Crazy In Love-03💗

155 44 12
                                    

හවස හයට විතර බොසාගෙ කාර් එකේ අපි ආව ගෙදරකට

හත්තික්කෙ මේක ගෙදරක් නෙමෙයි ඕයි... දිව්‍ය මාලිගාවක්..එතකොට මාලිගාවේ කුමරි මොකාද?? බැරි වෙලා හරි ඒ මමවත්ද?? අඩෝ.... අව්ලක් නෑ මැරෙන්න කලින් කෝම හරි කුමාරියක් වෙනවනේ.. කවදා ලැබෙන දේවල්ද මේම ගෙඩිපිටින්ම මට හම්බෙන්නෙ.

"එන්න ඇතුලට"

බොසා කතා කරද්දියි මං අගහරුවලින් පෘතුවියට කඩා වැටුනේ.. මන්දිරේ ඇතුලට ගියා විතරයි හැට පැනපු ආච්චියෙක් අදල් අදල් කියාගෙන පැන්නෙ නැතෑ මේකගෙ ඇගට පැන්නෙ නැතෑ....

"අදල්..... ඔම්මව බලන්න එන්නම හිතෙන්නෙ නෑ නේද??"

"අනේ නෑ ඔම්මා... මේ ටිකේ වැඩ වැඩියි."

"හරි හරි.... එතකොට මේ දූ....... අදල්ගෙ........."

හරිනෙ හරිනේ....  මේ පිවිතුරු  පවිත්‍ර මාව මේ හාල් පාරු පූසගෙ කෑල්ල කරලා මේ අජුම්මයෙ ලේලි කරගත්තා.... ඒකත් මරු වැඩේ ඉතිං...

"නෑ නෑ.... ඔම්මා.. මේ අර මං කිව්ව කෙනා..  මාත් මෙහෙ වැඩිය නෑනේ.. ඔයත් ඉන්නෙ තනියෙන්නෙ... ඉතිං මං මෙයාට කිව්වා මෙහෙ නවතින්න කියලා."

"අනේ.... අදල් කිව්ව තරම් මේ දූ නරක නැති පාටයිනේ... අදල් හරියට බොරු කියනවා"

ඒකත් හරිනේ මේ මීමා මගෙ සායම කාලා මාවත් කාලා..... හනේ ඉතිං දැං මූණක් කටක් ඇරලා කතා කරන්⁣නෙ කොහොමද?? දෙන්⁣න හිතේ අපේ මලයට දෙනවා මගේ මූණ කුප්පමේනියා සලාදයක් වෙන්නම ඇයි යකෝ.... චොර කරනවා කියලා මෙහෙමත් කරන සිරිතක් තියෙනවද?? හාල්මැසි හුට්ටප්පරයා.

"මීරා.... මේ බඩු ටික උඩ රූම් එකෙන් තියලා ඒක හදලා දෙන්න."

"අදල්... අදරෑට කාලාම යන්න... ඔම්මගෙ අතින් කාලෙකින් කැව්වෙත් නෑනෙ."

මේ මෙතන මම...... ඔයැයිගෙ පුතාට වඩා හොද දුවෙක් ඉන්නෝ... මේ ආච්චි පේනවද මේ මේ?? යකෝ........ මට කවාගන්න මේ රටේ කොල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ... පුතාට කවනෝනම් මේ අහිංසක දුවටත් කැව්වට නරකම නෑ... ඇයි යකෝ මේ අනාතයට ඕවාදරාගන්න බෑ දෙයියො.

_____________________

රෑ කෑමමේසෙදි තමා හොදම දේ උනේ.... මූ මාව කෑවා මං ඌව කෑවා.. මං තමා හොදටම කරේ....

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now