Crazy In Love-04 pt.2💗

106 30 2
                                    

එදා ඒ බයානක සිද්දියෙන් පස්සෙ මං ළඟ හැට්ට කටු පෙට්ටියක්ම තිබ්බා....

බැක් ටුද ස්ටෝරි...

"එම්බල දුස්ටය..... තා කුමක හයියක් අරගෙනද මාගෙ මතක පුස්තකය කියෙව්වෙ??"

මගෙ කටහඩට පොරත් කොමපියුස් උන්ගා බුන්ගා.... පව් අප්පෙ.... මොන පව්ද?? මේකා බය වෙලා තියෙන්නෙ මං සිංහලෙන් කෑ ගැහුව හිංදා.... හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බෑ වගේ... මේකා කොරියන් පූසෙක් කියලා මට අමතක උනා...

"යාහ්....... කොහොමද මගෙ ඩයරිය කියවන්න හිතුවේ...... පිස්සු පූසාහ්."

⁣මේසෙ උඩ තිබිලා මට හම්බුනේ ක්‍රීම් බෝතලයක්.... අතට අරගෙන අතඇරියා යුංගියගෙ මූණ මැදටම.. පව් අසරණයා..

ඒත්, ඒ ⁣කරේ ගොන් වැඩක් කියලා මට තේ⁣රුනෙ ටිකකින්... පොරගෙයි මගෙයි දුර අඩි හයක් විතර.... අවාසනාවක මහත නම් මා පිටුපසින් වූයේ තීන්ත ගා කපරාදු කර බිත්තියකි....

මේකා........ එන පොට හොද නෑ.. දුවපිය සාරෝ. දුවපිය.. මොන වස්තරයක්ද ඕයි... කකුල් දෙක වැඩත් නෑ...අවසා⁣න මොහොත මාගෙ පෝරකය දෑස මානෙ ඕඕ..... ⁣

මං ඉවරයි සාම්ත මං ඉවරයි....... ඇයි ඕයි මට මෙහෙම ⁣කරේ.... මං මොන වට්ටක්කයක් කරාටද??ඉහික් ඉහික්... මට මතකයි එෆ්බී පෝස්ට් එකක තිබ්බා දෙයියොත් සැලකුවෙ පලතුරු වට්ටි බලලා කියලා.. ඒක ඇත්ත නේන්නම් ඒ කාලෙ අම්මලා මට තිබ්බ බාරවල හැටියට මේ වෙනකොට මං ලංකාවෙ ජනාදිපතිත් වෙලා හුවැහ්...

එන ඕනෙම දේකට එකට ඉමුයි කියලා කියන්නවත් ස්කූල් ලව් එකක්වත් නැති උන හැටියක්... කරුමෙ පස්සෙන් එනවා කියන්නෙ මේකට තමා... හුවෑහ්.. මට බෑ ඕයි...............

මගෙ මොලෙ ඇතුලෙ  ඩෙංකුටු ඩෙංකුටු ගහද්දි මං මෙතන ගල්ටික් වෙලා... යුංගි මූ යුංගි නෙමේ හුංගි.... අනිත් නම මට කියන්න හිත දෙන්නෙ ඤැහ්. එනිවේ යුංගි කියන ඒ නරුම පූසා මං ලගට එනවා. මං පස්සට යනවා. 

මුවා පන්නනවා තිස්ස දුවනවා. පූසා එනවා.... සාරා දුවනවා...

මේ වෙනකොට ගැලපෙන සිංදුවක්වත් මතක් වෙන්නෙ නෑනේ....

මතක් වෙයම්කෝ....

මතක් වෙන්නෙ ඤැහ්.... ඕනෙ පුස්පයක්.. මට දැං යන්න තැනකුත් ඤැහ්.... කකුල් දෙක අස්සෙන් රිංගන්න තිබ්බත් මේ කෙහෙම්මල පටලං හිංදා ඒක කරන්නත් බැහ්...

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now