දසවන ව්ළුම

21 2 36
                                    

ස්ත්‍රීන් වූ කලී නිරන්තරයෙන්ම ප්‍රේමයට ලෝභීවන්නේමය. ඔවුන් තම ප්‍රෙමය අනෙකු හා බුක්තිවිදීමට කිසිවිටෙකත් එකග නොවන්නේම ය. එය වූ කලී සංග්‍රාමයක ඇරඹුමකි.

"ඇසේද ඈගේ කින්කිණිනාදය

කාගේද කුමරියණි

මාගේ ස්වාමී වසගයට ගත් නළගන හැර අන්කවරෙක්ද ඛිතා
බලාසිටිය නොහී ඛිතා කුමක් හෝ කලයුතුයි

කුමක්ද කළ යුත්තේ කුමරියණි

මේ සියල්ල ඈ මා හා සමවීමට ප්‍රයත්න දරනා හෙයින් ඈ කෙසේද කුළකුමරියක් වන මා හා සරිවන්නෙ ප්‍රථමේන් මාගෙ නැගෙණිය සහ පියාණන් මෙවර මාගේ ස්වාමී කෙසේ නම් ඉවසන්ද ඈ ඉවත්කළ යුතුයි මාගේ මාර්ගයෙන්  කෙසේ හෝ ඈ කෙසේද මා වැන්නෙකුට සරිවීමට සිතන්නේවත්

රිසිලෙසකින් සිදුකරමු කුමරියණි."

"කුමරුණි

කුමක්ද රුද්‍රාක්ෂ මේ රාත්‍රියේ

කුමරුණි විසල් ගැටලුවක් ඇතිවිය හැකියි
...................................

කුමක්ද එසේනම් බලාසිටිය නොහැකියි"

චන්ද්‍රයාමයේ රාත්‍රියේ මහත් කලබලයකි. වජ්‍ර මංදිරයේ බටහිර අන්ගනයට වන්නට පැවති නිකිණියන්ගේ ගෘහය මුළුමනින්ම පාහේ අග්නිජාලා වැළදගෙනය. මැදුරේ දාසයන් එය නිවා දැමීමට විසල් ප්‍රයත්නයකය. නමුදු ප්‍රමාදය. අග්නිජාලා මුලුමනින්ම පාහේ ගෘහයට ආක්‍රමණය කරහමාරය. මේඝධරයන් සිහිමුලාවෙන් සිය ප්‍රියයා ගලවාගැනීමට ගෘහයට යාමට වෙරදරයි. මිථොද සිටුතුමන් සහ කාලදේවයන් ඔ වැලැක්වීමට අසීරු ප්‍රයත්නයක් දැරූ හ.
මේ දෙස බලා තුටු වූ වෛරී දෑස් ද්විත්වයකි. කුමන්ත්‍රණකරුවන් ඔ සල වග කිසිවෙකුත් නොදැනුණහ. අලුයම්වනතෙක් සියල්ලන්ම අග්නිජාලා නිවාදැමීමට මහත් ප්‍රයත්න දැරූහ. නමුදු ගෘහය මුලුමනින්ම දැවීගොස් ය. දෙව්නාවන් සිහිමුර්ජාවය. මේඝධරයෝ සිහිමුලාවෙන් නිකිණියන් ඉල්වා හඩයි.
ප්‍රියයන්ගෙ ප්‍රියයන් වෙන් වීම ශොකදනවන්නකි. එමෙන්ම අප්‍රියයන් හා එක්වීමද දුකකි. කෙසේ නම් ඉවසම්ද හදදවන සෝ ගිනි.

ලියූ පෙම් කව ඉදින් අවසන්
ගියත් මෙලොවින් දැවී හලුසෙන්
ගියත් හැරදා මා මෙලෙස්නෙන්
නොවෙ නොනිමව පෙම් වදන් ඉන්

සදනිකිණිWhere stories live. Discover now