Crazy In Love-09💗

82 27 0
                                    

එදා මව් රැජින මං දිහා බලපු බැලිල්ලට ඇත්තමයි තව ටිකෙන් හාට් ඇටෑක් එනවා.. පුහ් පොල්කටු හැන්ද එහෙම අහලහල තිබ්බනම් මං සදා සොත්ති බවන්තුතේ.

කොහොමහරි විස්තරේ අම්මටයි තාත්තටයි කියලා සප්තලම්ගෙ අම්මත් එක්කත් කතා කරා... එයැයිලා හෙට මෙහෙ එනෝ.. ඒ කියන්නෙ සප්තලනුයි සප්තලම්ගෙ අම්මා නොහොත් ⁣මගෙ වෙන්ඩ නැන්දම්මා..

අපි දැං ඉන්න කටුස් එයාපෝට් එකේ.... හප්පෙ පුදුම අව්වක් ඉස්කෝලෙ කාලෙ අව්වෙ ඉන්න බැරුව බොරු කලන්තෙ දාපුවයෙ ප්‍රතිඵල තමා මේ.... ආං ආං ෆ්ලයිට් එක ආව්ස් කිරි කිරි එලකිරි... ආ අමතක උනා... අපේ ගොන්සාරිස් තිනෙතයා පොරත් අදම ලංකාවට එනවා.. විදේශ විනිමය ටිකක් හොයාගන්න හදනකොටමනෙ මේකා ලංකාවට එන්නෙ..

දැං නිකං අපේ වෑන් එක පේරාදෙනිය මල් වත්ත වගේ.. අපේ අම්මත් ඉතිං... ගමනක් ගියොත් වාහනෙන් එකයි මල් අතුයි මල් පැලයි ඒවට පොහොරයි. තාත්තා දවසක බංකොලොත් වෙන්නෙම අම්මට මල් පැල ඇදලා. නැන්දම්මා අපේ අම්මයි බරටම කතාව.. ආ අපේ අම්මා. අව්රුදු දහයක් විතර කොරියාවෙ උන්නෙ. කරපු රස්සාවනම් මං දන්නෙ නෑ.. කොහොමහරි අපේ ඩඩාවත් එහෙම්ම තමා හම්බෙලා තියෙන්නෙ.. ඩබල එහෙන් සෙට් වෙලා මෙහෙ ඇවිත්.. අපරාදේ මං ඉපදුනාට පස්සෙම ආවනම් හෙන ගහනවද?? නෑනේ

වෙලාවට අර ඉසකුඩිච්චිය ඉස්කෝලෙ උගන්නන ගිහිං.. නැත්තම් මෙතන සකබබරෙ වගෙ කැරකි කැරකි බලබල යයි.. ඩඩා පාඩුවෙ ඩ්‍රයිව් කරනවා... අම්මයි නැන්දම්මයි මල් කඩනවා. මලයයි සප්තලනුයි කොල කඩනවා අහිංසක මං මං ඔහෙ බලං ඉන්නවා කාට කියන්නද ජෙයියනේ මේ නස්පැත්තිය..

කදු හෙල් තැනිතලා පහු කරගෙන වෙල් යායවල් පහු කරගෙන අපේ ගෙදර අ⁣පි ආවා... ආව වෙලේ ඉදලා අම්මට මාව මතක නෑ... බෑනන්ඩියයි නැන්දම්මයි ලොතු වෙලා.. ඒවා අසාදාරණයි අනේ..

රෑ කද්දි සැහ්... මේ තුන්දෙනාගෙ සිරික්කිය බලන්න එපැයි.... අහිංසක මට අපේ සිරිසේනගෙ තැනවත් නෑ.

"ලොකූ... කෑම එක සිරිසේනට දීලා එන්නකො"

සිරිසේන... නොහොත් අපේ ගෙදර බලු රජු... පොර ගේද්දි නම ටොමී... ඒත් මේකව ගේද්දි අපේ ආච්චි පරලො සැපත් වෙලා නෑ... උන්දැ මැරෙද්දිත් සීය පැනලා.. දත් තිස්දෙකෙත් දතක කෑල්ලක් නෑ... හරි. හරි. එතකොට අපේ ආච්චි ලෙඩ ඇදේ උන්නේ... බල්ලා ගෙනාවම ආච්චි කිව්වෙ නැතෑ එයාගෙ හබ්බව මතක් වෙන්න මේනට සිරිසේන කියලා නම දාමු කියලා.. අපේ ඩඩාටත් ඉතිං ආච්චි කිව්වොත් ආයෙ යමගල හරි පෙරලනවනේ.. ඉතිං මුට සිරිසේන කියලා නම දැම්මා..

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now