සිව්වන වෙළුම

20 2 1
                                    


ලැගුම්හලෙහි අස්ගාලේ පුරුශයින් දෙදෙනෙකු ලතැවෙයි. අයෙක් සිය ප්‍රියම්භිකාවගෙන් වෙන්වන සොවින් පසුවෙයි.

"කිමද කල්හරින්නෙ අප යායුතුයි පෙරලා මාලිගය වෙත.

හොදයි අයියණ්ඩි නමුත්

මා දනිමි නුඹට ඈ හැරයා නොහැකි වග
අප පසුව ඔවුන්ට මාලිගයට ආරාධනා කරමු
පියාණන් කෙලෙසකවත් අණ නොතකා හැරීම් රුචි නොවේ

යහපති

පිටත්වෙමු"

දෙකුමාරවරුන් ශෛන්දමයකු සහ කලු අගුරු පර්වතය පිට නැග ගමන් කලහ. විභීෂයන්නම් කල්පනා සාගරේක පරතෙරටම කිමිදෙමින් සිටියි.

"කුමක්ද එය

කුමක්ද

ඔබ සිතන්නෙ කිමෙක්ද

ආ එයද

.....................

මා සිතුවේ නිකිණිය වෙහිතින් මාහට යම් හුරු බවක් හැගේ"

                     මේඝධරයෝ විශ්මයෙන් මෙන් සිය වැඩිමල් සොයුරාදෙස බලා සිටියහ.

"එසේ නොවේ
මා ඔබේ ප්‍රියම්භිකාව සොරානොගනී
මා පැවසුවේ ඈ අපගේ සද නැන්දණියට බෙහෙවින්ම සමානයි නොවේද

ඉදින්

ඉදින් අප පියාණන් සද නැන්දනිය ප්‍රිය නොකරන වග අමතකද
ඈ මාලිගයට කැදවූවහොත් නිසැකවම පියාණන් ඔ මරාදමයි"

මේඝධරයන් ගල් ගැසුනි. සිය ප්‍රියම්භිකාවගේ මරණයට ඔහු විසින්ම මාර්ගය සාදාදීම සිදුකල ඇති වග සිහිවී සිය මුවෙහි කෙල සිදීගියහ.

" බිය නොවන්න අප කුමක් හො සිදුකරමු "

තරුණයන් දෙදෙන හීයක වේගෙන් නැවත වාලිගේට පිවිසිනි. ඔවුන් එහි එන තෙක් බලා සිටි පිරිසෙකි එ අන්කවරකුත් නොව මන්ද්‍රභාශ සෙනෙවියන්ගේ පුතුන් තිදෙනාය. ඔවුන් තිදෙනාම වෙනස් පෞර්ෂය ඇත්තන් වුනි.
විජ්‍රා, රුද්‍ර සහ භද්‍ර සහොදරයන් වුවද එසේ සිතීමට තරම් අපහසු වෙනස් පෞර්ෂය පැවතිනි. විජ්‍රා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සල්ලාලෙකි. කාන්තාවන් සිටින් ඔනෑම දෙසෙක හෙතෙම ගිමන් හරී. රුද්‍රා නමේ ලෙසින්මා රව්‍රද්‍ර අයෙකි. භද්‍රා සෑමවිටම පුස්ථක සමග දිවිගෙවයි. ඔ නම් කෙලෙසකවත් අනාගත සෙනවි ධූරෙට් යුක්ත නුව්7ය. මන් ද වටපිටාවෙ කුමක් සුදුවුවද පුස්ථකයක් ඇත්නම් ඔ හට ඉන් පලක් නොවුනි.

සදනිකිණිOnde as histórias ganham vida. Descobre agora