04. ශ්වසන පද්ධතිය II

82 15 13
                                    

ශ්වසනය පාලනය වෙන්න වැදගත් වෙන්නේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය.

ඒ වගේම තමා රුධිරයට තියෙනවා Ph අගයක්. ඒක 7.35 - 7.45 අතර පවත්වා ගන්න ඕනෙ.

මූලිකවම අර මං කලින් කිව්ව මැෂිමෙන් හුස්ම දෙනකොට ඔන්න ඔය කාරණා ගැන අපි සැලකිලිමත් වෙනවා.

අපි බටයක් දාලා සිහි නැතිකරලා ශ්වසන පාලනය අපේ අතට අරගත්තම වැඩේ ලේසි නෑ. මොකද හුස්ම ගන්න වේගය ඇතිද, ලේ වල ph අගය නිසි මට්ටමේ තියෙනවා ද කියලා අපි බලන්න ඕනෙ.

ඒකට අපි කරනවා blood gas analysis කියලා පරීක්ෂණයක්.

ඒකේ එන ප්‍රතිඵල අනුව තමයි අපි මැෂිම පාලනය කරන්නේ.

හුස්ම ගන්න වේගය අඩු වුණාම මොකද වෙන්නේ. CO2 ඇඟේ එකතු වෙනවා. සාමාන්‍යයෙන් CO2 ඇඟ ඇතුලේ තියෙන්නේ කොහොමද... CO2 එක්ක H2O එකතු වෙලා කාබනික් ඇසිඩ් හැදෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ බයි කාබනේට් සහ H+ විදියට.

එතකොට හුස්ම ගන්න වේගෙ අඩු නම් ඇඟේ H+ වැඩියි. ඒක අපි දැනගන්නේ Ph අගයෙන්. H+ අයන වැඩියි කියන්නේ, ආම්ලිකයි, ඒ කියන්නේ ph අගය අඩුයි, අපි බලන රිපෝර්ට් එකේ ph අගය 7.35 ට වඩා අඩුයි.

ඒ වගේම CO2 ආංශික පීඩනය වැඩියි. එතකොට අපි මේක සාමාන්‍යය මට්ටමට ගන්න නම් මොකද කරන්න ඕනෙ... හුස්ම ගන්න වේගය වැඩි කරන්න ඕනෙ. එතකොට CO2 වැඩිපුර ඇඟෙන් ඉවත් වෙනවා... H + අයන අඩුවෙනවා, ph අගය සාමාන්‍යය වෙනවා.

දැන් අපි මේක කළේ මැෂිමකින් ආව රිපෝර්ට් එකක් බලලානේ. ඕක සාමාන්‍යය කෙනෙක්ගේ නම් වෙන්නේ chemoreceptors / රසායනික ප්‍රතිග්‍රාහක වලින්. ඒවා තමා H අයන ගැන, CO2, O2 ප්‍රමාණ ගැන දත්ත pons සහ medulla වෙත ගෙනියන්නේ. ( මම හිතන්නේ මේකට කියන්නේ ශ්වසන  මධ්‍යස්ථානය කියලා. ඔයාලට pons, medulla වෙනම උගන්නනවද නම් දන්නෙ නෑ)

මේ එක උදාහරණයක් විතරයි , මම ලියන ඒවා ඔයාලට ලොකු වැඩියි වගේ නිසා වැඩිය ලියන්නෙ නෑ.

ශ්වසන යාමනය පාඩම් කරන්න ඕනෙ මෙන්න මේ වගෙ දේවල් නිසා කියලා කියන්නයි ඕනෙ වුණේ.

A/n ඊළඟ කොටසින් සංසරණය කතා කරමු. මම මේ දවස්වල කියවන්නේ ඒක නිසා. ඔයාලට conduction system එක, හෘත් චක්‍රය cardiac cycle , වගේ දේවල් ගැන කියන්නම්. හාට් ඇටෑක් ගැනත් ලියන්නම්.

Retro BioWhere stories live. Discover now