03 ♡

662 166 7
                                    

ok අපි එතන.....ටේ කිව්වෙ කුකීට කෙල ගුලියක් ගිලෙද්දි......ඔව් එයාලා හිටියෙ මැන්ශන් එකක් ඉස්සරහ....ඔව් ඔව් දෙයියනේ මැන්ශන් එකක් ඉස්සරහ...ජන්ග්කුක්ගෙ රියැක්ශන් එක මොකක් වෙන්ම ඇති කියලද හිතන්නෙ....ඒ මනුස්සයා හොදට ම පුදුම වෙලා ඉන්නෙ...

ම ම ම මේ මේ ඔ ඔයාට විශ්වාස ද මේක තමා තැන කියලා ? කියලා ජන්ග්කුක් අහනකොට ටේ හිනා උනා...

ඔව් කූ......එහෙනම් දැන් ගිහින් ඔයාගෙ බෑග් ටික ගන්න...මොකද මමත් වැඩට යන්න එපායැ...ටේ කියනකොට ජන්ග්කුක් ගොරවලා අහක බලාගත්තා...එයා කාර් එකෙන් බැහැලා පිටිපස්සට ගිහින් එයාගෙ බෑග්ස් ටික ඔක්කොම එලියට ගත්තා...ඊටපස්සෙ හිනාවෙවී ම එයාගෙ බෑග් එකේ හැන්ඩ්ල් එක උඩට ඇදගත්තා...

හොදයි..එහෙනම් යන්න..මම යන්න ඕනේ..පරිස්සම් වෙන්න...ටේ එහෙම කියලා අතත් වනාගෙන එතනින් යන්න ගියා...

ජන්ග්කුක් ගැඹුරු හුස්මක් අරගෙන ටිකක් කලබලකාරී සිතුවිලිවලින් ම මැන්ශන් එක දිහා බලන් හිටියා...

ඔයා නිර්භීතයි ජන්ග්කුක් ...ඔයාට පුළුවන් මේක කරන්න...ෆයිටින්..එයා එයාව ම මෝටීවේට් කරගන්න එහෙම කියාගන්න ගමන් බෑග් ටිකත් අරගෙන ම එතන තිබුනු පාත් එක දිගේ දොර ලගට ඇවිදන් ගියා...එයා ඩෝ බෙල් එක ගහලා ටිකක් බයෙන් වගේ බලන් හිටපු විනාඩි කීපයකට පස්සෙ දොර ඇරිලා එයා ඉස්සරහට ආවෙ එයා නිකමටවත් බලාපොරොත්තු නොවුනු පුද්ගලයෙක්....පාක් ජිමින්....Idol....ඒ වගේ ම ජන්ග්කුක්ගෙ ජීවිතේ ඉදපු one & only ඩැඩී...සරලව ම කිව්වොත් එයා ආදරේ කරන කෙනා...හරි , පලවෙනි දවසෙ ඉදන් ම එයා ෆෑන් කෙනෙක් උනු පාක් ජිමින්...

මම හිතන්නෙ ඔයා තමා තේහ්‍යුන්ග් මට කිව්ව කෙනා...ඇතුලට එන්න...ටිකක් විතර සීතල කටහඩකින් ජිමින් කිව්වා...එයා ඇතුලට යනගමන් වටපිට බලනකොට එයා පුදුම උනා වගේ ම එයා පුදුම උනේ නෑ...ඇත්තට ම කිව්වොත් ඒ දෙක එක ම වෙලාවෙ සිද්ද උනා...එයා සප්‍රයිස් උනා ගෙදර මෙච්චර ලොකු උන එක ගැන....ඒ වගේ ම එයා ස්ප්‍රයිස් උනේ නෑ මොකද එයා දැනන් හිටියා ජිමින්ට මේ වගේ ගෙයක් තියෙන බව...මොකද ජිමින් තමා රටේ ලොකු ම වගේ ම ප්‍රසිද්ධ ම idol උනේ....

ඉතින් මම හිතනවා ඔයා ඔක්කොම රූල්ස් කියවන්න ඇති කියලා.ඒ වගේ ම ඔයා ඒ හැම එක ම ෆලෝ කරනවා නම් හොදයි ...ජිමින් කියනකොට ජන්ග්කුක් ඇත්තට ම ටිකක් කන්ෆියුස් උනා..ජිමින් සාමාන්‍යයෙන් කැමරාව ඉස්සරහ මෙහෙම නෙවේ..හැබැයි ජන්ග්කුක් කවදාවත් දැනන් හිටියෙ නෑ ජිමින් මේ වගේ බියජනක පුද්ගලයෙක් කියලා...
ඇහුනද මම කිව්ව එක ? ජිමින් එක ඇහි බැමකුත් උස්සගෙන ම ජන්ග්කුක්ගෙන් ඇහුවෙ එයාගෙ ආධිපත්‍යය පතුරුවන ගමන්මයි....

ඔව් සර්.....

**************************************

හායි කප්කේක්ස් ❤️ ,

මීටපස්සෙ ටේගෙ ඩයලොග්ස් වැඩිය නෑ...ඒ නිසා මම ජිමින්ට පාවිච්චි කරනවා bold italic font එක හොදද....

පටලගන්න එපා..

කියවලා යන ගමන් ඔය පල්ලෙ තියෙන තැඹිලි පාට තරුවත් ඔබන් යන්නෝ 😁

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now