අට වන වෙළුම

19 1 51
                                    

කුටියේ කවුළු තුළින් උදෑසන ළාහිරු කිරණ නැවුම් දවසක උදාව සනිටුහන් කරත්ම විඩාබර දෙනෙතට උදෑසන තවමත් රාත්‍රිය මෙන් දැනින. පෙරදින සිහිනැගෙත්ම සිරුරම දවන වේදනාව පරයමින් විළිය සහ අහේතුක ශොකයක් අදවෙලාගත් හ.
"ආ...හ් ඔහු නම්
මාත් හසුවුවා නේ
ඔහු කොහිද?

මාවද ඔබ සොයන්නේ"
කුටියේ ද්වාරය අසලින් හිසක් කුටිය තුලට පැමිණෙත්ම විභීෂයන්ගේ දෙසවන් අග රත්පැහැ ගැන් වීය.

"ඔහ් .... ඔබේ සවන් එ වග සනාථකලා"
විභීෂයන් සිය දෑතින්ම දෙසවන් වසාගත්තේය. ඔහු නම් දිවියේ කිසිදිනෙක මේසා විසල් අපහසුතාවකට පත්ව නැත.

"ඔ....ඔ...ඔබ..ද එය සිදුකලේ

එසේයි"
භද්‍රයො විභීෂයන් වෙත ශීරය පිරි බදුනක් දිගුකල  පානය කරන ලෙස ඉගි කළේය.

"ඉදින් ඔබ නේ මාව ඔබහට අවැසි වග කියමින් හැඩුවේ"

විභීෂයන්ට පෙරදා රාත්‍රී සිදුවීම් එකින් එක මෙනෙහි විය. දැන්නම ඔහුට ශීරය නොව මෙහිම වැලලීමටයි අවැසි වූයේ.

"ඉදින් රාජකුමාරයෙකුගේ අණ නොතකා හැරිය නොහැකිනේ
දැන් මා ඔබේ ඔබ මාගේ
වැටහුනාද ඇහැළ කුසුම"

පෙරදා රාත්‍රී සිදුවීමට අමතර මෙ මොහොතේ භද්‍රයන් ඇසළ කුසුමයයි ආමන්ත්‍රණය කිරීම ඔහුට මෙහි සිටීම තවත් අපහසුකරන්නට විය. හේ පිටවීමට පය ඔස්වා සයනයෙන් පනිත්ම වෙනදා නොනැගුනු දගරාගත නොහැකිවේදනාවක් දැනින. එ දුටු භද්‍ර සැනෙකින් ඔ අසලට පැමිණ ඔසවා සයනයෙන් තැබූහ.

" නුඹ මුරණ්ඩුයි ඇසළ කුසුම
මෙහිම හිදින්න ඔබට ඇවිදීමට අපහසු වෙයි අද දින

කුමක්ද නොහැකියි මා යා යුතුමයි මාලිගයට ඔවුන් මා සොයයි

කලබල නොවන්න මා ඔබේ සොහොයුරාට සංදේශයක් යැවුවා

කුමක්ද

මා පැවසුවා ඔබ බීමතින් පියගැටපෙළ තරනය කරනා විට පය පැකිලී ඇද වැටුන වග

..................

හිදින්න මා උපකාර කරන්නම් ඔබට පවිත්‍රවීමට"

විභීෂයන්ට කිසිවක් සිතීමටවත් ඉඩ නොතබාම භද්‍රයො විභීෂයන් ඔසවාගෙන ස්නානතටාකයට පැමිණියහ.
ප්‍රවෙසමෙන් නානපොකුණෙන් විභිෂයන් තැබු භද්‍රයො කුඩා දරුවකු නාවන්නාක් මෙන් විභීෂයන්ට නොදැනීම ඔ ස්නානය කරවූ හ.ශරීරයට දැනෙන සුවපහසුවත්තෙහෙට්ටුවත් නිසා විභීෂයන් ස්නාන පොකුනෙහිම නිදිදෙව්දුව පැමිණ ඇත. මල නොතලා රොන් ගන්න බෘන්ගයෙක් මෙන් භද්‍රයොද තම ඇසළ කුසුම පිරිසිදුකලහ. භද්‍රයො සිය හස්තයක් අල්වා අනානපොකුණේම නිදා සිටින සිය ඇසළ කුසුම දෙස ලයාන්විත බැල්මක් හෙලා ඔසවා ගතහ.

සදනිකිණිWhere stories live. Discover now