08

68 13 0
                                    

අද නම් පද්ධතියක් ගැන නෙවෙයි. මේ ලියන්නෙ අද A/L රිසල්ට්ස් ආව අයට.

මුලින්ම අකුරු මොනවා වුණත් ඔයාලා ජීවිතේ එක අංශයක් අපට වඩා ඉතා ඉහලින් සමත් වෙලා තියෙනවා , ඒ තමා දරාගැනීමේ හැකියාව.

කොවිඩ් එක්ක ජීවිතේ උඩුයටිකුරු වෙලා තියෙද්දි කොහොම හරි සිලබස් කවර් කරගෙන විභාගෙට ගිය එකම ජයග්‍රහණයක්.

ඊළඟට තමන් කැමති කෝස් එකට යන්න ප්‍රතිඵල ගත්ත අයට සුබ පැතුම්. මේ තීරණය වුණේ ඔයාලගෙ ජීවිතේ , තෝරාගැනීම මොකක් වුණත් සතුටින් ඒ කරන දේ කරන්න.

දැන් මම වගේ අයට...
ඔයාලා දන්නවනෙ මමත් පළවෙනි පාර විභාගෙන් ඒ තරම් හොඳ ප්‍රතිඵල ගත්තෙ නෑ. මම දැනගෙන හිටියා මට යන්න වෙන්නෙ bio science බව. මොකද mcq හරිගිය ගානෙන් දළ අදහසක් ගන්න පුලුවන් නිසා.

ඉතින් දෙවනි පාර ඊට වඩා හොඳට කරන්න හිතාගෙන වැඩ කළා. දෙවනි තුන්වෙනි පාර විභාගයක් ලියන එක කිසි සේත්ම ලැජ්ජවක් නෙවෙයි. ඒක ආඩම්බරයක්. මොකද ඔයා සටන අත් නොහරින නිසා. ඒ අත් නොහරින සටන සුපිරි ලෙස ඉවර කරන්න පටන් ගැන්මෙ ඉඳලම හිතාගන්න.

කොහොමත් දෙවනි පාර ලියන්න හිතුව ගොඩක් අය දැනටමත් ඒකට ලෑස්ති වෙලා ඇති කියලා මම හිතනවා. මොකද විභාග තියෙන දින ගැන ප්‍රශ්නයක් ආව නිසා.

සටන අත අරින්න එපා. ප්ලෑන් කරලා හොඳ ගේමක් ගහන්න.

මේ වෙලාවෙ " ඔයා හොඳට කළේ නෑ" කියලා ගෙදරින් අවලාද අහන අයට..
මේ ඔයාගෙ ජීවිතේ , අනං මනං කියන අය එහෙම කියන්නෙ එයාලගෙ හීන ඔයාලා තුළින් දිනාගන්න හැදුව නිසා.

ඉතින් ඒ වචන කොහොම හරි අමතක කරන්න. එහෙම කියන අයට දවසක ඔයා ඔයාගෙ විදියට ජීවිතේ දින්න බව ක්‍රියාවෙන් පෙන්නන්න.

දැන් කොටස නම් අදාලම අයට විතරයි , මෙඩිසින් කිට්ටුවට ඇවිත් ඒක මිස් වෙලා , නැවත විභාගය නොලියන අය...

නෑ මේ ජීවිතේ අවසානය නෙවෙයි. මේ පටන් ගැන්ම. ඉස්සර කාලෙ මෙඩිසින් විතරයි හොඳ කියලා කිව්වට මේ ලංකාවෙන් එළියට ගියාම මේකත් එක qualification එකක් විතරයි.

මගෙ යාලුවෙක් ඉන්නව පළවෙනි පාරම මෙඩිසින් නොයා Peradeniya science ගිහින් chemistry කරපු. එයා දැන් ලංකාවෙත් නෑ හැබැයි.

ඉතින් මොන දේ ලැබුණත් ජීවිතේ නතර වෙන්නෙ නෑ. ඒක ගලාගෙන යනවා. ඒක ගලාගෙන යන්නෙ කොයි ඉසව්වටද කියන එක වගේම ගලාගෙන යද්දි ඔහේ ගලනවද, දිය ඇළි, රැළි එක්ක ගලනවද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ...


Retro BioWhere stories live. Discover now