CHAPTER 3

528 106 1
                                    

(Jimin's POV )

සීතල ඇස් වල අයිතිකාරයා මන් දිහා එක දිගටම බලන් ඉද්දී ඒ හිනාවක් නැති මූන දිහා මටත් ඇති තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන් කියන එක මට තේරුණා .ඒ නිසාම මෙලෝ සිහියක් නැති මෝඩයෙක් වගේ මගේ අවට වෙන කිසිම දෙයක් ගනන් ගන්නැතුව මම එයා දිහාම බලන් ඉද්දී ඒ සීතල ඇසුත් නතර වෙලා තිබ්බේ මන් ගාව .

මට තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ඒ ඇස් දෙකෙන් මූන අහකට ගන්න කොහොමද කියන ප්‍රශ්නේ විතරක් මට ආවා . මම මේ විදිහට කෙනෙක් දිහා බලපු කාලයක් මට මතක තිබ්බේ නැහැ.

ඇත්තටම ඒ ඇස් මායාවක් , මන් කොච්චර වෙලාවක් ඒ මායාවේ පැටලිලා හිටියද කියන එක මටම අමතක වෙද්දී මගේ කටින් නිකන්ම පිට වුණේ සින්දු කෑල්ලක් .

"Oh my God, look at that face
You look like my next mistake
Love's a game, wanna play?"

බ්ලෑන්ක් ස්පේස් සෝන්ග් එකේ මගේ ෆේවරිට්ම පද ටික මගේ කටින් පිටවෙද්දී ඒක අහපු කට්ටිය හිටියේ බය වෙලා වගේ , ඒ රියැක්ෂන් එක ගැන ඇත්තටම මට හිතාගන්න බැරි වුණා

ඒත් එකපාරටම ඒ කුටියේ හිටපු සෙබළු දෙන්නෙක් ඒ දෙන්නගේ කඩු දෙකත් දික් කරන් මන් ගාවට ආවේ මට මුකුත් හිතන්න දෙන්නැතුව

" රජතුමා ඉදිරියේ සිටියදීම මායා භාෂාව කතා කරන්නේ කෙසේද ඔබ ? මෙලෙස ගරු සරු නැතිව හැසිරීමට ඉඩ නොහැකියි නුඹට "

සෙබළු දෙන්නා මන් ගාවට එද්දී මිස්ටර් චෝයි එකපාරටම ඒ දෙන්නයි මගෙයි මැද්දට ආවා . නැත්තන් අනිවාර්යයෙන්ම ඒ දෙන්නා මාව කෑලි කෑලි වලට කපනවා වගේ ෆීලින්ග් එකක් මට ආවා

මායා භාෂාවක් ? මම කොහොමද දන්නේ ඒ වගේ භාෂාවක් ?

ඒත් එතකොටයි මම දැක්කේ මිස්ටර් චෝයි දෙකට තුනට නැමිලා අර සීතල ඇස් ඩයල් එකට සොරි කියන හැටි . යකූ , සෝන්ග් එකක් කිව්වට සොරි කියන්නත් ඕනෙද ?

" කමා කරනු මැන රජතුමනි , ඔහුට තවම අවබෝධයක් නැහැ ජෝසනයේ හැසිරිය යුතු ආකාරය පිළිබඳව . ඔහු වෙනුවෙන් මම නැවත වතාවක් ඔබතුමාගෙන් සමාව අයැද සිටිනවා "

මගේ කටින් පිටවෙච්ච සෝන්ග් එක නිසා මිස්ටර් චෝයි වුනත් එහෙම සොරි කියනවට මම කැමති වුන්නැහැ

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now