06

61 12 6
                                    

අද නම් ආවේ පද්ධතියක් ගැන කතා කරන්න නෙවෙයි...
පොඩි කරුණු කීපයක් කියලා යන්න.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ bio පාඩම් කරනවා, අමතක වෙනවා කියන එක.

මෙහෙමයි මමත් පළවෙනි පාර අනාගත්ත එක්කෙනෙක්. හැබැයි මට පළවෙනි පාර විභාගෙට මාසෙකට කලින් වගේ සබ්ජෙක්ට් තුනේම විෂය නිර්දේශ සම්පූර්ණ කරගන්න පුලුවන් වුණා.

ඉස්කෝලේ , පන්ති ඔක්කොම අස්සෙ පාඩම් කරන්න ඇත්තටම මට අමාරු වුණා.

මට දැන් හිතෙනවා , හරි ඉලක්කයක් නැතිව ඔහේ පාඩම් කළ නිසාත් මට එහෙම වෙන්න ඇති කියලත්.

Bio වලට ඒ කාලේ text books තිබ්බෙ නෑ. ක්ලාස් එකේ නෝට් එක තමයි මම පාඩම් කළේ. (ඉස්කෝලේ නම් වෙනම කතාවක්, ඒ ගැන ලියන්න මම කැමති නෑ. ඉස්කෝලෙට මම ආදරෙයි, ඒත් අන්තිම අවුරුදු දෙක තුළ මට හමුවුණ ගුරුවරු ගැන මගෙ හිතේ ලොකු භක්තියක් නෑ)

දැන් මං දන්න තරමින් text books තියෙනවා , එතකොට ඒකට අනුව පාඩම් කරන්න පුලුවන්.

අපි කැම්පස් ගියාම ඉස්කෝලේ වගේ spoon feeding එකක් වෙන්නෙ නෑ. Lectures කෙරුණත් ගොඩක් ඒවා තනියෙන් කියවලා තේරුම් ගන්න ඕනෙ. ඉතින් ඔය හැකියාව උසස් පෙළ කාලෙම හදාගත්තම ලේසියි. මොකද ඕනෙම උපාධි පාඨමාලාවක් කෙරෙන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ ඒ විෂය අනුව වචන විවිධ වෙන්න පුලුවන්. ඉතින් අපිටත් මුලදි නෝට් එකක්වත් ලියාගන්න බෑ. ඒත් කාලයක් යද්දි ඒක හරියනවා.

මම කැම්පස් ගිය දවසේ ඉඳලා මේ වෙනකල් (2009 සිට අද දක්වා) කරපු හැම විභාගයක්ම කළේ past papers එක්ක. ඒ කියන්නෙ, පාඩම් කරන්න කලින් මම ඒ ඒ කොටසට අදාල පේපර්ස් බලනවා. බලලා ඒවයේ අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද කියලා බලලා ඒ අනුව තමා පාඩම පටන් ගන්නෙ.

ඒකෙන් තේරුම් ගන්න පුලුවන් මොනවද දැනගෙන ඉන්න ඕනෙ කියලා. උදාහරණයක් විදියට හෘත් චක්‍රය විස්තර කරන්න් කියලා ප්‍රශ්නයක් ඔයා පේපර්ස් බලද්දි දැක්කා නම්, ඒ කොටස පාඩම් කරද්දි ඒවා ඔලුවට දාගන්න ඕනෙ, රචනා ප්‍රශ්නයකට ලියන්නෙ මොනවද කියන එක අනුව.

සත්ත්වයා පාඩම් කරද්දි දෙවනි පාර, මට තිබ්බා B5 size කොළ එකතු කරලා හැදුව ශෝට් නෝට් එකක්. ඇත්තටම මේක මට කියාදුන්නෙ මගේ බයෝ ටීච / අම්මා ❤❤
(අහ් අම්මා බයෝ ඉගැන්නුවට මට එහෙමට බයෝ බෑ ඒ කාලේ 😅)

ඔය පොතේ එක පිටුවක් එක පද්ධතියකට. කොලේ මැද අඳිනවා සිස්ටම් එක, ඊට පස්සෙ කොටස් ලකුණු කරලා key words දෙකක් තුනක් ඒ ළඟ ලියනවා.

ඒ කොලේම එක කොනක අදාල යාමනය ගැන ගැලීම් සටහනක් දාගන්න පුලුවන්. ප්‍රජනක පද්ධතිය නම් අර හෝමෝන තියෙන ප්‍රස්තාර ටික.

මෙහෙම හදන නෝට් එකට පේළි ගනන් ලිවීම තහනම්. වැදගත් වචන / key words විතරයි. සාමාන්‍යයෙන් මටනම් එක නෝට් එකක් හතර පස් පාරක් කියවන්න ඕනෙ. ඒත් අන්තිම වෙද්දි ඒවා එහෙම ෆුල් කියවන්න වෙලා මදි. ඒ නිසා දවසට එක පිටුව ගානෙ මේ හදාගත්ත නෝට් එක බලන්න ඕනෙ.

අපි පාඩම් කරන ඒවා නිතර ආයි බැලුවේ නැත්තම් අමතක වෙලා යනවා. ඒක වළක්වන්න බූස්ටර් ඩෝස් දෙන්න ඕනෙ. ඒ කියන්නෙ කෙටියෙන් ආයි කියවන්න ඕනෙ සතියකට එක පාරක්වත්.

ඊට අමතරව අනිවාර්යයෙන් ප්‍රශ්න කරන්න ඕනෙ. උසස් පෙළ කියන්නෙ පාඩම් කරලා විතරක් ගොඩ යන්න පුලුවන් එකක් නෙවෙයි. ටියුට් වල දෙන ප්‍රශ්න ආයි ආයි කරන්න ඕනෙ.

Summary
💎 Past papers
💎 Real short notes
💎 Booster dose

A/n අද ලියපු එකෙන් මොනාහරි ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා.
අපි faculty එකේ පළවෙනි වසරෙ බැලුව පොතක ෆොටෝ එකක් මේකට දාලා ආයි අහක් කළා.. උත්තේජනයක් දෙන්න හිතලා දැම්මට ඔයාලා බය වෙයිද කියලා හිතුනා.

ඔයාලට A/L ගැන, medicine ගැන, දැනට අපේ ෆීල්ඩ් එකේ තත්ත්වය සහ අනාගතයේ මේ ෆීල්ඩ් එකට වෙයි කියලා අපි හිතන දේවල් ගැන මොනාහරි දැනගන්න ඕනෙ නම් අහන්න.

ඊළඟ කොටසින් හමුවෙමු...

Retro BioWhere stories live. Discover now