🙂wanna go?

101 27 39
                                    

seungmin : ආ මෙන්න තියා ගන්නවා කෙහෙම්මල් බෝලෙ !!

ඒ පාර නම් සන්ග්මින්ට තරහ ගිහින් බෝලෙ අරන් ෆිලික්ස්ට ගහලා එතනින් යන්න ගියා..

felix : ආව් !!

seungmin : ආව් !!

ඒත් සන්ග්මින්ට අමතක වුනා ෆිලික්ස්ට ගැහුවාම තමන්ටත් රිදෙනවා කියලා..

felix : ආයිශ් !! ඉන්නවකො මං කරන්න හොද වැඩක් !!!

එහෙම කියලා අනික් අතට ෆිලික්ස් බෝලෙ කෙලින්ම යැව්වෙ සන්ග්මින්ගෙ පැත්තට..ඒ වෙනකොටත් සන්ග්මින් හිටියෙ ගේ ඇතුළට යන්න අඩි දෙකක් විතර දුරින්..

jeongin : බේබි ශාක් ඩූ ඩූ ඩුඩ් ඩු ඩුඩ් ඩූ..ශාක් ! ආහ් ආව්..........!!!!

සන්ග්මින් කෙසේ වෙතත් ෆිලික්ස්ගෙන් දැවීගෙන ආපු වොලිබෝල් පාර වැදුනෙ කෙලින්ම ගිහින් ජොන්ග් ඉන්ගෙ පස්සෙ..ජොන්ග් ඉනුත් කරුමෙකට වගේ ඒ වෙලාවෙම එලියට ආවනෙ...

jeongin : ආව්...ඔම්මා !!!!! හුවෑ....!! ඉහ් ඉහ්...ඔම්මා ආ !! ඉහ් ඉහ්..

හැමෝගෙම කන් ජොන්ග් ඉන්ගෙ ඇඩිල්ලෙන් පිරිලා ගියා...

seungmin : දැන් හරිනෙ !!? දැන් නළවනවා ඇවිත් හ්ම් !

felix : අඩ්ඩේ...මල්ලි කොටේ..අඩන්න එපා බං !! ඕක නිකන් බෝලයක් විතරයි..!!

jeongin : හුවෑ !!! ඉහ් ඉහ්...ඊ......ඔම්මා !!

ෆිලික්ස්ට නම් කවදාවත් බෑ පොඩි ළමයෙක් නළවගන්න..කොහෙද ඉතින් ෆිලික්ස්ගෙ යක්ෂ කටහඩින් බබ්බු නළවන්න පුලුවන් එකක්‍ යැ..

juju : ආහ්..මොකද වුනේ?ජොන්ග් ඉන් බබා !!

seungmin : ෆිලික්ස් බෝලෙන් ගැහුවා
felix : මේ මේ මං ගැහුවෙ නම් නෑ හරිද..??මූ නෙ කොහෙදෝ ඉදන් මැද්දට කඩා පැන්නෙ !? නේද හ්‍යුන්ජිනෝ..අඩෝ හ්‍යුන්ජින් !!

අහස කඩන් වැටුනත් හ්‍යුන්ජින්ට නම් කිසිම ගානක් නෑ..මොකද හ්‍යුන්ජින් ඒ වෙලාවෙ හිටියෙ වෙන සිහියක..
ඒත් ෆිලික්ස් හ්‍යුන්ජින්ගෙ කකුල පාගපු පෑගිල්ලට හ්‍යුන්ජින්ට අහවල් දේ වුනේ නැති ටික විතරයි..

juju : හරි හරි..ඔයාලා රණ්ඩු වෙන්න එපා..මං එයාව බලන්නම්..!

ජුජූ හිටියෙ නැත්තම් මෙතන මොනායින් මොනා වෙයිද දන්නෑ...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now