Crazy In Love-04 pt1💗

107 34 0
                                    

අපේ මලයා මෙහෙ පතබෑවෙන දවසත් උදා උනා... ⁣මගෙ අහිංසක අසරණ මූණ දැකලා අපේ බොසා මාව එයාර්පෝට් එකටත් ගෙනියන්ට ලෑස්ති උනා...

එයා ඔය ගෙවන්නෙ පෙර දවසක මගෙ පඩි කපපු එකේ විපාකෙ... කර්මයෙන් බේරෙන්න බෑ කියලා අපේ පංසලේ හාමුදුරුනමක් කිව්වා වයෙ මට මතකයි.. එනිවේ දැං මං මෙතන හැට පැයක් ආප්ප තම්බනවා.. දැන්නම් මේ සීට් එකේ ඉදගෙන ඉදලා පස්ස පැත්තත් කහනෝ වගේ අප්පා.. අපේ මලයා මට කිව්වෙ ලෑන්ඩ් කරන්නෙ දහයට කියලා ඒත් දැං දහයෙ කෑලි තියා සම්පූර්ණ එකක්වත් හොයා ගන්න බෑ.. හනේ වාසනාවන් පූස් අයියටනම් නැව ගිලුනත් බෑං චූන් අර ටයිටැනික් එකේ නැව ගිලෙද්දි අංකල් කෙනෙකුයි ආන්ටි කෙනෙකුයි සමවත් සුවයෙන් දොයිය ගත්තා වගේ පූස් අයියත් දොයි...

යූ මයි සීටි හාර්ට්.............. හනේ සීටී යෝගට් එකක් කාපු කාලයක් ⁣මතක නෑ.. ලංකාවෙ යෝගට් තරම් මෙහෙ ඒවා රහ ඤැහ්.. ඉහි ඉහි..තා ටික දවසනේ මංඑනෝ ඇවිල්ලා ඔය පැක්ටරියම නයට ගන්නවා අත්තපා.

ඊටත් වඩා මගෙ බඩේ පණුවො ඩීල් ගහලා මාව පන්නන්න උද්ඝෝෂණ කරනවා.. ඒ අස්සෙ අන්තරෙත් ඇවිල්ලා තිබහකුත් ආවා.. කරුමේ කරුමේ බෝතලේ වතුරත් ඉවරයි.. පූසට කතා කරාට කතා කරාට ඌ නැගිටින්නෙත් නෑ.. වතුර තියෙන තැනක් දන්නෙත් නෑ.... බඩගින්නට කොරියනුත් අමතක වෙලා...

අපි අසරණ වෙලා වගේ හිතට දැනනවා.....

පෝරකය දෑස මානේ.... පෙනේවි ඒ රෑපේ මැවි මැවි මාගෙ මලයෝ........................... හනේ ඒ මගෙ බූරු මලයා එයා ඇවිල්ලා.... එයා ඇවිල්ලා...

හිටු මං මොකටද මේ උඩ පනින්නෙ නිකං අව්රුදු ගානකින් කොල්ලා දැකපු කෙල්ල වගේ මං මෙතන එයා ඇවිල්ලා එයා ඇවිල්ලා ගාන්නෙ

"අක්කේකේකේකේකේ"

"මල්ලේලේලේලේලේ"

අපි ඩබලා දූවගෙන ඇවිත් දෙන්නව චප්ප වෙන්නම බදා ගත්තෙ ගංවතුර දාපු දාරක සහෝදර ⁣පරේමෙන් යුතුව... එන්වේ අර පූස් කොල්ලා දැං මේ ලෝකෙට ආවා වගේ ඇහැරිලා උඩ බිම් බලනවා වෙලා තියෙන නස්පැත්තිය මොකක්ද කියලා..

"අක්කෙහ් මේ කව්තේ"

හනේ රන්කැට්යෝ මං කොහොමද ඔයාට කියන්නෙ මේ ඔයාගෙ වෙන්න මස්සිනා වෙන්න පුලුවන් කෙනා කියලා.. ඈ..

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now