CHAPTER 14

429 97 0
                                    

" ඔයාට ෆිට් ඇදුම් නම් මන් ගාව නැතුව ඇති , අපි ට්‍රයි කරලා බලමු ඕවර් සයිස් ඒවා දෙක තුනක් මන් ගාව තිබ්බා "

සුගා ඇදේ වාඩි වෙලා වටපිට බල බල ඉද්දී ජිමින් එයාගේ ක්ලෝසෙට් එක ගාවට ගිහින් සුගාට ඇදුමක් හෙව්වා . කළු ශෝට් එකකුයි ටී එකකුයි හොයාගත්ත ජිමින් ඒක සුගාට දීලා නිකන් උඩින් දාලා තිබ්බ සුගාගේ හැන්බොක් එක ගලවන්න උදවු කලා

ඊටපස්සේ බාත් රූම් එකේ වොශ් කරන විදිහත් සුගාට කියලා දීපු ජිමින් මිස්ටර් චෝයිගේ රූම් එකට ගිහින් එයත් වොශ් කරගත්තා. රාමෙන් පැකට්ස් දෙකක් හොයාගත්ත ජිමින් ඒ දෙකත් හදලා කප් දෙකකට දාගෙන ඒකත් අරන් උඩට ගියේ සුගාව බලන්න

ජිමින් යද්දී වොශ් කරලා ඉවර වෙච්ච සුගා ආයෙත් වට පිට නිරීක්ෂණය කර කර හිටියේ . දෙන්නත් එක්කම කතා කරන්නේ නැතුවම  රාමෙන් එක ඉවර කරලා ජිමින් ආපහු යන්න හැදුවේ සුගාට විවේක ගන්න දීලා

" ඔබ යන්නේ කොහේද ජිමින් ? "

" ආහ් , මන් ඔයා එක්ක නිදාගත්තොත් අද ඔය තුවාලෙට හොද පාරක් වදියි, මන් අනිත් කාමරෙන් ඉන්නම් , ඔයා නිදාගන්න මිස්ටර් කින්ග් "

" නැහැ ,එසේ යාම අනවශ්‍යයයි , ඔබට හැකියි අද මෙහි මා සමගම නැවතීමට "

ජිමින්ට වෙත රූම් එකකට යන්න ඕන්නැති වුනත් සුගාගේ අත තුවාල වෙලා නිසා එයාට තනියෙම ඇදේ ඉන්න දෙන්න ජිමින් හිතුවා . කාලයක් තිස්සෙම ජිමින් පුරුදු වෙලා තිබ්බේ සුගා ලග නිදාගන්න නිසා වෙන කාමරේකට යන්න ජිමින්ටත් ඕනේ වුනේ නැහැ , ඒත් සුගා ගැන හිතලා ජිමින් වෙන ඇදකට යන්න හැදුවා

ඒ වුනාට සුගාට ඕනේ වුන්නැහැ ජිමින්ව එයා ගාවින් ඈතට යවන්න . ඒ නිසා ජිමින් යන්න හදද්දී සුගා ටිකක් කේන්තියෙන් හිටියේ . ඒත් සුගා එයාට ඉන්න කිව්වා විතරයි තත්පරයක්වත් යන්න කලින් ජිමින් ඇදේ සුගාට එහා පැත්‍තට පැන්නා

ජිමින් හිටියේ බිත්තිය දිහා බලාගෙන ඇදේ කෙළවරටම වෙන්න . සුගා තුවාල වුනේ නැති අත උඩට එන විදිහට හැරුණාම එයාට පෙනුනේ ජිමින්ගේ ඔලුවේ පිටිපස්ස

එකපාරටම ඉණ වටේ අතක් යනවා දැනිච්ච ජිමින් බොරුවට වහන් හිටපු ඇස් දෙක ඇරලා ඒ මොකක්ද  කියලා බලද්දී දැක්කේ සුගාගේ අත

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now