දෙවන වර කරනවද???

91 15 7
                                    

කාලෙකට පස්සෙ මට මේ පොතේ ලියන්න හිතුනා. හේතුව, ඊයෙ මට ආව මැසේජ් එකක්. ඒ නංගිට පළවෙනි පාර තියෙන්නේ මට තිබුණ ප්‍රතිඵල මයි. ඔව් BBC, මටත් එහෙම තිබුණෙ. Physics වලට C.

අවංකවම mcq හරි ගිය ගාන එක්ක මම දැනගෙන හිටියා ඕක තමා වෙන්නෙ කියලා. ඒත් ඉතින් පොඩ්ඩක් ශෝ එකට ඇඬුවා.

කොහොමත් මම පළවෙනි පාර අවසාන කරලා සතියයි නිවාඩු ගත්තෙ. ඒ සතියේ deathly hollows, HP අන්තිම පොත, ඒක කියවලා මූඩ් ගහලා හිටියා 😑

ඊට පස්සෙ කාමරය අස්පස් කරලා ආයි පටන් ගත්තා. මට කොහොමත් පළවෙනි පාර විභාගය කරද්දි විෂය නිර්දේශ සම්පූර්ණ වෙලා තිබුණෙ. එතකොට මට ආයි තියරි පන්ති යන එක කිසිම තේරුමක් නෑනෙ.

දැන් ඊයෙ රිසල්ට්ස් ආව අයට මාස ගානක් ඉවරයිනෙ කියලා හිතෙන්න පුලුවන් , ඒත් ඔයාලා ප්‍රමාද නෑ. අදම පටන් ගන්න.

රිවිෂන් යද්දි ආයි ආයි තියරිම අතගාන පන්තිවලට යන්න එපා. වෙලාව තියලා පේපර්ස් කරවන පන්ති වලට යන්න. මම ගිය බයෝ, chemistry පන්ති දෙකම එහෙම ඒවා. බයෝ නම් අම්මනෙ ක්ලාස් කළේ , ෆුල් පේපර් එකක්ම ටයිම් තියලා ලියනවා. කොච්චර පාඩම් කරලා තිබුණත් ඒවයේ භාවිතය සහ දෙන කාලය ඇතුළත අදාල කරුණු දාලා උත්තර ලියන්න බැරි නම් මේ රේස් එක දිනන්න අමාරුයි .

අනික් කාරණය, තමන්ගෙ පාඩම් රටාව මුලින්ම අඳුර ගන්න. උදාහරණයක් විදියට මට පට්ට ක්‍රෑමිං, මට එක දෙයක් මතක තියාගන්න ගොඩක් සැරයක් කියවන්න ඕනෙ. එතකොට මම ඒකට අනුව කාලෙ බෙදාගෙන පාඩම් කරන්න ඕනෙ.

මට physics කරන්න අක්කා කෙනෙක් උදව් කළා. ඒ අක්කා තමා මට mcq past papers පැය දෙකට අඩුවෙන් කරන්න practice වෙන්න කිව්වෙ. එතකොට තමා විභාගෙදි යන්තම් පැය දෙක ශේප් වෙන්නෙ. කිව්වත් වගේ මම දෙවනි පාර හැටවෙනි ප්‍රශ්නය කනා ගැහුවෙ , වෙලා මදි වුණා. ඒ කාලෙ ප්‍රශ්න හැටක් නෙ...

Structured papers කරද්දිත් එහෙමයි. කීයටවත් විභාගෙදි ලැබෙන වෙලාවෙන් නම් ගෙදරදි කරන්න එපා. පුලුවන් තරම් විනාඩි පහක් දහයක් වෙලාව අඩුවෙන් ඉවර කරන්න බලන්න.

අනික් කාරණය මුළු විෂය නිර්දේශය පුරාම ඉන්න ඕනෙ. ඒකයි mcq කරන්න කියන්නෙ.

අපේ කාලෙ නම් ෆෝන් තිබ්බෙ නෑනෙ. ටීවී එක තමා හරහට හිටියේ. මේ වගේ distraction ඉවත් කරගන්න උනන්දු වෙන්න ඕනෙ ඉතින්.

ඊළඟ කාරණාව, හොඳට ඉගෙන ගෙන, skills හදාගෙන රැකියාවක් කරන එක හෝ තමන්ගෙ හැකියාවෙන් වෙනත් ආදායම් මාර්ගයක් හදා ගන්න එක විශේෂයෙන් ගෑණු ළමයෙක්ට වැදගත් ඇයි?? වට්පෑඩ් එකේ ඉන්න බහුතරය නංගිලා කියලා හිතලා මම ලියන්නෙ හොඳේ....

තමන්ට ආදායම් මාර්ගයක් තියෙනවා නම්, තමන්ට ඕනෙ විදියට ජීවත් වෙන්න පුලුවන් , මම හැම වෙලාවෙම හිතන්නෙ ගැහැණියක් ස්වාධීන වෙන්න ඕනෙ කියලා. නැත්තම් වෙන කෙනෙක් යටතේ ඒ අය කියන කියන විදියට නටන්නයි වෙන්නෙ. මේකෙ අඳුරුම පැත්ත domestic violence දක්වා දිගයි. උසස් පෙළ කරන ඔයාලා ඒවාට නිරාවරණය වෙලා නැති වෙන්න පුලුවන් තවම. ඒත් හැමවෙලාවෙම මතක් කරගන්න, තමන් වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ බව. තමන්ට අගයක් හදාගන්න.

එහෙනම් මම ගියා....
06/09/2023

You've reached the end of published parts.

⏰ Last updated: Sep 06, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Retro BioWhere stories live. Discover now