CHAPTER 10

469 93 2
                                    

" කුමක්ද මේ ඝෝෂාව ? "

සුගාගේ කටහඩ ඇහුණා විතරයි ජිමින්ට ඕනේ වුනේ ඇතුලට යන්න. ඒත් සුගාගේ පාලිකාව ඒකට විරුද්ධ වුනා , මොකද නිදාගන්න යන වෙලාවට එයාට බාධා කරනවට රජු අකමැතියි කියලා පාලිකාව දැනන් හිටපු නිසා .ඒත් ඒ විරෝධය මැද්දෙම කාමරේට කඩා පාත් වුණේ ජිමින් , ඒ පස්සෙන් ජිමින්ගේ පාලිකාව වගේම සුගාගේ පාලිකාවත් ඇතුලට ආවා

ඒ දෙන්නවමත් , ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් ඉන්න සුගාවත් ගනන් ගන්නැතුවම හොදට හදලා තිබ්බ සුගාගේ යෝ මෙට්‍රස් එකට පැනපු ජිමින් මැදින් කැඩුණු එයාගේ නින්ද එතනට වෙලා කන්ටිනිව් කරන්න ගත්තා

ඒ දෙන්නවමත් , ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් ඉන්න සුගාවත් ගනන් ගන්නැතුවම හොදට හදලා තිබ්බ සුගාගේ යෝ මෙට්‍රස් එකට පැනපු ජිමින් මැදින් කැඩුණු එයාගේ නින්ද එතනට වෙලා කන්ටිනිව් කරන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔබතුමාට මෙහි සැතපිය නොහැකියි කුමරුනි , කරුණාකර නැවත මාලිගයට යාමට පැමිණෙන්න "

ජිමින් තාමත් සුගා එක්ක විවාහ වෙලා නැති නිසා මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා බය වුණු පාලිකාවෝ ඉල්ලා හිටියත් ජිමින් ඒ අය දිහා හැරිලාවත් බැලුවේ නැහැ

" මන් කිව්වනේ බැහැ කියලා , ඒ කාමරේ ගදයි . මට බැහැ , මන් යන්නැහැ " ඇතිරිල්ල අස්සේ මූන ඔබාගෙනම ජිමින් කියද්දී පාලිකාවෝ සුගාගේ කේන්තියෙන් පිරුණු මූන දැක්කා . දැන් තමන්ට මොන වගේ දඩුවමක් ලැබෙයිද කියලා දන්නැතිව පාලිකාවෝ බයෙන් ගැහි ගැහි ආයෙත් සැරයක් ජිමින්ට කතා කලා

" ජිමින් කුමරුනි , කරුණාකර නැවත මාලිගයට යමු .ඔබතුමා වෙනුවෙන් අප වෙනත් කුටියක් සූදානම් කරන්නම් , නැත්නම්... "

" බැහැ බැහැ මට නිදිමතයි , ලීව් මී අලෝන්න්න්න් "

" ඔහුට සිටීමට ඉඩ හැර ඔබ දෙදෙනා පිටවෙන්න "

සුගා එයාගේ ගැඹුරු කටහඩෙන් කිව්වා. ඒත් පාලිකාවෝ ඒකට කැමති වුනෙත් නැහැ

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now