09 අක්මාව

52 13 16
                                    

අද අක්මාව ගැන ලියන්න හිතුනා... අක්මාව මතක් කළාම මේ දවස්වල නම් මට තරහා යනවා. මොකද අපිට එන්න හිටිය එක්කෙනෙක්ව අක්මා අංශය බලෙන් එයාලගෙ ඒකකයට ගත්තා. ඒ නිසා අපිට දැන් හුස්ම ගන්න බැරි තරම් work load එකක් දරාගන්න වෙලා...

ඒක ඉතින් මේකට අදාල නෑනේ... 😅

හරි අක්මාව, ව්‍යුහය ඇයි වැදගත්....
අක්මාවට රුධිර සැපයුම අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒකට ඉතා හොඳ රුධිර සැපයුමක් තියෙනවා , විශාල රුධිර ධාරිතාවක් එක මිනිත්තුවකට අක්මාව හරහා ගමන් කරනවා. ඒ වගේම එක lobule එකකට රුධිර නාල විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා.

නිකමට හිතන්න accident එකක් වෙලා අක්මාව ඉරෙනවා කියලා. ඒකෙන් වෙන රුධිර වහනය කොච්චර වෙයිද? හැකි ඉක්මනට ලෙඩාව ශල්‍යාගාරයට අරන් උදර කුහරය විවෘත කරලා අක්මාව හරහා වන රුධිර වහනය නවත්තන්න ඕනෙ. ඒකට liver packing කියලා කියනවා.

ව්‍යුහය ආයි වැදගත් වෙන්නෙ ඉතින් අනවශ්‍ය ගැටිති වගේ දේවල් ආවම, ඒවා කපන විදිය වගේ ඒවා තීරණය කරන්න.

කෘත්‍ය හිතුවොත්.... කරුණු නම් ගොඩයි...
මම එදිනෙදා අපි දකින දේවල් කීපයක් කියන්නම්...

Systhesis / සංස්ලේෂණය

අක්මාවෙන් ප්‍රෝටීන නිපදවෙනවා. ඔයාලා අහලා ඇති මත්පැන් නිසා අක්මාව අකර්මණ්‍ය වෙලා මිය යන අය අන්තිම කාලෙ ඉදිමිලා හිටියා කියලා එහෙම. එහෙම වෙන්නෙ ඇයි?
අක්මාවෙන් ඇල්බියුමින් නිපදෙවෙනවානෙ. ඔය ඇල්බියුමින් තමයි රුධිර නාල ඇතුළේ ජලය රඳවා ගන්නෙ. ( මේ සරලව හොඳේ... මේකෙ physiology ලියන්නෙ නෑ මම)
අක්මාව වැඩ කරන්නෙ නැතුවම ඇල්බියුමින් නැති වෙනවා. එතකොට පටක අස්සෙ තියෙන වතුර රුධිරයට උරා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඇඟ ඉදිමෙනවා. බඩ එහෙම පිම්බිලා එන්නෙ ඒ නිසා.

අක්මාවෙන් නිපදවෙනවා ලේ කැටි ගැසීමට අවශ්‍ය සංඝටක. ඒවා නිපදවීමත්  අක්මාව අකර්මණ්‍ය වුණාම නැතිවෙනවා. ඒ නිසා එයාලගෙ රුධිර වහනය වෙන්න ඉඩ වැඩියි.

විෂහරණය / detoxification

ඔයාලා අහලා තියෙනවා ද දන්නෙ නෑ, සමහර බෙහෙත් අපි බිව්වම ඒවායේ අදාල කාර්‍ය ඉටුවුණාට පස්සෙ ඒවා වෙනත් සංඝටක වලට බිඳලා විෂ හරණය කරන්නෙ අක්මාවෙන්. ඉතින් විෂ හරණ ක්‍රියාව අක්මාවෙන් වෙන්නෙ නැත්තම් ඒකත් ප්‍රශ්නයක්. අක්මාව සවුත්තු වෙලා මිය යන ඇතැම් රෝගීන් අන්තිම කාලේ සිහි විකල් වෙලා හිටියා කියලා අහලා තියෙනවා ද? එහෙන වෙන්නෙ අක්මාවෙන් විෂ හරණය නොවෙන නිසා ඇතැම් විෂ රසායනික ද්‍රව්‍ය රුධිරය තුළ පවතින සාන්ද්‍රණය ඉතා වැඩි වෙලා මොළයටත් බලපෑවම. ( මේ ඉතා සරලව කිව්වේ) ඔන්න විෂ හරණය අමතක කරන්න බෑ එහෙනම්..

ආහාර ජීර්නයට අදාල දේවලුත් අක්මාවෙන් නිපදවෙනවා නේ. එතකොට මේවා නැති වුණාම මොකද වෙන්නෙ අදාල පෝෂක අවශෝෂණය අඩාල වෙනවා. හැබැයි මේ ලෙඩ්ඩු වැහැරිලා ගිහින් වගේ නොපෙනෙන්නෙ පුලුවන් , ඇඟ වතුර නිසා ඉදිමිලා නම්....

 හැබැයි මේ ලෙඩ්ඩු වැහැරිලා ගිහින් වගේ නොපෙනෙන්නෙ පුලුවන් , ඇඟ වතුර නිසා ඉදිමිලා නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ගල්මලක් වගේ වෙලා තියෙන්නේ සිරෝසිස් හැදුන අක්මාවක්....

සිරෝසිස් හැදෙන්නේ අක්මාවේ සෛල වලට එක එක හේතු නිසා ඩැමේජ් වුණාම ඒවා ආයි සුව වෙද්දි, තන්තු පටක තැන්පත් වෙනවා. එතකොට වැඩ කර කර හිටිය සෛල තන්තු පටක තැන්පත් වීම නිසා කලින් කළ කාර්‍යයන් කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා.

මේක මත්පැන් වගේම තව ගොඩා...ක් හේතු නිසා වෙන්න පුලුවන් දෙයක්.

ඇත්තටම අක්මාව අකර්මණ්‍ය වුණාම අක්මාවක් අලුතින් බද්ධ කරන එක හැර විකල්පයක් නැහැ. දැන්නම් ලංකාවෙත් අක්මා බද්ධ කෙරෙනවා.

.
.
.
A/n හායි රීඩර්ස්, ඔයාලා හොඳින් නේද? මට ගොඩක් දවසකින් ලියන්න බැරි වුණා ඉතින්... හැමෝම පාඩම් වැඩ හොඳට කරගෙන යනවා නේද?

මං දන්නවා ඔයාලට වෙලාවකට එපා වෙනවා ඇති, මේ මොන කරදරයක් ද කියලා හිතෙනවා ඇති... ඒත් තමන්ට කියලා රස්සාවක් හොයාගෙන, කාටවත් යටත් නොවී ජීවත් වීම තරම් සහනයක් මේ ලෝකේ කොහෙවත් නෑ....

පාඩම් කරනවා නේද ඒ නිසා....

Retro BioWhere stories live. Discover now