07. ආහාර ජීර්ණ පද්ධතිය (1)

79 11 58
                                    

අද මොනාද කතා කරන්නේ...
ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරමුද...

(අන්තිමට ෆොටෝ දෙකක් දැම්මා. ස්ට්‍රෙස් වෙයි කියලා හිතෙනවා නම් ඒ ටික බලන්න එපෝ)

ඒක ඉතින් බටයක් නේ. ඔය බටේ පටන් ගැන්මේ ඉඳලා අවසානය දක්වා එක එක වෙනස් කම් එක්ක ඇඹරිලා කැරකිලා නෙ ගමන් කරන්නෙ.

ඒ වගේම බටේට තව කෑලි සෙට් වෙනවා.  ඛේඨ ග්‍රන්ථි , අක්මාව, අග්න්‍යාශය එහෙම.

ඒ වගේම බටේ එක එක තැන්වලින් කෙරෙන්නෙ එක එක කෘත්‍යයන්. එතකොට හැම තැනම එකම විදියට් තිබිලා බෑ. වැඩේ හැටියට පටක වෙනස් වෙන්න ඕනෙ.

අන්න ඒකයි බටේ එක එක තැන්වල හරස්කඩ පොඩි පොඩි වෙනස්කම් එක්ක හැදිලා තියෙන්නෙ.

මම මේ සිස්ටම් එක කොටස් දෙකකට ලියන්නම්.

දැන් මේ බටේට වැඩ කරන්න කරන්ට් එක දෙන ස්නායු තියෙනවා නේ. ඒවා එන්නේ ස්නායු පද්ධතියේ ඉඳලානේ. එතකොට ඔය ස්නායු පද්ධතියෙ මොකක් හරි වයර් ෂෝට් එකක් වුණොත් මොකද වෙන්නෙ. කරන්ට් එක එන්නෙ නෑ. අපි සරලවම ඒකට කියනවා stroke, එහෙමත් නැත්තම්  අඝාතය කියලා. එතකොට මොකද වෙන්නෙ ගිලින වැඩේ හරියට වෙන්නෙ නෑ. පිට උගුරේ යනවා, කැස්ස එනවා. ඔයාලා දැකලා ඇති එහෙම වුණ අයට නහයෙන් බටයක් දානවා.

ඒක නහයෙන් දැම්මට යන්නෙ, නාසා ග්‍රසනිකාව, oro pharynx (මෞඛ ග්‍රසනිකාව) ගලනාලය හරහා ආමාශයට. එතකොට ඒකෙන් කෑම දිය කරලා යැව්වම කෙලින්ම ආමාශෙට. ගිලින්න තියෙන අමාරුව නිසා කවන ඒවා පෙනහළු වලට යන එක ඒකෙන් වැළකෙනවා.

ආඝාතය තත්ත්වය එන හැම කෙනාටම ගිලින්න බැරි වෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ ග්‍රසනිකාවට, ගලනාලයට කරන්ට් එවන area එකට ප්‍රශ්නයක් වුණොත්. ඒක හරියටම දැනගන්න නම්, ඒ කොටස්වල ස්නායු සැපයුම මතක තියෙන්න ඕනෙ.

ආමාශය සහ ගැස්ට්‍රයිටිස්

හොට් ටොපික් එකක්නේ පාඩම් කරද්දි ස්ට්‍රෙස් එකට ගැස්ට්‍රයිටිස් එන එක. ඔය ආමාශයේ තියෙනවනේ අම්ල ස්‍රාවය කරන පොම්ප. ඒවා පිස්සු නටන්න ගත්තම වගේම Helicobactor pylori කියන ක්ෂුද්‍ර ජීවියා ආමාශෙට සෙට් වුණාමත් ගැස්ට්‍රයිටිස් එනවා. හෝමෝනමය බලපෑමකුත් තියෙනවා, Gastrin එහෙම.

Retro BioWhere stories live. Discover now