Crazy In Love-05💗

94 33 0
                                    

හී හී...... ඒක හීනයක්ත තේරෙන්නෙ නෑැැැැැ..... හීනයක් උනත් සස්සන හීනේ.. මල්සරෝ.... අයි ලව් යූ.... අන්තිමේ හීනෙන් හරි පූෂ්ව මට සෙට් කලානේ... කිස් එකකුත් දුම්නා.. ලේසි නෑ....

ඔව් මිත්‍රවරුනි... ඊයෙ රෑ සිද්ධිය අසරණ මම හිතුවෙ හීනයක් කියලා... මං ඉතිං මූණ හෝදන්නෙත් නැතුව මොනා හරි හදාගන්නො කියලා පල්ලෙහාට ආවා.. නැන්දම්මත් නෑ අෆ්ෆා එයා ගි⁣යානෙ බූසාාාන් පූස්ගෙ පුංචම්මලෑ දිහා... පාළුයි...... මලයත් ඉතිං තව ටි⁣කකින් හොස්ටල් එකට යනෝනෙ..පූසනම් කලින්ම ගිහිම් කම්පැනියට.

වැඩේ කියන්නෙ මේ එකෙක්වත් උදේට කන්න තම්බලා නෑ.. දැං එතකොට මමද අර ගෝතයටත් උයන්න ඕනෙ... හත්දෙයියනේ්් කවදා කාපු කටුද මේවා.. මලයව ඇහැරුවනම් මොනා හරි හදාගන්න තිබ්බා පොර දන්නෝ ඔය උයන කරන වැඩ මට වඩා හොදට..

මං ඉතිං මලයගෙ කාමරේට ගිහිං සංසුන්ව දොරට තට්ටු කරා...

"මොකාද යකෝ උදේ පාන්දර දොරවල් කඩන එකා"

යකෝ මුගෙ ආච්චිට, මූ හිතුවද දන්නෙ නෑ මං ෂි හල්ක් කියලවත්.. හම්මේ දේවදාරද මංදා හැබෛ පට්ටම හයිය දොර.. ඉස්සුවනම් ලංකාවට ගිහිං හොද ගානකට විකුනන්ට තිබ්බා.

දොර අරිද්දි දැක්ක ස්වරූපෙට තව ටිකෙන් මට අංශබාගෙ හැදෙනවා..

චික්... කුනු කෙල පෙරෙනවා.. ඒ මදිවට මූ දවස් දෙකකින් නාලත් නෑ... කොන්ඩෙ අලි කොටි වලස්සුත් ඇති..
මගෙ හැටිත් ඉතිං ඔයිට වඩා ටිකයි වෙනස්.. මං හැමදාම නානෝ.. හැබැයි තාම මමත් කුනුකෙල පෙරම් ඉන්නෙ.

"මොනා හරි උයනවකො??"

"ඈ යකෝ.... තමුසෙ අර අහිංසකවය අල්ලන් ඉන්නෙ උයන්නවත් ඉගෙනගන්න හිතන්නෙ නැතුවද?? පව් අයියා.. විස්සත් පැන්න කෙල්ලක් නේද.. අර අපේ ගමේ සුදුත් තවුසෙට වඩා හොදට උයන්න දන්නවා...see more"

මූ යකෝ නිකං රැප්ගෝඩ්ව පණපිටින් ගිලලා වගේ මූ කියවගෙන කියවගෙන ගියා.. අපරාදේ ඇරියානා වත් ගිල්ලනම් තව සෝයි...සෙලීනවත් ගිලින්න තිබ්බ.. එතකොට තවත් සෝයි.. සෝයි අල්ටා පෝ මැක්ස් වර්සන්.

"හෝව් හෝව්..... තවුසෙ හොරෙන් මගෙ හීන වලට එබෙන්නෙ කාගෙ හයිය අරන්ද??"

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now