Crazy In Love-07💗

89 28 4
                                    

ඔහෙන් මෙහෙන් කාලෙ ගත උනේ මාරම හිමින් අප්පා.. ඒත් රෑට එහා පැත්ත හැරිලා මෙහා පැත්ත හැරෙනවා විතරයි මතක උදේ වෙලා... මං අව්රුදු දෙකකට තමා මෙහෙ වැඩට ආවෙ. ඒ දෙක ඉවර වෙලා මගෙ මව් රටට චී ලංකාවට යනවා තව සති තුනකින්...

හම්මේ්්්්්්්් සූරපප්පව බලපු කාලයක් මතක නෑ. ජින් පප්පනම් හැමදාම දකිනෝ. එයා තමා මගෙ වෝල්පේපර් එකට ඉන්නෙ. ඊටත් වඩා මට මහ දොලදුකක් තියෙනෝ පොලොස් මාළුවක් කන්න. පොලොස් කිව්වොත් ආයෙ මලයව විකුනලා හරි ගන්න ඕනෙ.. අම්මට කෝල් කරලා කියන්න ඕනෙ මං එද්දි පොලොස් මාළුවක් හදලා තියන්න කියලා.

මලයනම් බනිනෝ ඒකා එනකම් හිටු කියලා. බෑනෙ පුතී... පුතී තා මාස හයක් ඉන්න ඕනෙ මට බෑනේ ⁣පුතේ එච්චර කල් ඉන්න..

ඒත් මෙතන තියෙන ලොකුම පස්නෙ යන්න කලින් මගෙ වැඩ ටික ඉවර කරන්න ඕනෙ. වෙන එකෙක්⁣ගෙ භාග වැඩත් ඉවර කරන්න උනේ කොහෙවත් යන අසරණ මට.. කාට කියන්නද මේ අසාධාරණේ.. ලංකාවට ගිය ගමන් දාන්න ඕනෙ මානව හිමිකම් නඩුවක්.

සප්තලම් කොච්චර හොදද කියනවනම් කම්ප්ලීට් නැති ෆයිල් ගැන  මට කිව්වෙ අන්තිමේ මොහොත. තත්පරේකට සප්තලම්ගෙ අව්රුද්දට වලකජු ගහන්න ගිහිං වලකජ්ජ ම ගහපු ආච්චිවත් ඒ මොහොතෙ යන්තම් මතක් උනා..

කොහොමහරි රෑ දවල් මැරීගෙන සතියක් ඇතුලත ෆයිල් ටිකේ අඩුපාඩු ඔක්කොම හදද්දි මට මතක් උනේ ඉස්කෝලෙ කාලෙ ඩික්ටේෂන් වැරදි දහය ගානෙ හදපු හැටි.. සතිය ඇතුලතනම් මං ඇදිල ගියෙ බලාගෙන ඉද්දි. අර චාලි ඇන්ඩ් ද චොකලට් පැක්ටරියෙ අර කොල්ලව අදින්නෙ ආං ඒ විදියට මාවත් ඇදිලම ගියා. මේ වැඩ ටික ඉවර කරපු ගමන් සප්තලම්ගෙ කාඩ් එකට වැඩේ දෙන්නම මොනා හරි ආමාශ ගත කරගන්න ඕනෙ.

අපේ උඩැක්කි නම්කිනම් මං යනවට පට්ට ආසාවෙන හිටියේ... පුදුමයි මේකි මාත් එක්ක හිනා වෙවී කතා කරනවා. පුහ් මං අහුවෙයි ඕවට. යන්න කලින් සප්තලම්ට වර්නින් දීලා යන්න ඕනෙ.. නැත්තම් මේකව ලංකාවට ගෙන්න ගන්න කලින් උඩැක්කි නම්කි මේකට මොනා හරි කරොත් යකුනේ අමාරුවෙන් සෙට් කරගත්ත මටනෙ පාඩුව.

මොකක් හරි,

ඒ වැඩ ටික ඉවර කරලා අස්වීමේ සහතිකෙත් දුන්නෙනම් මං හිතකින් නෙමෙයි. සප්තලම් අදිමදි කරකරම දුන්නා. තව සති දෙකකින් ලංකාවට ගියෙ නැත්තම් අම්මා හොර පාරෙන් මෙහෙ ඇවිත් මාව බාබකිව් කරයි.. අම්බො මතක් වෙද්දිත් බයයි.

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now