක්මාවට ලැබෙන තෙල් ප්‍රමාණය වැඩි වෙලා.... මේක ලොකූ ක්‍රියාවලියක්... සරලවම කිව්වේ.

අධි බර ➡️ ඉන්සියුලින් ප්‍රතිරෝධය ➡️
මේදය අසාමාන්‍ය ලෙස සංසරණයට මුදා හැරීම ➡️ එම මේදය අක්මා සෛලවල තැන්පත් වීම.

(මේ මගෙ වචන වලින්, ඔයාලගෙ text book එකේ වචන අනුව පාඩම් කරන්න හොඳේ, නැත්තම් විභාගෙදි ලකුණු නැති වේවි...)

ඔන්න අන්තිමට මැක්කගෙ කතාව වගේ මේ නෑෂ් එකත් ඉවර වෙනෙ සිරෝසිස් ම වෙලා. ඇයි?

නෑෂ් එකේදිත් අක්මා සෛලවලට හානි වෙනවනෙ තෙල් තැන්පත් වෙලා... ඉතින් හානි මකන්න එනවා තන්තු, ඇවිත් හදනවා සිරෝසිස්...

දැක්කනෙ මත්පැන් නොබිත් සිරෝසිස් වෙනවා අන්තිමට 😫

මෙහෙම සිරෝසිස් වුණාම මොකද්ද කරන්න පුලුවන් ?

එකම විසඳුම ඉතින් අක්මාවක් බද්ධ කරන එක තමයි 😏 ඒක ලංකාවෙත් කෙරෙනවා... හැබැයි පොරොත්තු ලේඛණ... නෑ ඒවා ගැන කතා නොකර ඉමු... 😓


A/n හලෝ ඔන්න ඊයෙත් ලියලා අදත් ලීවා... මොකද මේ request එක කළ කෙනාට ඉක්මනට ඒ ගැන කියන්න ඕනෙ කියලා හිතුනා...

අහ් ඔය උඩින් දාපු වීඩියෝ එක, කැමති නම් බලන්න. 🤭 මම තමාලු ඉන්නෙ. මගෙ theatre day එකක vlog එකක්.

ඔයාලට ඉතින් human body එක ගැන මොනා හරි දැනගන්න ඕනෙ නම් අහන්න. A/L උත්තර ලියන්න ගැලපෙන විදියට නම් කියා දෙන්න මම දන්නෙ නැහැ. සාමාන්‍ය වහරින් ප්‍රායෝගික දෙයක් නම් කියා දෙන්න පුලුවන් .

ආයි වෙලාවක් ලැබුණොත් ලියන්නම්....
බායි...

මීට mad නැන්දා... 😅

Retro BioWhere stories live. Discover now