සය වන වෙළුම

20 3 6
                                    

 
ස්වයංවරයට රූපසම්පත්තියෙන් අගතැන්පත් කාන්තාවන් බොහොමයක් සිටියද මේඝධරයන්ගේ සිත එක් කතක් ලග ඇසිල්ලකින් නතර විය.

"මෙගේ සදසාවි බොහොසේ සුන්දරයි "මේඝධරයෝ තමාටම මුමුණාගත් හ.
උත්පල පැහැ වස්ත්‍ර හැදි නිතඹ තෙක් දිගු කේශකලාපයා කඩා දමා ජවි වර්ණ මුව කමල ඇත්තී අන්කෙනෙක් නොව හේ සදනිකිණියන්ම විය. සිය මිතුරියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ඈ මේඝධරයන් ලන්වත්ම නිහඩ විය.

"මේඝධර කොහිද විභීෂ අයියණ්ඩිය

මා දුටුව කුමරුන් බටහිර මාලිගය දෙසට යනවා"

අයෙක් විභීෂයන් ගැන සැලකරත්ම තවෙකෙකුගේ ඇස් සදකැන් පරයමින් දිළින තවකෙක් මීට ස්වල්ප මූර්තියකට පෙර සිදුවීම සිහිවිය.

"මා යන්නම් විභීෂ අයියණ්ඩිය හමුවන්න නිකිණි ඔබ මෙහි මදක් රැදෙන්න

නොවෙ නොවේ එහි නොයන්න

කිමද

අ...ආ......
මෙසේයි අයියණ්ඩිට මද ශීර්ෂාභාදයක් වැළදුනා ඉදින් හේ කුටියටයි පිටමන් වූ යේ"
මාලිගයේ විභීෂයන් කුටිය කොහි ඇද්දැයි නිසැකවම දෙව්නාවන් නොදන්නා වග සිතා මේඝධරයන් ඈ වැළැක්වීමට අසීරු උත්සාහෙක නිරත විය.

"එසේ වන්නේ කෙසේද ඔහුගේ කුටිය ඇත්තෙ එ ඉසව්වේ නොවේ

ඇතැම් විට ඔහු ශීර්ෂාභාදය හේතුවෙන් මග වැරදී ඇති."

මෙයනම් අරුමයකි විභීෂයන්ට කුඩාකල සිටි මාලිගයේ මග වැරදී ඇත. කෙසේ පවසන්ද සිදුවූ දෑ දෙව්නාවන්ට දෙව්නාවන් කෙසේ සිතයිද මෙසේ ගැටලු රාශියකින් මේඝධරයන්ගේ සිත ව්‍යාකූල විය.

නිකිණිතොමෝ පළමු වර පැමිණියද ඔ හට මෙහි දැනෙන හුරුපුරුදු  බව ගැන සිතමින් සිරිනැරඹීය.

අවසන දෙව්නාවන් විභීෂ අයියණ්ඩිය සොයා බටහිර මාලිගයට යාමට පිටත්විය. ඇසිල්ලකින් සිදුවීමට යන දෑ නවතා ගත යුතුවුවද මේඝධරයන්නම් නිකිණියන් අත්නොහැරිය හ.

ඇසළ අංගනයේ සිදුවූ දෑ තොරාගැනීමට නොහී හිසට හස්තය තබා පියගැට පෙළ මස්තකයේ හිදි වික්ශිප්ත වූවෙකි.

සදනිකිණිWhere stories live. Discover now