දාහතරවැනි වෙළුම

10 0 0
                                    

🚫🚫21+🚫🚫
🚫🚫අවවාදයයි bl පිළිබද විවුර්ත මනසකින් බැලිය නොහැකි අය සිටී නම් මෙම කොටස කිය වීමෙන් වලකින්න🚫🚫

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියහ. රාත්‍රී කාලය පැමිණියෙන් සියල්ලන්ම තම තමනේ කුටිවෙත පිටත් විය. මේඝධරයන්ට නම් නිකිණියන් දක්නා තුරු නින්ද නම් අසලකටවත් නොපැමිණෙයි. නිකිණියන්ටද එසේ වනු ඇත. භද්‍රයන්ට සහ විභීෂයන්ට වෙනවෙනම කුටි ද්විත්වයක් පනවා තිබුනද ඔවුන් දෙදෙනාම විභීෂයන්ගේ කුටියට පිටත් විය.

මුළු කුටියම පාහේ කවුලුවෙන් පැමිණි සිසිකිරණින් නැහැ වී සෞම්‍ය ස්වභාවයක් ඉසිලූ හ. විභීෂයන් කුටියට පැමිණිවනම නැවතුණේ කුටියේ කවුලුව අසලය එහි සිට සද දෙස වශීවූවකු සේ බලා සිටිය හ. භද්‍රයොද ඔහු අසලට පැමිණ විභීෂයන් පිටුපසින් වැළදගත් හ.

"ඇසළ කුසුම සදට වශී වීද

එසේ නම් ඔබ දැන් චන්ද්‍රයාටද ඊර්ෂ්‍යාකරන ලෙසයි පෙනීයන්නේ

එසේයි සද ,මාගේ චන්ද්‍රයා වශී කරගෙනනේ ඉදින්

ඉතින් මාගේ චන්ද්‍රයා නම් රාත්‍රිය මෙන්ම දහවලද මාඅසල සිටී

........

මාගේ සද ඔබයි භද්‍ර"

විභීෂයන් ගෙල පමනක් හරවා භද්‍රයන්ගේ දෙකොපුල් තෙත් කර හ. භද්‍රයන් විභීෂයන්ගේ නීල නේත්‍රයන් අතර අතරමන් විය. ඔවුනොවුන්ටත් නොදැනීම දෙදෙනාම ඔවුනොවුන්ගේ දෙතොලතට බර විය.

දෙව්නාවන් සිය ජීවිතේ සේ ප්‍රිය විභීෂ අයියණ්ඩියට ශීරා පානයක්ද රැගෙන ඔහුගේ කුටියට පැමිණෙමින් සිටිය හ. කුටියේ ද්වාරය හැරදමා තිබිනි ඉදින් ඈ සිතුවේ එහි කිසිවෙකුත් නොමැතිසේය. කුටිය තුළ දුටුදෙයින් ඈගේ සමස්ත සිත්තයම කඩා වැටිනි. විභිෂයන්ට හෙතෙම අයියණ්ඩි යැයි ආමන්ත්‍රණය කළද හෙතෙම කිසි දිනෙක අයියණ්ඩි දෙස නො සැලකූ හ. ඈ ඔහට ප්‍රේම කළහ. නමුදු දැනටම ඔහු අන්සතු වී හමාරය. හඩ නොනගා කුටියෙන් එපිටටද දිවගියද ඈ ගෙනා බදුන හඩනගා ද්වාරය අසල වැටිනි. හෙතෙම එ පිළිබද මොහොතකදු නොසලකා පිට විය.

"භද්‍ර කවුරුන් හෝ පැමිණ ඇති හැඩයි.

මදක් සිටින්න ඇසළ කුසුම මා ගොස් බලන්නම්

සදනිකිණිWhere stories live. Discover now