CHAPTER 15

492 98 3
                                    

අන්‍තිමට සුගාගේ උපන්දිනය ලැබුවා , ඒත් එක්කම එමෙන්ඩියාවට විරුද්ධ ප්‍රති මායාවත් අක්‍රිය වුණා . ඒත් රාජකීයෙක්ට පාරම්පරිකව ලැබෙන රාජකීය මායාව ලබා ගන්න එයාට පුළුවන් වුන්නැහැ , අභිෂේකය වුනාමයි සුගාට ඒ බලය ලැබෙන්නේ . ඒ කියන්නේ ඒ මොහොතේ සුගා ගාව තිබ්බ එකම මායාව එමෙන්ඩියා මායාව .

සුගා එයාගේ සම්පූර්ණ මානසික ශක්තියම පාවිච්චි කලේ එමෙන්ඩියාවේ නපුරෙන් එයාගේ මනස බේරගන්න , ඒත් ජිමින් ළග ඉන්නකන් සුගාට ඒක කරන්න පුළුවන් වුනත් ජිමින් එයාගෙන් ඈත් වෙද්දිම ආපහු සැරයක් සුගාව දුර්වල වුණා

සුගාගේ තත්වේ එහෙම වුනත් ආපහු මාලිගාට ගිය ඒ දෙන්නා රක්ත පාෂාණය පාවිච්චි කරලා ආපහු ජෝසනයට ගියා , ඒත් මාලිගාවේ ඒ වෙද්දී කිසිම කෙනෙ හිටියේ නැහැ , සම්පූර්ණ මාලිගාවම හිස් වෙලයි තිබ්බේ

ඒත් සිංහාසන කුටියේ ඉදන් එකපාරටම මතු වුණේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ඇදන් ඉන්න ජින් . සුගාවයි ජිමින්වයි දැකපු ගමන් දුවගෙන ආපු ජින් ඒ දෙන්නව තදට හග් කලා . ඊටපස්සේ ජෝසනයේ වෙච්ච හැම දෙයක් ගැනම ජින් ඒ දෙන්නව දැනුවත් කලා

සුගා & ජිමින් මාලිගාවේ නැහැ කියලා දැනගත්ත ගමන් යූන් අමාත්‍ය නෝර්යාවේ සෙබළු එක්ක එකතු වෙලා ඒ දෙන්නව හොයලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුගා & ජිමින් මාලිගාවේ නැහැ කියලා දැනගත්ත ගමන් යූන් අමාත්‍ය නෝර්යාවේ සෙබළු එක්ක එකතු වෙලා ඒ දෙන්නව හොයලා තිබුණා . ඒත් හොයාගන්න බැරි වුනාම අනාගතයට යන දොරටුව ආයෙත් පාවිච්චි කරන්න අදුරු මායාකාරයො ට්‍රයි කලත් ලීසෙඩ්ගේ එයාගේ මායාව පාවිච්චි කරලා මාලිගාවේ තිබ්බ දොරටුව ඇරෙන්න අනෙක් අනාගත මායා දොරටු ඔක්කොම මුද්‍රා කලා . ඒ නිසා ජිමින්ට අවුරුදු විසි පහ සම්පූර්ණ වුනු දවසේ එයාව මරන්න අනාගතයට නෝර්යා සෙබළු එවපු විදිහට කාටවත් අනාගත දොරටු හරහා යන්න බැරි වුණා

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now