CHAPTER 4

562 104 2
                                    

( මිස්ටර් චෝයි , ජිමින්ට කියන කතාව )

මායා යුගයේ අතීතය

ඒ ජෝසොන් යුගයේ මායාව භාවිතා වූ යුගයයි.වර්තමාන කොරියා රාජධානියේ පාලනය සිදු කරේ මායාව හොදින් දන්නා මින් වංශයේ රාජකීයන් පිරිසක් විසිනුයි .එකල එය රාජකීයන් ,අඩලේ රාජකීයන් හා සාමාන්‍ය ජනතාව සියල්ලෝම එම රාජධානිය තුල ජීවත් වුනහ.

එකල එය රාජකීයන් ,අඩලේ රාජකීයන් හා සාමාන්‍ය ජනතාව සියල්ලෝම එම රාජධානිය තුල ජීවත් වුනහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නමුත් රාජධානියේ තහනම් වචනය වූයේද මායාවයි.ලේනෝර්හි මහා මායාකාරුවන්ගේ ඝාතනයෙන් අනතුරුව ඉතිරිව සිටි සුළු පිරිසක් වූ මායාකරුවන්ද ඔවුන්ගේ සත්‍ය තත්වය සගවා හැකි තරම් සාමාන්‍ය අයුරින් ජීවත් වීමට උත්සාහ කළෝය.

පිරිසිදු රුධිරය ඇති රාජකීයන්ට එසේ කිරීම අවශ්‍ය වූයේ නැත. එසේවුවද අඩ ලේ රාජකීයන් සතුව තිබූ සියලු මායා හැකියාවන් නැවත ඔවුන්ගෙන් ලබා ගැනීමට මහා මායාකරු ලීසෙඩ් කටයුතු කලේ ඔවුන් උපන් විගසමයි. ඒ බලය සදහා වූ තරගය අවම කිරීමටයි.

එම හේතුව නිසා ඇතැම් අඩ ලේ රාජකීයන්ගේ තත්වය සාමාන්‍ය ජනතාවගේ තත්වයටම සමාන විය . නාමික බලය හැරෙන්නට ඔවුන්ට වෙනත් කිසිදු බලයක් තිබුනේ නැත.

රාජ්‍යයේ රජු අනිවාර්යයෙන්ම පිරිසිදු රුධිර පෙළපතකින් පැවත ආ යුතු විය. නමුත් ඔහු සදහා තෝරා පත් කරගන්නා ලද අග බිසව එවැනි පෙළපතකින් පැවත ඒම අනවශ්‍ය විය.

අනාගත රජු සදහා සුදුසු කුමරියක තෝරා පත් කිරීම සිදු කලේ කිරුළ හිමි කුමරුගේ උපතින් තෙමසක් ඇතුලතයි . එහිදී තෝරාගන්නා තැනැත්තියට හා ඇගේ පවුලට රාජකීය පෙළපත් නාමයක් දී විවාහය වන තෙක් ‍රාජ්‍ය අනුග්‍රහය දැක්වීම සාමාන්‍ය සිරිත විය.

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now