CHAPTER 7

476 108 5
                                    

"කොහේ යන්නද ?"

" ඔයා යන තැනක ! මාව එක්කන් යන්නකෝ ප්ලීස් ..ප්ලීස් .මන් කරදර කරන්නැහැ "

බොරුවට අඩන මූනක් හදාගත්ත ජිමින් සුගාගේ අතකින් අල්ලන් කෑගගහා අඩ අඩ එයාවත් යන තැනක අරන් යන්න කියලා සුගාට කරදර කලා.ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටපු සුගා එයා එක්ක එන්න ජිමින්ට අවසර දුන්නා.

" හොදයි , ඔබට පැමිණිය හැකියි මා සමග . නමුත් මා ප්‍රධානීන් හමු වී සාකච්ඡා කරන තුරු ඔබ ඔබේ පාඩුවේ තනිවම සිටිය යුතුයි . එකගද ?"

" එකගාආආආආආයි , මන් ගිහින් ලෑස්තිවෙලා එන්නම් . මාව දාලා යන්න හිතන්නවත් එපා . හරී ?"

සුගාට තර්ජනේකුත් කරපු ජිමින් ඉක්මනටම එයාගේ මාලිගාවට දුවගෙන ගියේ පිටතට යන්න  ලෑස්ති වෙන්න . සුගා සත පහකටවත් එයාව ගනන් ගත්තේ නැති වුනත් ජිමින් ආස වුණා සුගා එක්ක එකට කාලය ගත කරන්න .ඒත් වැඩි හරියක්ම ජිමින් කලේ සුගා දිහා බලාගෙන සුගාට හිත යටින්  බොරුවට බැනපු එක

සුගා & ජිමින් , දෙන්නටම එකට යන්න පුළුවන් දෝලාවක නැගලා ඒ දෙන්නා ගියේ මාලිගයෙන් පිටත ගමක් වෙච්ච නැන්ජොන් වලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුගා & ජිමින් , දෙන්නටම එකට යන්න පුළුවන් දෝලාවක නැගලා ඒ දෙන්නා ගියේ මාලිගයෙන් පිටත ගමක් වෙච්ච නැන්ජොන් වලට . එහේ ගිය ගමන් සුගා එයාගේ රාජකාරී පටන් ගත්ත නිසා ජිමින් හතරවටේ ඇවිදින්න ගත්‍තා

සුගා ප්‍රධානීන් එක්ක දිගම දිග සාකච්ඡා තියද්දී කම්මැළි හිතුන ජිමින් එතනින් ටික ටික එහාට ඇවිදින්න ගත්තා . එයාට පේන මානෙන් ජිමින්ට ඈතට යන්න එපා කියලා සුගා කිව්වත් ඒ අය හිටපු නගර ශාලාවේ තිබ්බ ලස්සන උයන නිසා ජිමින් ඒ හැමදේම අමතක කරලා දැම්මා

ඒ උයනේ තිබ්බ ලස්සන ලස්සන මල් දැකපු ජිමින්ට ඒවා කඩන්න හිතුණේ මීට කලින් එච්චර ලස්සන මල් ජාතියක් එයා දැකලම තිබ්බේ නැති නිසා. ඒත් පිටිපස්සෙන් ඇහිච්ච කටහඩක් නිසා ජිමින්ට ඒවා කඩගන්න බැරි වුණා

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now