Crazy In Love-08💗

86 28 1
                                    

ජය බංදා ලොවේ... මං එනවා මගෙ අම්මේ්්්්්්.

පට්ටම මහන්සියි.. ප්ලේන් වල යන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි.අර සීයලා උණ හෙම්බිරිස්සාවටත් ප්ලෙන් එකේ කෝම යනවද මංදා..

ඔව් මිත්‍රවරුනි මං දැං ඉන්නෙ කටුනායක එයාපෝට් එකේ... අපේ අම්මයි තාත්තයි ඉන්නෝ ඈත මං එනකම් බලාගෙන.. හනේව් ඉතිං දැක්ක කල්.. මං එනවෝ..

මං ඉතිං ඉස්කෝලෙ ඇරුනමඅම්මා ලගට දුවං එන පොඩි එකා වගේ අම්මගෙ ඇගට පැන්නා.

"ලොකූ.. මගෙ කොන්ද කඩන්නද හදන්නෙ?? බහිනවා පොඩි එකෙක් වෙන්නෙ නැතුව."

අම්මා මාව අහකට කොරන ගමන් කීවේ හැටට හැටේ රවන ගමන් එතකොට ඩඩා.. ඩඩානම් මේ නම් මගෙ කව්රුත් නෙමෙයි වගේ අපි දෙන්නා දිහා බලං හිටියේ... ඇයි යකෝ මේ ඩබලට මං නැතුව පාළු දැනිලා නැද්ද .. මොන දැනෙනවද මෙහෙ ඉන්න කාලෙත් මටයි මලයානන්දටයි වඩා වටින්නෙ අම්මගෙ නංගිගෙ දුව සදාවනේ.. කාට කියන්නත.. ආාාා ඒකිත් ඔය ඇවිත් ඉන්නෙ යකෝ කටුනායක එන්නම ඇදුමක් අරං වගේ.. මේකි තවත් සුදු වෙලාද කොහෙද??ගෝරි ගාලා නෙමෙයි කාලාද කොහෙද.! සප්තලම්ව ගේන්න කලින් මේකිවනම් ගෙදරින් පිටුවහල් කරන්න වෙනවා. නැත්තම් ඉතිං කොරියාවෙ එකියක්ට නෙමෙයි ලංකාවෙ එකියක්ටම පුදලා මට වෙන්නෙ ගල් කැට ගනන් කරකර ඉන්න.

සදා... සදා කිව්වට මේකිගෙ නම සදුනි.. මගෙ නැන්දගෙ නොහොත් අම්මගෙ නංගිගෙ එකම දූව රත්නෙ.. එලියෙන් උපාසිකාව උනාට ඕකි ඇතුලෙන් බලලියක්මයි.. මට වඩා අව්රුද්දක් බාලයි.. අපේ නැන්දා සදාට අව්රුදු පහේ වගේ ඉදම්ම රට.. රට රට .. ඉතිං මේ උපාසිකාව අපේ ගෙදරමයි පොඩි කාලෙ ඉදම්ම ඉන්නෙ. සදාගෙ ඩඩා ආමි එකට ගිහිං අකාලෙ මිය ගිහිම්.. යැස් යැස්... ඇත්තටම ගෑණි මට වඩා දෙගුනෙකින් විතර ලස්සනයි. ගෙදරට ඇහෙන්න වචනයක් කතා කරන්නෙ නෑ.. ඒ උනාට බලන්න එපැයි. මායි මලයයි මොකක් හරි කරන්න ගියොත් මේකි'නැන්දෙ අක්කයි මල්ලියි හොර වැඩක් කරනො' නැද්⁣දෙ අක්කයි තිනෙත් මල්ලියි ගහගද්දි නැන්දගෙ මල් වාස්එක බිංදො' නැන්දෙ අක්කා හොරෙන් කිරි පිටි කෑවො.' නැන්දෙ මල්ලි අක්කයි ⁣බෝල ගහද්දි නැන්දගෙ මල් පෝච්චිය කෑවො..' තනිකර කේලම් පප්පියක්.. ඕකි... ඉස්සරනම් මලයා ඕකිගෙ පස්සෙන්මයි.. මලයටත් වල කැපුනට පස්සෙ ඕකත් මගෙ යුද්ධෙට විදේශ ආදාර දෙන්න ගත්තා. අන්තිමේ වදෙන් පොරෙන් පීඨ ගිහිං නැටුම් ටීචර් කෙනෙක් උනාට පස්සෙ තමා අපි වෙලාවට අපිට තව නංගි කෙනෙක් නොහිටියෙ කියලා මටයි මල්ලිටයි තේරුනෙ.

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now