Crazy In Love-01💗

323 60 24
                                    

"සාරා!!!!!තමුසෙ වැඩ කරන්නෙ මෙහෙමද ආ??"

බුදාම්මියොහ්.... සුනාමියක් අත ළඟ.. බුරවිද හුරවිද හප්පට ගුඩු ගුඩු බිල්ලා ඉස් නියර්... මා මයින්ඩ් එක ඒ විදියට කුංච නාද දෙද්දි මාත් සම්ප්‍රදායෙන් ඔබ්බට වගෙ අර රෝද තීන කැ⁣රකෙන පුටුවෙන් ඔබ්බට පතබෑවුනේ මා සදාදරණිය අති උත්තම ජවසම්පන්න සර්වබලදාරී අලංකෘත ස්වාමී තුමා වන මා බොසා නොහොත් මින් එන්ටපුරුස් එකේ බොසාගෙ අතිශය ප්‍රිය උපදවන සුලු අග්නි වගේ වොයිෂ් එකෙන්

"හුටාහ්.... බොසා..."

මං කොන්දත් අත ගාන ගමන් නැගිටින ගමන් ඉතාමත් ගෞරවනිය ලෙස ඇහුවා.

"ඔෆිස් ටයිම් එකේ මෙහෙම නිදා ගන්නවටද මං ඔහෙලට සැලරි ගෙවන්නෙ"

ඈ යකෝ ඕකට ඔය පූස් නකුට්ට පා⁣ගගෙන ශබ්ද දූසනෙ කරන්න ඕනෙද?? යකෝ උපරිම විනාඩි තිහක් නින්ද යන්න ඇති.. අම්මගෙ සෙම්ද තමා ඇයි යකෝ..

මෙන්න මේකයි උනේ... අපේ බොස් පොක්ක දැං සතියකට කලිම් මොකක්ද මංදා කෙහෙම්මලක් පටම් ගත්තා... ඔය බනානා මල පටන් ගත්ත දවසෙ ඉදං මට සිද්ද උනා ඕවර් ටයිම් කොරන්න... සාරා අරක ගෙනෙං සාරා මේක ගෙනෙං සාරා අරක බලන්න සාරා මේක බලන්න වගේ නානාප්‍රකාරා අන්ඩවාත කියමින් මා අදරැති පිය බොසා මාගෙ උත්තම ස්‍රමය සූරා කෑවා... ඉතිං ඔය විලෛයාඩප්පලම් පුස්පය නිසා මට හරියට නින්දක් නෑ...

ලොකු එන්ටපුරුස් එකක වැඩ කරාට මේ සාරා මධ්‍යම පාන්තික කෙම්ල.. යන්නෙ බස් එකේ නිදා ගන්නෙ ඉතිං ⁣මධ්‍යම පාම්තික ඇපාට්මන්ට් එකක.. ඉතිං මේ බිලාල පෝතකයා පවරපු වැඩ ටික ඉවර කොරලා බස් එකේ ගෙදර යද්දි සමහර දාස් වලට උදේ වෙනවා.... මුගෙ අම්මාගෙ ආච්චිව මතක් වෙන්නෙ එතකොට තමා.. ඉතිං ආයෙත් උදෙන්ම මේ මුඩුක්කවට ඇවිත් මං පොඩි නැප් එකක් දැම්මා.. ඒ ඩිංගට තමා මේ හාදයා අර නකුට පා⁣ගගෙන මගෙ නකුටත් පාගගන්න ඔය අසහාය උත්සහයක යෙදුණේ..

"සො.. සොරි සෑර්..... පොඩ්ඩක් ඇහැ පියවුනා.."

"ඇහැ....??? මාස පහක් යනකම් පඩිය වොන් 20000කින් කපනවා."

"ඇක්ස්කියුස්මී බොසා... එතකොට ඇපාට්මන්ට් එකේ ගාන ගෙවන්නෙ බොස්ද?? නැත්තම් බොසා මට නවාතැන් පහසුකම් සප්ලයි කරනවද?? එහෙම කරනවනම් හැබැයි  ප්‍රවාහන පහසුකමුත් සප්ලයි කොරම්න වෙනෝ... බොසාගෙ ගෙවල් මෙහෙ ඉදලා දුරද දන්නෙ නෑනේ..."

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now