part 17 🥀💏

1.4K 211 56
                                    

  "තේහ්‍යුන්ශි ඇවිල්ලද..."

"තවම නෑ.. අපි යන්කෝ.. නැත්තම් perfomence  එකට පරක්කු වෙනවා..."

"ඒත් රීසා.. වෙනදට මේ වෙලාවට එයා එනවනේ..😥"

"එයා එයි අනේ..  උබ play කරලා එන්න කලින් එයා එයි.. දැන් යමන්කෝ මෙතන නහයෙන් අඬන්නැතුව.."

Semi pov:

අදට දවස් දෙකක් වෙනවා මම තේහ්‍යුන්ශිගෙම වෙලා.. ඒ දවස මට කවදාවත් අමතක කරන්න බැරි සුන්දර දවසක්... මම කවදාවත් පසුතැවෙන්නෙවත් දුක් වෙන්නෙවත් නෑ.. මොකද මම හොඳටම දන්නවා මටත් වඩා තේහ්‍යුන්ශි මට ආදරේ කරනවා කියලා... ඒත්.. අනේ මන්දා.. අද තේහ්‍යුන්ශි ආවේ නෑ.. වෙනදට එයා මේ වෙලාවට ඇවිල්ලා මාව තුරුල් කරන් ඉඳලා තමා මාව යවන්නේ.. ඒත් එයා තාම නෑ.... මටත් දැන් ඒ උනුසුම නැතුව විනාඩියක්වත් ඉන්න බැරි වෙලා..  කොහොමද තේහ්‍යුන්ශි ඔයා මට මෙහෙම ලන් වෙන්නේ.. මම ආසයි ඒකට...

රීසගේ කෑ ගැහිල්ල නිසාමයි මම එයා එක්ක පහලට ආවේ...  කමක් නෑ.. තේහ්‍යුන්ශිට මොකක් හරි වැඩක් වැටෙන්න ඇති.. ඉවර වෙන වෙලාවට හරි එයා එයිනේ.. වෙනදා වගේම තමයි.. අදත් මම stage එකට නැග්ගම හැම තැනින්ම වගේ කෑ ගැසීම් අත්පුඩි ගහන සද්ද ඉවරයක් නැතුව... පන්තියේ උනත් හරිම නිහඬව හිටපු මාව... කාගෙවත් අවදානයක් ආපු නැති මාව අද මෙච්චර කට්ටියක් පිළිගනිද්දී දැනෙන සතුට.. මට මේ හැම දෙයක්ම දුන්නේ තේහ්‍යුන්ශි... හැමදාම වගේ මම තේහ්‍යුන්ශිව මගේ හිතේ තියාගෙන play කරන්න පටන් ගත්තා.. වටේ පිටේ ඇහෙන කිසිම දෙයක් මට ඒ වෙලාවේ ඇහුනේ නෑ.. මට ඇහුනේ මගේම cello එකේ හඬ විතරයි.. ඒ වෙලාවේ මගේ මනසේ තිබ්බේ එකම එක දෙයයි... ඒ මගේ තේහ්‍යුන්ශිගේ රූපේ විතරයි...

මම පැයකට වඩා කාලයක් මගේ perfomence  එක ඉදිරිපත් කලා... මට තවමත් ඇහෙනවා 'one more' 'one more Semi' කියලා කට්ටිය කෑ ගහන හඬවල්.. ඒත් ඒ එකකටවත් මට අවදානය දෙන්න ඕන උනේ නෑ.. මට ඕන උනේ ඉක්මනට තේහ්‍යුන්ශි ගාවට යන්න.. එයාට තුරුල් වෙන්න.. එයා ඇවිත් ඇතිද..?
මම එහෙම හිත හිතම රීසා එක්ක changing room එකට ගියා...

"මැනික..."

ඒ තේහ්‍යුන්ශිගේ කටහඬ.. ඔව් එයා ඇවිල්ලා.. මම බලාපොරොත්තුවෙන් හිටපු මගේ ආදරේ ඇවිල්ලා.. මගේ සතුට ... මගේ හැමදේම.. රීසා මගේ අත තේහ්‍යුන්ශිගේ අත් උඩින් තියද්දී මට දැනුනා ඒ අත්වලින් මගේ අත තදට අල්ල ගන්නවා.. ඒත් එක්කම රීසා එතනින් යනවා මට ඇහුනා.. තේහ්‍යුන්ශී දෙපාරක් නොහිතම මාව එයාගේ තුරුලට ගත්තා.. මම ආසම තැන.. මාව නිවෙන තැන.. එයාගේ තුරුල.. මමත් ඇස් පියාගෙනම ඒ තුරුලට තුරුල් උනේ ආදරෙන්...

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now