part 3 🥀💏

1.7K 267 78
                                    

  "උබට මම කිව්වනේ එක පාරක් ඔය මඟුල දා ගනින් කියලා ඇතුලට.. ඇයි යකෝ.."

"හරි හරි දා ගන්නම් අනේ.. මොකද කෑ ගහන්නේ.."

සෙමී රීසයි දෙන්නම මේ උදෙන්ම ආවේ පාර්ක් එකට.. සෙමී ඉස්සර ඉදන්ම ආසයි මේ පාර්ක් එකට.. මේ පරිසරයට.. මේ ශබ්දවලට.. ඇස් පේන්නේ නැති කෙනෙක්ගේ ඇහුම්කන් දීමේ ශක්තිය වැඩි.. සෙමිත් ඒ වගේ..  හිත සංසුන් කර ගන්නේ ඇහුම්කන් දීලා..

ඒත් රීසනම් මේ කෑ ගහන්නේ රීසා ඉද්දිත් සෙමි cane එක පාවිච්චි කරනවට රීසා කැමති නෑ... මොකද එතකොට ගොඩක් දෙනා සෙමි දිහා අනුකම්පා සහගතව බලනවා.. තමන්ගේ යාලුවා කාගෙවත් අනුකම්පාවකට ලක් වෙනවට රීසා පොඩ්ඩක්වත් ආස නෑ..ඒකයි මේ කෙල්ලට කෑ ගහන්නේ..

"උබ මෙතනින් ඉදගෙන ඉදහන්.. මම කන්න මොනාහරි ගේන්නම්.."

"ම්ම්..හරි"

සෙමී pov:

මම රීසත් එක්ක උදෙන්ම ආවේ පාර්ක් එකට.. එත්  රීසා එක්ක ඇවිදින හැම වෙලාවෙම මම cane එක පාවිච්චි කරනවට එයා ආස නෑ.. ඒත් ඇයි කියන්නවත් මන් දන්නෑ.. මහ පිස්සු ගෑනියෙක්..

මගේ ජිවිතේ ආසම කරන තැනක් තමයි මේක.. ඇස්වලින් දකින්න බැරි උනත් මට දැනෙනවා මේ තැනත් හරියට මගේ ඔප්පගේ හිත වගේම ලස්සන ඇති කියලා.. සීතල සුලඟක් මගේ ඇඟ හරහා වදිද්දී මට හිතෙන්නෙම මම අහසේ පා වෙනවා කියලා.. හුළඟ කොච්චර සීතල උනත් මට ඒක ගානක් නෑ.. කුරුල්ලෝ කෑ ගහන සද්දේ... ම්ම්.. මගේ මනස සංසුන් කරනවා.. සමහරවිට එයාලත් මම ආපු සතුටට සින්දු කියනවා වෙන්නැති... මට මේ තැන හොදට හුරුයි.. දැන් මම මේ ඉන්න bentch එක තියෙන්නෙත් ගහක් යට කියලා මම දන්නවා.. ඒ මොකද මගේ ගෙදරට පස්සේ මගේ හිත නිවෙන එකම තැන මේක විතරක්ම නිසා..  පුදුමාකර නිදහසක්  දැනෙන්නේ... මට ඒක වචනෙට පෙරලන්න බෑ.. මොකද ඒ  හැඟීම් කියන්න වචන මදී මට..

"අහ්.. මේක බීපන්...."

රීසා ආවේ hot coffee දෙකක් අරගෙන..  මේ වගේ  සීතල වෙලාවක උනු කෝපී.. ම්ම්...

දෙන්නම උනු කෝපි එකත් බිබී කියෝ කියෝ ඉන්නවා..  රීසා කියන දේවල්වලට සෙමී බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන ඉන්නේ.. දෙන්නගෙම හරි හරියට කතාව.. ඒත් මේ කෙල්ලො දෙන්නා දිහා  ඈත ඉදන් බලාගෙන කෙනෙක් ඉන්නවා.. වෙන කවුරුත් නෙවේ ඒ තේහ්‍යුන්..

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now