Crazy In Love-10💗

87 28 3
                                    

අපි ⁣ගෙවන ජීවිතේ වාඩුවක්... ඔබ ගගක්නම් මං එහි පාරුවක්.. අපේ දුක දන්නෙ අපි විතරයි අවසානෙදි නැති උනා දෙන්නගෙ හාදකම්....

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක්  උඩ තුට්ටු දෙකක් ඇත...

මං දැංනම් කකුල හපං මැරෙන්න හිතෙනවා යකෝ.. පාන්දර තුනයි නැගිටිද්දි... මේ කෙහෙම්මලක් ඇග වටේ ඔතන්න ගිහිං මගෙ පණ නවයෙන් අටක්ම නැති උනා.. ඇයි යකෝ මං අම්මට කිව්වා මේකනම් මහලා තියෙන්නෙ රෙදි වලින් නෙමේමයි කියලා.. කොහෙද අපෙ අම්ම මං කියන දේ පිලිගන්නවැ.. අපිට ඉතිං රැවුල නෑනේ.. ඔන්න අර මලයා වගේ මූණ පුරා රැව්ල වවං හිටියනම් අපේ අමමමලා මං කියන දේ විස්වාස කරයි. මේ ඔක්කොම ඉතිං ගෙදර ලොකු එකා හිංදනේ..

පැය දෙකක මහා යුද්දෙකින් පස්සෙ සාරියත් ඇදගෙන.. සාරියක් කිව්වට මේ මංගල්ලෙ ඔසරියක්... ඕකත් ඇදගෙන සුජානි ආන්ටි... හංදියෙ බදාම උලන කෙනා.. ඒකිත් ඇවිත් මට දෙතිස් වදේ දුන්නා.. දැං නිකං හරියට මං මේ දැං මරලා එම්බාම් කරපු මලමිනියක් වගේ... සුජානි ආන්ටිගෙ ඇගිලි හොදයි ඔපරේෂන් කරන්න... අඟල් පහක් විතර දිගයි නියපොතුම.. තව පොඩ්ඩෙන් මගෙ ඇහැ ඉවරයි.. මට මැරිලවත් මුං නිදහසේ ඉන්න දුන්නෙ නෑ.ඩ්‍රැකියුලාගෙ නංගි වගේ පේන්න රතු පාට ලිප්ස්ටික් එකකුත් ඒ පාර ඉලුවා..

දැං නිකං මං මරිෂ්කාගෙ නෑනා වගේ...

ඇත්තටම මං වෙඩිම ගන්න හිටියෙ ලංකාවෙ නෙමෙයි... ඒත් කරුමෙට නැන්දම්මට පලවෙනිම දවසෙ ලංකාව පට්ටෙටම හිතට අල්ලලා... ඒ ගෑණි කිව්වෙ නැතැ මගුල මෙහෙ ගමු කියලා... පංච මහා විවාදෙ දවස් ගානක් කරලා කරලා  අන්තිමේ මං අන්ත පරාජයට ලක් උනා. කරුමෙට හබ්බටත් ඕනෙ උනේම ලංකාවෙම බින්න බහින්නනෙ.

කොහොමෙන් කොහොම හරි මට දැනෙන්නෙ මං නිකං කනත්තට අරං යන්න එම්බාම් කරපු මෝහිනි වගේ ෆීල් එකක්.. මට උදේට කන්න දුන්නෙත් නෑ.. කෑවොත් මගෙ මේක්අප් එක දෙපිටින් යන නිසා... නැගිට්ට ගමන් බිව්ව පස් පංගුවෙ බලේ තමා මේ.. නැගිටින්න බැහ් බැහ් කියලා හබ්බා ඉස්සරහා අම්මගෙන් හැදිමිටෙනුත් කන්නත් උනා..

අෂ්ටක සීයෙ දැන්නම් ඔහෙ මගෙන් අර ඩුප්ලිකේට් පිත්තල තලියෙන් කනවා.. ඇයි යකෝ. දැං කීයෙ ඉදංද මායි හබ්බයි අර සිංගර් එකේ ඉස්සරහ තියලා තියෙන සෙටප් දෙක වගේ විරිත්තන් ඉන්නෙ... විරිත්තලා කටත් රිදෙනවා ඕයි. ඒ අස්සෙ ඈනුමකුත් යන්න එනවා.. හබ්බටනම් මොකද හබ්බ හෙන චූන් එකේ දත් ටිකටත් හුලං බොන්න දිදී ඉන්නවා... හෙන චූන් ඉතිං..

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now