නව වන වෙළුම

16 1 2
                                    

දෙවරක් නොසිතාම කුටියට පැමිණීමට අවසර ලබාදීම පිළිබද තමාටම දොස් නගාගමින් අඩ අදුරේම  සක්මන් කරමින් සිටි ඔහු හදිසියේ දුටු සුපුරුදු දසුනින් ඉද්දල ගැසූවාක් සේ නතර විය.

"ඔබතුමා කුමක්ද මෙහි සිදුකරන්නේ"

චන්ද්‍රකාන්තියෙන් නැහැවූ ශ්වේත වර්ණ හැදි සදදෙව්දුවක් තමා අභියස සිටින කළ කවර පුරුෂයාද සිහි නගාගත් හැක්කේ

" මා මෙහි මා

කිමද සිනා දෙන්නේ ඔබ

කිසිත් නොවේ

ලාදලු ලවන්
නීල තඹවන් නුවන්
සද දිය ගැලු වතන්
පෙනේ රූ සිරි සද අගනවන්"

නිකිණියන්ගේ සවනග රත්පැහැ විය. කෞමදී පුශ්පාකරනයෙන් අවට සුගන්ධවත්‍ ය. කොවුල් ජනයා මෙකී කෞමදී පුෂ්පයො දෙස ශෘංගාරාත්මක දෙනෙත් හෙලයි.
අඩ අදුරේම දෑස් රතඹර පරයමින් රතුවු දෑසැත්තෙකි. හේ වෛරයද කෝපයදෝ නොදනිති. සියහද තුළින් බුර බුරා නැගෙන්නා වූ කෝපය හා අහිමිවීමේ භීතිය පරයමින් හිමිකම් දක්වනු පිණිස කෞමදී කුසුම අනවසරෙන් සිපගත් හ.

"නුඹ

මෙහි එනු සදසාවි මේ මල් කොවුලා ඔබව වසගේට ගැනීමට තැත්කරයි

කුමක්ද?

කවුරුන්ද කොවුලා මෙහි කිසි කොවුලෙක් නොවේනේ

මොහු හැර අන්කවරෙක් ද

මේඝ ඔහුගේ නාමය..

කාලදේව කුමරුණි

ඔබ කුමක්ද මෙහි කරනුයේ රුද්‍රාක්ෂ

කු ...කු..මරුනි

නිකිණි මා ඔබට පැවසුවා මොහු මුසාපවසන වග

සිටිනු මුග්ධයො, ඔබ... එසේ නම් ඔබතුමා විභෂ්ණාවන්ගේ සැමියාද

මා......අ.....තවම නොවේ

එහෙත් භීෂ

එය මාගේ කුඩාකල ආමන්ත්‍රණය කලාක් පමණයි

ඇති ඔබේ මුසා බස් නිකිණි පිටවමු."

මේඝධරයන් සිය චන්ද්‍රිකාව රැගෙන පිටවනු බලා සිටි කාලදේවයන්, මේඝධරයන්ගේ ලාබාල ක්‍රියා හෙතුවෙන් හටගත් සිනාව සිත්සේ පිටකල හ. නමුත් අනේකාගේ දෑසනම් නිකිණියන් දිශාව බෑලූමෙන්මය.

සදනිකිණිWhere stories live. Discover now